(විනීතා එම් ගමගේ)
වත්මන් ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර ගැනීමට සුදානම් නැති බවත් තම කණ්ඩායම ඉදිරියේ දී ජනතාවාදී ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ඒ ඔස්සේ ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවැසීය.
මැයි අට වැනි දා යින් පසු අනෙක් පාර්ශවවල අදහස් ද ලබාගෙන ජනතාව වෙනුවෙන් වූ ප්‍රතිපත්ති මාලාව සකස් කරන බව ද හෙතෙම සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුව අසල දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඇමැතිකම් වලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඊළඟ පාර්ලිමේන්තු සැසියේ සිට විපක්ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (27) පෙරවරුවේ කීවේය.
තමන් 16 දෙනාට විපක්ෂයේ අසුන් පනවන්නැයි එම 16 දෙනාගේම අස්සන් සහිත ලිපියක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබිණි.
එහිදී සුසිල් ප්රේ්රමජයන්ත මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
‘‘අපට අවශ්‍ය වුණේ මුළු පක්ෂයේම අය ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයි කියන එක කියන්නයි. නමුත් ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව අපි ඒ සඳහා ඉඩකඩ ලබා දෙමින් හිටියා. අවසාන වශයෙන් මේ විශ්වාසභංග යෝජනාවේ චෝදනා 14 න් 13 ක්ම පදනම් වෙලා තියෙන්නේ බැඳුම්කර වංචාව මතයි. එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීමෙන් තමයි මේ විශ්වාසභංගය මතුපිටට ආවේ. එහි පදනම වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමතික තීරණය අනුව පත් කළ කමිටුව දුන්න වාර්තාව නිසා.
ඒ නිසා ඒක පදනම් කරගෙන ගෙනෙන විශ්වාසභංග යෝජනාවකට විරුද්ධ වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසි කෙනෙකුට බැහැ. ඒ වගේම මේ රටේ ජනතාව දරණ පොදු මතය මැතිවරණ වලින් පිළිබිඹු වෙනවා. තවත් විවිධ ආකාර වලිනුත් පිළිබිඹු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුරක් භාර ගන්න තනතුරක් දෙන්න එපාය , උදාහරණයක් වශයෙන් මටත් කියන්න පුළුවන් ඇමරිකාවේ ජනාධිපතිකම මම භාර ගන්නේ නැහැ කියල.
බාර ගන්නේ නැතුවද, බාර දෙන්නේ නැතුවද? මාර තිත්තයි අප්පා මේ මිදී.
කවුරු හරි කිව්වවත්ද මොනවා හරි බාර ගන්න කියාලා?
ඉස්සෙල්ලම කට්ටියම තම තමන් ලඟ හා කාර්ය මණ්ඩලය ලඟ ඇති වාහන ටික බර දීලා කතා කරපංකෝ නහයෙන් අඬන්නේ නැතිව...
ජනතාව ගොනාට අන්දමින් මේ ගොල්ලෝ පිනුම් ගහනවා !
යහපාලනයට තිබ්බ ලොකුම හෙණයක්... පටන්ගත් දා ඉඳලම කළේ මහින්දගේ කීම අහලා කඩාකප්පල් වැඩමයි. අධ්‍යාපන ඇමැති වෙලා ඉඳිද්දී ළමයි පාසල්වලට දැම්මේ මෙයාගේ බිරිඳයි.
මටත් එපා. ඇඟේ ගැහුවත් මම නම් බාර ගන්නේ නැහැ!
අනේ එපා, ගන්නත් එපා. දෙන දෙයක් අරගෙන අත උස්සපු අය දැන් ගෙදර හිටියොත් හොඳයි. මොකද දැන් රට ඉවරයි. සමාජ සේවයක් කරන්න පුළුවන් හොඳ කෙනෙකුට ඔය තැන දෙන්න. ස්තූතියි බාර නොගන්නවට...
අනේ තෙල් ඇමතිකම බාර ගන්නකෝ !!!
කොහොමද ඕක කිව්වේ...?
තනතුර තිබෙන කාලේදී මොනවද මේ අයකළේ? තෙල් ඇමැතිවෙලා ඉන්න කොට ඒකෙන් ගැහුවා. එ්ක බේරගන්න යහපාලනයට ආවා. වංචා වලින් බේරෙන්න තිබෙන එකම දේ පොහොට්ටුවට හේත්තු වන එකයි.
අනේ ඔයාලට දෙන තනතුරු..
කොච්චර හේදුවත් දැන් නම් ගඳ යන්නෙත් නෑ. ඒ නිසා කවුරුත් ඔය අය ගන්නෙත් නෑ.
කැබිනට්ටුව යනු මෙවැනි ලොකු කටවල් ඇරෙන්නට සාමකාමී ස්ථානයකි.
ඔබතුමාලා ඇමැති තනතුරු වැනි ලොකු ලොකු තනතුරු මම දන්නා කාළෙම ඉඳල දරනවා. නමුත් රට දිනෙන් දින යන්නේ වලපල්ලටයි. මේකෙන් පෙනෙනවා ඔබතුමාලට මේවා කරන්න බැරි බව.... කරුණාකරලා ඔය බැරිවැඩ බාර නොගෙන ඉන්න එක රටට කරන ලොකු උදව්වක්... ලොකු තැන කතාවක් පැවැත්වුවොත් නිතරම කියන්නේ අරය නිසා මේක බැහැ. මෙයා නිසා අරක බැහැ... බැහැ නැහැ කියලයි. මට පෙනෙන විදිහට එතුමා 2020 දී දේශපාලනෙන් විශ්රාමයාවි.. ඔබතුමාත් 2020 ලොකු උත්සවයක් එහෙම තියලා නම්බු පිටින් විශ්‍රාම යන්න.
මෙතෙක් කල් දීපු තනතුරුවලින් රටට සේවයක් කළාද? ඔබට කව්රු හරි තනතුරක් දෙනවා නම් ඔහුත් රටට ආදරේ ඇති කෙනෙක් නොවෙයි..
බොරු කියන්න එපා...