(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා, යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පින්නදූව අතර 91 කිලෝමීටර් කණුව අසලදී කතරගම වන්දනාවේ යාම සඳහා මීගහතැන්නේ සිට පැමිනි පෞද්ගලික බස් රථයක් මාර්ගයේ පෙරලීයාමෙන් රියැදුරු ඇතුළු 17 දෙනෙක් අද (28) උදැසන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
තුවාල ලබා රෝහල් ගත කර අය අතර අනතුරට පත් බස් රථයේ රියැදුරු, පිරිමි ලමයෙක් සහ කාන්තාවන් සිව්දෙනෙක් සිටින බවද රෝහලේ ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම දෙවියන්ගේ ලෝකල් ඒජන්ට්ගේ වැඩ තහනම් කරලා නිසා මේ දිනවල එහෙ ගිහින් වැඩක් තියනවද?
සමහර වාහන අධිවෙගී මාර්ගයේ යාමට සුදුසු නැහැ. ඒවායේ තිරිංග, හරියට වැඩ කරන්නේ නැහැ.... වේගයෙන් ගිහින් තද කරන කොට. මේ ගැන බලධාරීන් සොයා බලා නිසි පියවරක් ගත්තොත් හොඳයි.
අධිවේගී මාර්ග හදපු කෙනා තමයි වැරදි කරු..
මින් ඉදිරියට අධිවේගී මාර්ග හදන කොට එක මන්තීරුවක් දැන් තිබෙන ප්‍රමාණයට වැඩිය අඩි 2-3 පළලට හදන්න. එතකොට අනතුරු අඩුවේවි!!! ගොඩක් අනතුරු වෙන්නේ නින්දයාම සහ රියදුරන් බියවී අනවශ්‍ය කලබලයට පත්වීම නිසායි.
ටයර්වල කට්ට මිලි මීටර් 2ට වඩා අඩුනම් අධිවේගී මාර්ගයට දමන්න එපා. ටයර්වල හුළං ප්‍රෙෂර් නියමිත ගානට තියෙන්න ඕනෑ. තිරිංග හොඳට වැඩ කරන්න ඕනේ...
මම මේ ගැන දවසක් අදාළ පුද්ගලයෙකු සමග මිත්රශීලීව පැවසුවා. ඔහු කිව්වේ පරණ වාහන තියෙන අයටත් අධි වේගයේ අවස්ථාවක් දිය යුතුයි කියලා...