වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය මේ වසර තුළදී නිමා කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට උතුරු කොරියාවනු සහ දකුණු කොරියානු නායකයෝ සූදානම් වෙති.
දකුණු කොරියාවේ සෝල් නුවරදී අද පැවැති ඒකාබද්ධ පුවත් පත් සාකච්ඡාවකදී උතුරු සහ දකුණු කොරියානු නායකයෝ මේ බව නිවේදනය කළහ.
‘සාමය, සෞභාග්‍යය සහ එකමුතුබව සඳහා වන පැන්මුන්ජොම් ප්‍රකාශය‘ යනුවෙන් මෙම ගිවිසුම නම්කරනු ලැබීමට නියමිතය.
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා සහ දකුණු කොරියානු නායක මූන් ජායි-න් මහතා අතර දිනයක් පුරා සාකච්ඡා පැවැති අතර දෙදෙනා අතර විනාඩි 30 ක පමණ කාලයක් පුරා පෞද්ගලික සාකච්ඡාවක්ද පැවැත්විණ.
‘කොරියානු අර්ධද්වීපයේ තවදුරටත් යුද්ධයක් නොපවැත්වෙන බව නායකයෝ දෙදෙනා ඒකමතිකව නිවේදනය කරති‘ යයි එම ප්‍රකාශයේ සටහන් විය.
‘සාමයේ නව යුගයක් උදාවනු ඇත‘ යයි ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි-න් මහතා පැවසීය.
වර්ෂ 1953 දී කොරියානු යුද්ධය අවසන් වූයේ ගිවිසුමක් පදනම් කරගනිමිනි. එහෙත් එම ගිවිසුමට අයත් කොන්දේසි කි‍්‍රයාත්මක නොවූ අතර දෙපිලම වරින් වර එකිනෙකා ඇවිස්සෙන කතා කියමින් යුද්ධයකට යන බවට පාරම් බෑහ.
‘කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ඨික අවි වලින් තොරකිරීමට කිම් ජොන් අන් මහතාත් මමත් එක`ග වී සිිටිනවා. අප දෙදෙනාගේම පොදු එකඟතාව එයයි‘යයි දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසීය.
‘අප එකිනෙකා සමග මරාගන්නා මිනිසුන් විය යුතු නැත. අපි එකමුතුව ජීවත් විය යුතුවෙමු....මේ මොහොත උදාවන තෙක් අපි බලා හිටියා....අපි සේරම‘ යයි කිම් ජොන් අන් මහතා පැවසීය.
දකුණු කොරියාවට පැමිණීම අපහසු වූයේද යන්න කළ විමසීමකදී කිම් ජොන් අන් මහතා පැවසූවේ ‘නැහැ‘ යනුවෙනි.
‘මා අවංකවම බලාපොරොත්තු වෙනවා අද දවයේ මා යොදාගත් මාර්ගය සෑම උතුරු කොරියානුවකුටම මෙන්ම දකුණු කොරියානුවකුටත් ප්‍රයෝජනවත් වේවි කියා‘යයිද කිම් ජොන් අන් මහතා පැවසීය.
‘යුද්ධයක බියකින් තොරව කොරියානු අර්ධද්වීපයේ සාමය සහ සෞභාග්‍ය දැන් අපට අත්විඳින්න පුළුවන්.....මේ මොහොත උදාවන තුරු අපි හැම දෙනාම බලා සිටියා‘ යයිද උතුරු කොරියානු නායකයා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කිව්වා උතුරු කොරියා නායකයා මෝඩයෙක් කියලා. සමහරු කියයි උතුරු කොරියාව දන ගැහුවා කියලා. මමනම් හිතන්නේ ඔහු විවිධ ගැට දාලා ඔහුට වුවමනා වැඩ ටික කරගත්තා. ඔවුන් න්‍යෂ්ටික හා මිසයිල තාක්ෂණය රටේ අාරක්ෂාවට සරිලන ලෙස ගොඩ නැගුවා. තව දුරටත් අත්හදා බලන්න දෙයක් නැති හින්දනේ අත්හදා බැලීම් නතර කලේ. මොනා කලත් ලබා ගත් දැනුම හා තාක්ෂණය නැවත මකන්න බෑනේ. දැන් ඉතින් සම්බාධක ඉවත් කලොත් ඔවුන් දශකයක් යන්න කලින් විශාල සංවර්ධනයක් අත්පත් කර ගනීවි. දැනුත් කොහොමත් ස්වයංපෝෂිත රටක්නේ. අපේ අය චීනෙට කියලා රොකට් අැර අැර ඉඳී
වසර 30 කට වැඩි කාලයක් යුද්දයෙන් විනාශ වුන අපේ රට තාමත් ගොඩ ගන්න අමාරු තත්වයක තිබේද්දි ඒ අත්දැකම් වල කොටස්කාරයින් වුන අපිට මේ දෙරට යුද්දයක් ඇති නොවිමට ගත් උත්සහය නම් අගය කල යුතුමයි...............
මෑත දශක කිහිපය තුළ අසන්නට ලබුණු ඉතාමත් සුභ ආරංචියක්... හරිම සතුටුයි. අපේ හෘදයාංගම සුභ පැතුම්!!! අපි, උතුරු සහ දකුණු කොරියානු රටවල් දෙක එක් සේසත් වෙන දවස ළඟදීම උදාවේවා !!! යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමු. නැගෙනහිර සහ බටහිර ජර්මනිය වගේ....
ජයශ්‍රී !!! , " වෛරය අවෛරයෙන්ම සන්සිඳෙන්නේය". නායක දෙපළටත්, රටවල් දෙකටත්, ජනතාවටත් යහපතක්ම වේවා!!! ලෝක සාමය ඇතිවේවා!!!
මගේ නම් බලාපොරොත්තුව මුළු ලෝකයම යුද්ධයක් නොමැති සාමය පිරුණු ලෝකයක්...
මේක තමා වෙන්න ඕනේ ඉහතින් අදහස් දක්වපු අයගේ අදහස් ඉතාම හොඳයි.
උතුරු කොරියානු නායකයාගේ සහය දකුණු කොරියානු නායකයාට අරගෙන දෙන්න සුපිරි ගේමක් ගහපු ජෙහාන් කෙනෙක් ඉන්නවද දන්නේ නෑ.. අද රෑට දකුණු කොරියානු නායකයා ස්ට්‍රෝබෙරි වත්තකදි කාව හරි හම්බ වෙයිද?.. ඒ හම්බ වෙන්න එන මිනිහා දකුණු කොරියන් නායකයාට " ගරු ඒකාබද්ධ කොරියාවේ ජනාධිපතිතුමා" කියලා අමතයිද?... එතකොට දකුණු කොරියන් නායකයා "එක පාරට ඇමතුවාම හුරු නෑ වගේ" කියයිද?.. එතකොට බොඩිගාඩ් කෙනෙක් අරූට වොන් මිලියන් ගාණක් පුරවපු මල්ලක් ගෙනත් දීලා, එයා ඒක ගණින්න පාත් වෙනකොට පිස්තෝලයක් අදියිද?.. එතකොට ඒ සියලු දෙනාගේ සැම්සුං ෆෝන් රිංග් වෙයිද?...... "සර් ඕක ගන්නම ඕන කෝල් එකක් " කියයිද?....
ධනපතියෝත් හිඟන්නෝත් නොමැති රටක්...
යුද්දයක් නොමැතිව සාමයෙන් ඔය ගැටලුව විසදා ගැනීම පිලිබදව සහ එකමුතු වීම ගැන මම උතුරු දකුණු කොරියාවට සුබ පතමි. දකුණු කොරියාව කියන්නේ අති දියුණු රටක්.