බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය ඔවුන්ගේ තෙවැනි දරුවාට ලූවි ආතර් චාල්ස් යනුවෙන් නම් තැබූහ.
ඒ බව තහවුරු කරමින් බ්‍රිතාන්‍යයේ කෙන්සින්ග්ටන් මාලිගය අද (27) ට්විටර් පණිවුඩයක් ද නිකුත් කළේය. මේ අනුව ලූවී කුමරු බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා බවට නිල වශයෙන් පත්විය.
ලූවී කුමරු උපත ලැබුවේ ඉකුත් සඳුඳා (23) ය. උපත ලබන විට කුමරුගේ බර කිලෝග්‍රෑම් 3.8ක් වූ අතර එයත් සමඟ වසර සියයකට පසු රජ පවුලේ උපත ලැබූ බරින් වැඩිම දරුවා බවට පත්විය.
ලූවී කුමරු බිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ හයවැනි මී මුණුපුරාය.
ලූවි නම කුමරුගේ පියා වන විලියම් කුමරුගේ සහ කුමරුගේ සොහොයුරා වන ජෝර්ජ් කුමරුගේ ද මැදි නමක් වේ. එමෙන්ම ආතර් යන්නද කේම්බ්‍රිජ් ආදිපාද ද වන විලියම් කුමරුගේ එක් නමකි. එමෙන්ම එය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ පියා වන හයවැනි ජෝර්ජ් රජුගේ මැදි නමකි.
අලුත් කුමරුට නම් යෝජනා කිරීමේදී දැඩි තරගයක් දක්නට තිබූ අතර සමාජ මාධ්‍ය ජාල ඒ සඳහා මත විමසීම් ද පැවැත්විණි. එපමණක් නොව ඔට්ටු ඇල්ලීම් ද බ්‍රිතාන්‍යයේ තැන තැන තිබුණු බව වාර්තා විය. ඒ අතරින් ආතර් යන නම මුල් තැන ගෙන තිබූ අතර ඊට පසු වැඩි ඉල්ලූමක් තිබුණේ ජේම්ස් සහ පිලිප් යන නම්වලටය.
නම් තැබීමත් සමඟ අලුත් කුමරුගේ නිල රාජකීය නාමය වනුයේ ‘කේම්බ්‍රිජ් හි ලූවී කුමරු’ යන්නයි. ලුවී යන්න බ්‍රිතාන්‍යයේ ප්‍රකට නම් අතරින් එකකි. ලූවී මවුන්ට්බැට්න් සාමිවරයා ඒ අතරින් ප්රමුඛ පුද්ගලයෙකි. ඔහු බ්‍රිතාන්‍යය රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම නාවිකයකු ද වන්නේය. ඔහු බ්‍රිතාන්‍යය ඉන්දියාවේ අවසාන ආණ්ඩුකාරවරයාය.
ඩේලිමේල් ඇසුරිනි
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියවා ගන්නවත් බැරි නම් දාන වැඩක් පටන් අරං... සිංහල නම් වෙනස් කරන එකට ආණ්ඩුවෙන් පිළියමක් කළ යුතුයි. බලන්න සුද්දො නම් දානකොට පරණ නම් අලුත් නම් කියලා වෙනසක් තියනවද කියලා.
අරිසෙන් අහුබුදුගෙන් නමක් ගත්තා නම් ෂෝයි එකක් ගන්න තිබුණ ලුයිස් ආතර් වෙනුවට ලවයිස් අතුරස් කියලවත් දමන්න කියයි.
අපේ කිරුළේ ඊළඟ හිමිකරුගේ නම කුමක්වෙයිද?
සුරතල් පුංචි කුමරුනි, පෙර කාලයේ සිටි ඔබගේ රටේ සමහර දෙනා අපගේ මේ පුංචි රට විනාශ කර එහි සාරය උරාබී ඔය රාජ්‍යය ගොඩනැගුවත්, අපගේ වෛරයක් නැත. අපේ පැවති ක්‍රමය විනාශ නොකොට, මුතුන් මිත්තන්ගේ ජීවිත විනාශ නොකොට තිබුනේ නම්, අද ලොව සිටින දියුණුම මිනිසුන් අප වීමටද ඉඩ තිබුණා. අපට එසේ වුණත් පුංචි ඔබට යහපතක්ම වේවායි පතමු.
සැප විඳින්න පින් ඇති පුතෙක් මේ අම්මගේ කුසේ ඉපදෙන්න ඇති. මේ ජෝඩුවට වෙන මොකුත් ප්‍රශ්න නැහැ. අපේ අය බැන්දාම, ඉස්සෙල්ලම ණය ටික ගෙවලා, ඉන්පස්සේ ඉඩමක්, ගෙයක්, වාහනයක් ගන්නතුරු දරුවන් හදන්නේ නැහැ. පස්සේ අමාරුවෙන් 1ක් 2ක් හදාගන මුළු ජීවිතේම ඒ වෙනුවෙන් නැහිලා මැරිලා යනවා.
සනත් ළමයිනේ, කවට කමට ගන්න එපා. අරිසෙන් අහුබුදු මහත්තයා කියන්නේ නියම බස් වඩුවෙක්. ඕන වචනයක් ඕන බාසෙකින් කරකවලා උන්නැහේට පුළුවනි අමුතු විදිහේ නිරුක්ති සපයන්න. මහාචාර්ය සුචරිත ගම්ලත් කීවේ ඒක අහස පොළව ගැට ගහන නිරුක්ති ක්‍රමයක් කියලා! එක භාෂාවක් පමණක් දන්නා කෙනෙකුට භාෂා විශේෂඥයෙක් වෙන්න පුළුවන් කමක් නැති බවත් ඒ එක්කම කියන්න වෙනවා!
පිටරට පදිංචියට ගිය සමහර ලංකාවේ උදවිය නම් දැන් ළමයින්ට ඉංග්‍රීසි නම් යොදන්නේ. උපන් වෙලාව දීලා ලංකාවෙන් ගෙන්නගත්තු නම් කියවන්න... ඒ රටවල මිනිස්සුන්ට තියා ළමයාගේ දෙමව්පියන්ටත් බැරිලු.