රංජිත් රාජපක්ෂ
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (27) යලි යථා තත්ත්වයට පත් කෙරිණ.
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නාවලපිටිය සහ උලපනේ දුම්රිය ස්ථාන දෙක අතර පල්ලේගම 84 වැනි සැතපුම් කණුව අසල පීලි පැනීමට ලක් වීමෙන් එම දුම්රියේ දෙවැනි සහ තුන්වැනි පන්තියේ මැදිරි හතරක් පීලි පැන තිබුණි.
එම පීලි පැනීමෙන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදු විය. පීලි පැන තිබූ දුම්රිය මැදිරි පීලිගත කර කැඩී ගොස් තිබූ දුම්රිය මාර්ගයද අලුත්වැඩියා කර උඩරට දුම්රිය මාර්ග ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය මාර්ග නඩත්තු අංශ නිලධාරීහු කටයුතු කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීලි පනින්නේ නැතිනම් විතරක් පත්තරේ දාන්න. මේක අහල එපා වෙලා...