(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ආරම්භ කර සුළු වේලාවකින් ශබ්ද විකාශන යන්ත්‍ර නොමැති බව පවසමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් අද (27) සභාව කල් තැබුහ.
මංගල සැසිවාරය සඳහා සියලුම පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් සියලු දෙනා පැමිණ සිටි අතර සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා විසින් සියලු දෙනා පිළිගෙන සභාවේ කටයුතු ආරම්භ කළ නමුත් මද වේලාවකින් තමන්ට සභාවේ කිසිදු දෙයක් ඇසෙන්නේ නැති බව පවසමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු චෝදනා කළහ.
එහිදි පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර ඇතිවු වචන හුවමාරුව නිසා සභාවේ එකම කාලගොට්ටියක් බවට පත්වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එල්.අනුෂ්ක ප්‍රියශාන්ත මහතා විසින් රාජ්‍ය ඇමැති පාලිත රංගේ බංඩාර මහතාගේ කාර්යාලයේ තිබු ශබ්ද විකාශණ යන්ත්‍රයක් සභාවට රැගෙන ඒමත් සමඟ සභාව තවත් උණූසුම් විය.
කිසිදු යෝජනාවක් සම්මත කිරිමක් සිදු නොවු අතර ශබ්දවාහිනි ගැටලුව නිසා ප්‍රථම මංගල සැසිවාරය කල් තැබීමට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිදුවිණි.
සභාව කල් තැබීමත් සමඟ ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන දොරටුව ආසන්නයේ රැදි සිටි පිරිසක් නව සභාපතිවරයාට හු කියමින් රතිඤඤා පත්තුකර විරෝධය පළ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල මහජන ප්රශ්නයක්. පහුගිය දවස්වල තිබුනේ කෑම ප්රශ්න, දීමනා ප්රශ්න, සභාපතිගේ වාහනේට ඉන්ධන ප්රශ්න ආදී පොදුජන හිත සුව ප්රශ්න විතරයි. තව තව මොන මොනවා එයිද?
දහ පහලොස් දෙනෙකුට ඇහෙන්න කථාකරන්න තරම්වත් කට පණ ඇති අය නොවෙද මේ ප්රාදේශිය සභාවට පත් කරලා ඉන්නේ. මොන දේශපාලන පක්ෂයෙන් ආවත් මොන මතය නියෝජනය කලත් තමන්ගේ ප්රදේශය නියෝජනය කරන නායකයන් හැටියට තිබෙන ප්රශ්ණ ශිලාචාර විදිහට කතාබහා කරලා විසදගන්න තරම් බුද්ධියක් හා සංවර බවක් නැති මිනිස්සු ටිකක් තමන්ගේ ප්රදේශය පාලනය කරන නායකයන් ලෙස පත්කර ගත් ආණමඩුවේ බුද්ධිමත් ජනතාවට අපගේ ප්රණාමය.