(නාලක සංජීව දහනායක)
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ලබාගැනීම සඳහා තමන් සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවැසීය.
විපක්ෂයේ බහුතර මන්ත්‍රීන් පිරිසක් හිමි ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකධූරය හිමි බවත්, එය ලබා ගැනීම සඳහා දේශීයව හා ජාත්‍යන්තරව ක්‍රියාමාර්ග රාශියක් සංවිධානය කරමින් පවතින බවද කීය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
නිල විපක්ෂයට වඩා අපේ මන්ත්‍රීධූර වැඩියි. ඔහු පත්වුණේ වැරදි විදියටයි.මේ සත්‍ය තත්ත්වය තේරුම්ගෙන විපක්ෂ නායකතුමා තනතුරින් ඉල්ලා අස්වෙනවානම් හොඳයි. ඔහු ඉල්ලා අස් නොවෙනවා නම් ඔහුව තනතුරින් ඉවත් කරන්න අපි දේශීයව හා ජාත්‍යන්තරව වැඩ පිළිවෙලක් සංවිධානය කරගෙන යනවා. විරුද්ධ පක්ෂය ජනතාව වෙනුවෙන් හඬ නැඟිය යුතුයි.
නමුත් අපේ විපක්ෂනායකතුමා ජනතාවගේ දුක වේදනාව ගැන කතා කරන්නේ නැහැ. ඔහු හැමවිටම ආණ්ඩුව සමඟ එකතුවෙලා කටයුතු කරනවා. මෙහෙම විපක්ෂනායකවරු ලෝකයේ කොහේවත් නැහැ.
මහරගම, ඇල්හේන මාවතේ පිහිටි මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඡායාරූපය -ලහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අසාවනේ, කව්රුහරි දෙන්න, බලය ඉක්මනට ගන්න. ඊට පස්සේ හොද්ද හොඳයි. කියන දේට අත උස්ස උස්ස ඉන්න එකනේ තියෙන්නේ...
අපේ රටේ විපක්ෂනායක කමට රාජපක්ෂලගේ පොල් ලෙල්ලක් අවශ්‍ය නැත.
ලංකාවේ විපක්ෂය දන්නේ නැහැ විපක්ෂයේ කාර්ය මොකක්ද කියලා. ජනතාවගේ හඬ නගනවා කියල කරන්නේ කකුලෙන් අදින එක. ජාති භේදයක් කරලා හරි බලයට එන්නයි හදන්නේ...
මේ වගේ කුහක දේශපාලනයක් කොහෙවත් නැහැ. අවිස්සාවේල්ල, හංවැල්ල, කොස්ගම, පාදුක්ක පළාතේ මිනිසුන්ගේ ඡන්දෙන් බලයට ආව මේ මිනිහා ඒ මිනිස්සු වෙනුවෙන් මෙලෝ දෙයක් කළේ නැහැ.
විනයක් ඇතුව කතා කරන්නවත් දන්නේ නැති කෙනෙකුට මොන විපක්ෂ නායකකම්ද?
වීරයන් ලෙස පෙනී සිටිමින් කිසිම ඵලක් නැති දේවල් දොඩව දොඩවා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරමින් වලි අදින කමකට නැති වාචාලයන් එලවා දැමිය යුතු කාලය පැමිණ ඇත.
විපක්ෂ නායකකමට දිනේෂ්, වාසු වැනි අය කිසිසේත් සුදුසු නොවේ. මන්ද යත් ඔවුන් ප්‍රායෝගිකව සිතන්නෝ නොවෙති. සැමවිටම අන්තවාදීන්ය...
මේ කියන්නේ මහා වැඩකට නැති දේශපාලකයෙක්. මෙයා පරණ හොරුන්ගේ හොඳ වන්දි භට්ටෙයක්. ප්‍රකෝටි ගණන් මහජන මුදල් හොරාකාපු රජා කරේ තියාගෙන යන්නේ ආයිමත් රට අල්ලන්න. මහ ජනතාව බුද්ධිමත්ව මේ දෙස බලන්න.
ඊට වඩා හොඳයි පාරේ ඉන්න කාටහරි දෙනවා.
ඔය ප්රශ්නය පැන නගින්නේ නැහැනේද? පසුගිය මැතිවරණයේදී වෙනම පක්ෂයක් වශයෙන් තරග කළා නම්, ජනාධිපතිතුමාගේ පක්ෂයෙන් තරග කර දිනුවට පස්සේ විපක්ෂයට ගිය එක සාධාරණ නැහැ. විපක්ෂ නායකධුරය ලබාගැනීමට දෙස් විදෙස් සහය ලබාගෙන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා කියන්නේ ඔය ආධාර ලබාගෙන දුප්පතුන්ට සේවයක් කළොත් ලබන වාරයේ ඡන්ද ප්‍රමාණය වැඩිකරගන්න පුළුවන් නේද?
විපක්ෂ නායක ධුරය බාර ගන්න මමත් කැමතියි. මට පුළුවන් ඇති එකෙයි, නැති එකෙයි හොඳට වැරදි හොයලා කියව කියවා ඉන්න. එ්ත් වැඩ කරන්න අමාරුයි. චාන්ස් එකක් තියෙයිද?
එකෙකු පරයමින්, අනෙකා හොරකම් කරන, මේ රටේ ඉන්න හොර තක්කඩි සිංහල දේශපාලකයින්ට වඩා, දෙමල දේශපාලකයින් හොඳයි. අඩුතරමේ ඔවුන්ට තම ජාතිය ගැනවත් කැක්කුමක් තියන දේශපාලන නායකයින්. ඔවුන් මේ රටේ නායකත්වයට පවා සුදුසුයි. ඒ ද්‍රවිඩ දේශපාලන නායකයින්, තමන්ගේ දෙමල ජාතිය මේ හොර තක්කඩින්ගෙන් බේරාගැනීමට සියලුම උත්සාහයන් වල නිරත වෙන අතර, සිංහල නායකයින් එකිනෙකා, කොටා ගනිමින්, ඇනගනිමින්, කඩාකප්පල් කරමින් ජනතාවත්, රටත්, විනාශ කරමින් ඔවුන්ගේ මඩිය තරකරගනිමින්, රටේ නීතියද වලපල්ලට යවමින් මේ රට මෙලෙච්ජයින්ගේ පාරාදීසයක් කොට හමාරයි. මේ අමනොඥ පාලකයින්ගෙන් හා තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් හා බඩගෝස්තරය වෙනුවෙන් මේ පාලකයින්ට කත් අදින අමන රැලෙන් මේ රටේ ජීවත් වෙන යහපත් පුරවැසියන් බේරා ගැනීමට ලොව වෙසෙන උතුම් ජාතියක උතුම් නායකත්වයක් මේ රටට අවශ්‍ය කාලයක තමයි අපි මේ පසුවන්නේ.
මේ රටේ ඉන්න අම්බරුවන්ට නායකත්වය දෙන්න ඔබතුමාට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා.
මමත් දැන් අපේ හොරුන්ව එපාම වෙලායි ඉන්නේ. පාර්ලිමේන්තුවට යවන්න සුදුසු ඇත්තන් `සිංහල - බෞද්ධයන්` අතර දුර්ලභයි. එහෙම නැත්නම් `සිංහල බෞද්ධ` ඡන්ද දායකයෝ පුරුද්දට වගේ ඡන්දෙ දෙන්නේ හොර තක්කඩින්ට... ආර්. සම්බන්තන් මහතා හෝ ආනන්ද සංගරී මහතා ජනාධිපතිවරණයට ඉල්ලුම් කලොත් මම ඡන්දෙ දෙනවා! අපේ උන්නැහේලා මෙච්චර කාලයක් කාපු එක... ඒ ගොල්ලන්ටත් ටිකක් හරි කන්න දෙන්න එපායැ!.
මෙයා කොහොමද විපක්ෂ නායකකම ගන්නේ? මෙයා ලැයිස්තුවෙන් ආපු කෙනෙක්... 225 ම රටින් තුරන් කළ යුතුයි.
බොරලුගොඩ සිංහයෝ මැදමුලන කටු කන බව අපි දැනගෙන නම් ගොඩක් කල්. බද්රානි ඔබේ කතාව සමග මමත් එකඟයි.
බොරලුගොඩ සිංහයෝ ජාන විකෘතියක් වෙලා දැන් භේරනාද දෙනකොට ඤාව් සද්දේ තමයි පිටවෙන්නේ... විපක්ෂ නායකකමට හිටපු ජනාධිපතිතුමා තමයි හොඳ...
ඕනා එකටයි, එපා එකටයි බුරන අපේ ගෙදර බල්ලත් විපක්ෂ නායකකම ඉල්ලයිද කියලයි මම මේ කල්පනා කලේ? එක අතකට, බල්ලන්ටම ගිය රටේ නායකකම් මොන බල්ලට ගියත් අපිට මොකද?
මෙයා තමන්ට මිසක් දේශපාලනයෙන් රටට මොකක්ද කරලා තියෙන්නේ? මෙයා සාරිවල සාටක වල එල්ලුනේ රටට වැඩක් කරන්නද? නැත්නම් පාර්ලිමේන්තු රස්සාව රැකගන්නද?
ඉස්සර කාලේ රටේ තිබුනේ මහජනයාගේ රැකියා ප්රශ්නය.. දැන් කාලේ තියෙන්නේ දේශපාලකයන්ගේ රැකියා ප්රශ්නය... අනේ අපොයි!
නිවට පින්ගුත්තරයින්ට නොතේරුණාට කොටි ත්රස්තවාදීන්ගෙන් රට නිදහස් කර ගැනීමට දේශපාලන නායකත්වය දුන්නේ මහින්ද මහත්මයා බව රටට ආදරය කරන කවුරුත් දන්නවා. කොටියා වෙනුවෙන් විදේශයන්ට අනුව ද්‍රෝහී වූ රනිල්ලා සමග එකතු වී සිටින ෆොන්සේකා හමුදා සේවයටත් ලැජ්ජාවක් බවද කිව යුතුයි.