(කේ ඩි දේවපි්රය )
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කතරගම ප්රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා අද (27) ප්රාදේශිය සභාවේ සභා වාරය සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් සභාවට රැගෙන එනු ලැබීය.
පසු ගිය ජනවාරි මාසයේ දි පුද්ගලයකුට කතරගම පොලිසියේ නිළධාරියකු වෙඩි තබා ඝාතනය කීරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සභාවට පැමිණි චානක අමිල් රංගන මහතාගේ කුඩා පුතු සිය පියාගේ උකුලට පැමිණ ‘තාත්තේ යමු ගෙදර අපිට තාත්තා නැතිව ගෙදර ඉන්න බෑ . තාත්තා අපු බස් එකේ මමත් රැගෙන යන ලෙස කැඩුණු බසින් කුඩා දරුවා චානක අමිල් රංගන මහතා අමතා පැවසිය. කාගෙත් අනුකම්පා සහගත වු දර්ශනයක් විය.
චානක අමිල් රංගන මහතා ලබන 02 වැනි දින දක්වා බන්ධනාගාර ගත කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මිය ගිය කෙනාගේ පුතාට මොනවද කියන්නේ එයාගේ තාත්ත ගැන...?
මේ මිනිසුන්ට කිසිම ලැජ්ජාවක් නැහැ. අත් උස්සලා පෙන්නන්නේ ලොකු දෙයක් කළා වගේ. බන්ධනාගාරයේ ඉන්නවා නම් නිවැරදි වෙනතුරු පැත්තකට කරලා තියන්න බැරි මොකද?
විජය කුමාරතුංගගේ, මමයි රජ මතක් වෙන්න ඇති. ලංකාව තරම් නිදහසක් තියෙන රටක් ලෝකේ වෙන කොහෙවත් ඇත්ද? පොලිසියේ නිලධාරියකුට වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරපු පුද්ගලයෙකුට ප්රාදේශිය සභාවේ සභාවාරයට එන්න පුළුවන් කියන්නේ. මොකක්ද මේ ක්රමය? රටේ වැඩ කරන්න වෙන පුද්ගලයෝ නැද්ද? හැමදාම තුන්වන ලෝකයේ, දියුණුවෙමින් පවතින රටක් කියා කියා ඉම්මු එහෙනම්.
මෙයාට දේශපාලනයේ හොඳ අනාගතයක් තියෙනවා.
මේ වගේ මිනිස්සු තමයි දේශපාලනය කරන්නේ... මොකද මොවුන්ගේ ලැජ්ජා නහර, ශිෂ්ටසම්පන්න නහර සියල්ල කපා ඇතිබැවින්. ඇයි ඔය සිරගත කරන මැරයන්, අපරාධකරුවන්, චූදිතයින් මෙසේ අත් ඔසවා දඬුවම් බ්රේස්ලට් නොහොත් මාංචු නොපෙන්වන්නේ ආරක්ෂක නිලධාරීන්ගේ මර්ධනය නිසා හෝ ඔවුන් භයානක අපරාධකරුවන් වුවත් ඔවුන් සතු සියලු නහර සියල්ල හරි හැටි ඇති බැවින් විය යුතුයි. මිනිසුන් මෙවන් අය දෙස බලා නොසිට හූ කිය යුතු යැයි සිතමි. මේ රටවල මෙන් ප්රදර්ශනය නොකර වීදුරු නොමැති ආරක්ෂිත වාහන යොදාගනිමින් පිටට නොපෙනෙන සේ උසාවි වලට සහ අදාළ ස්ථාන කරා ගෙන ඒම සහ ගෙන යාම කළයුතුය.