(මනෝප්‍රිය ගුණසේකර)
මහාධිකරණ විනිසුරුවන් නොවන පිටස්තර පුද්ගලයින් කෙළින්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ගතයුත පියවර කුමක්දැයි සාකච්ඡා කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (28) උදේ 9.00ට ආරම්භ විය.
කොළඹ මහාධිකරණ සංකීර්ණයේ අංක 1 මහාධිකරණ ශාලාවේ මෙම විශේෂ මහ සභා රැස්වීම පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක ඒකාධිපති බලතල තියෙන පුද්ගලයෙකුට කරන්න බැරි ගෑනියක්, මිනිහෙක් කරන්නයි, එ්කේ අනික් පැත්තයි විතරයි කියලා... ඔය ක්‍රමය අපිට උරුමකරලා ගිය උතුමා කිව්වා මට අදවගේ මතකයි. සාකච්ඡා කරලා එතුමා දැනුවත් කරලා සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියනවා කියලා කිව්ව නම් පැනනැගිලා තියෙන අවුල මගහැරගන්න ඇහැක්වෙයි.
ඔය ක්‍රියාව පටන්ගන්න කොට නිශ්ශබ්දව ඉඳලා වැඩේ බරපතල වෙනකොට මොකද කරන්න ඕනේ? තුවාලේ ඔඩුදුවන්න ඉස්සෙල්ලා හොඳ කරගත්ත නම් නේද හරි විදිය? ගෞරවාන්විත විනිසුරුතුමන්ලා දන්නවා රාජකාරි මටමින් කීදෙනෙකු, නිලයේ නිසි සුදුසුකම් නොමැතිව ඉන්නවද කියලා. තවත් උතුමන්ලා කීදෙනෙකු දැනටමත් නූගත් උදවියගේ උපකාර බලාපොරොත්තු වෙනවද කියලා. තව උතුමන්ලා කිහිපපොලක් නිලයේ ගෞරවාන්විත භාවයට නුසුදුසු ලෙස හැසිරෙනවද කියා...
ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවන් තෝරා ගන්නා ක්‍රම 3කි. එනම් මහාධිකරණ විනිසුරුවන් අතරින්, නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් අතරින් සහ පෞද්ගලිකව නීතීඥ වෘත්තියේ නිරත ජේෂ්ඨ නීතීඥයන් අතරින් (මෙහි 3 වන ක්‍රමයට කෙනෙක් තෝරා ගන්නේ ඉතා කලාතුරකින්). මෙය අතීතයේ සිට පැවති සම්ප්‍රදායයක් මිස අලුත් දෙයක් නොවේ. කුමන ක්‍රමයෙන් තෝරා ගත්තත් ජනාධිපතිතුමා යෝජනා කරන නම නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කොලොත් පමණයි පත් කිරීමක් කල හැක්කේ (19 වන ව්‍යවස්ථා සංශෝධය අනුව). මෙහිදී වී ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ මැසිවිල්ලක් තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන්ට අවස්ථාව දීම නිසා ඔවුන්ට ඇති උසස්වීම් අවස්ථා කප්පාදුවක් වෙනවා කියා. හැබැයි මෑත කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත්වීම් ලැබූ විනිසුරුවරුන් ඒ සඳහා උචිත විශිෂ්ඨ අය බවයි මගේ හැඟීම...
සුගන්ධිකා ප්‍රනාන්දු ඔබට ජයවේවා !!! ඔබනිසා දැන් මේ ගොල්ලෝ ගල් කාපු දෙබරයින් වාගෙයි.
පහුගිය කාලේ නිදන් හිටපු අය ඔක්කොම වගේ මේ වෙනකොට ඇහැරිලා වගේ ...
මෙවැනි හදිස්සි රැස්වීමක් කැඳවිය යුත්තේ සුගන්ධිකා ප්‍රනාන්දු මැතිනිය හෙළි කල වැඩ ගැන පරීක්ෂණයක් කරන්නයි.
දන්නේ නැති නිසයි අහන්නේ... ලංකාවේ නීතියක් තියෙනවද? ඒ මොනවගේ නීතියක්ද? සල්ලි නැති... බලය නැති ලංකාවේ නීතියෙන් පිහිටක් තියනවද?
හෙඩිම දැක්කම මම හිතුවේ රැස්වීම අවසානේ " අපි නඩු කල් නොදා ඉක්මනින් විසඳමු" වගේ තීරණයක් ගන්න වෙන්න ඇති රැස්වුනේ කියලා. මම රැවටුණා. තමන්ගේ උසස්වීම් ගැනයි මේ රැස්වීම. ඉඩම් නඩු අවුරුදු 20ක්, 25ක් තියෙනවා. දූෂණ නඩු වල තීන්දුව දෙනකොට ඒ කාන්තාවගේ දරුවොත් දීග දීලා ඉවරයි. අනේ අපි කවදාක සැනසෙමුද මේ රටේ?
මේක මම දන්න ඉතිහාසයට අනුව ජෙ.ආර්.ගේ කාලයේ ඉඳලාම සිදු වූ දෙයක්. ජේ.ආර්. අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා ඒ ව්‍යවස්ථාවට අනුව ඉහල උසාවිවල විනිසුරුවන්ගේ තනතුරු අහෝසි වෙන්න සලස්වලා තමන්ගේ යහළු මිත්‍රයින් හා පාක්ෂිකයන්ගෙන් අධිකරණ පද්ධතියේ පුරප්පාඩු පුරවන්න පටන් ගත්තා. ඒකට හොඳම උදාහරණය තමයි එවකට අගවිනිසුරු ලෙස පත්කල රාජ නීතිඥ නෙවිල් සමරකෝන් මහතා. ඔහු කිසිදා උසාවියක විනිසුරුවරයකු ලෙස සේවය කර නොමැති බවයි සඳහන් වෙන්නේ... නමුත් ඔහු ජේ.ආර්. සමග නීති විද්‍යාලයේ එකට අධ්‍යාපනය හදාරා ඇති අයෙකි. ඒ වගේම ඔහු ජේ.ආර්. ගේ බලාපොරොත්තු බිඳ දමමින් මෑත ඉතිහාසයේ සිටිය අාදීතම හා එඩිතරම අගවිනිසුරුවරයා ලෙස ගෞරවයට ලක්විය.
ඊළගට බලයට පැමිණි ප්‍රේමදාස සහා චන්ද්‍රිකා යුගවලදී විනිසුරුවරුන් පත්කිරීමේදී බරපතල දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම් වාර්තා නොවූ අතර මහින්දගේ යුගයේ ජේ.ආර්. ටත් එහාගිය හා අශෝභන සිදුවීම් දක්නට ලැබෙන්නට විය. මේ මොන දේ සිදු වුනත් අධිකරණ විනිසුරුවන්ගේ කිසිම විරෝධයක් හෝ උද්ඝෝෂණයක් වාර්තා නොවුනු අතර මුල්වරට හෝ මෙවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීම ප්‍රශංසනීයයි.
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා අගවිනිසුරු කළ යුතුයි.
රන්ජන් මැතිතුමා අගමැතිකර, සුගන්ධිකා ප්‍රනාන්දු මැතිනිය අගවිනිසුරුතුමිය කරවමු..
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා අධිකරණයේ ඉහලම තැනට ගෙන ඒම කාලෝචිතයි.
අපේ රටේ ඉඩම් නඩුවක් විසඳන්න අවුරුදු10 -25ක් පමණ කාලයක් ගතවෙනවා. අපරාධ නඩුවක් අවුරුදු 5-15 අතර කාලයක් ගතවෙනවා. ලෝකයේ දියුණු රටවල අපරාධ නඩු බොහෝවිට මාස 2-3 ඇතුළත විසඳනවා. අසල්වැසි ඉන්දියාවේත් කලාපයේ වෙනත් රටවලත් ගතවන්නේ අපට ගතවන කාලයට වැඩිය විශාල අඩු කාලයක්... ලංකාවේ බොහෝවිට දිනපතා එක අධිකරණයක 200- 500 අතර පිරිසක් රස්තියාදු වෙනවා. කැඳවන නඩුවලින් 70% විතර කල් යන බව පෙනෙනවා. උසාවි වල රස්තියාදු වන ශ්‍රම බලකාය නිසා නඩු විසඳීමට විශාල කාලයක් ගන්න නිසා රටේ ආර්ථිකයට වන පාඩුව, යුද්ධ කාලයේ වූ පාඩුවට වැඩි මිසක් අඩු නැත. මෙම කල්යන නඩු අධිකරණයේ ගොඩ ගැසෙන නිසාත්, ඉදිරියේ රටේ වැඩිවන ජනගහනය නිසාත් මෙම ප්‍රශ්නය අනාගතයේදී බරපතල වන බව පෙනේ. කරුණාකර ඔබතුමාලට බැරිද, ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන ක්‍රියාධර්මය අධ්‍යයනය කරලා අපේ ක්‍රමයත් වැඩි දියුණු කරන්න.
මෙයාලව ඇහැරවන්න සුගන්ධිකාටම එන්න වුනා.
බැරි වෙලාවත් අපේ නඩුකාර හාමුදුරුවෝ ඉස්ට්‍රයික් කෙරුවොත් මල කෙලියයි.. පිට රටින් නඩුකාර උන්නාන්සේලාව වැඩම කරන්න සිද්දවේවි නේද?