(පද්මසිරි ගාර්දියවසම්)

හුංගම කලමැටිය මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු අද  සවස  මුහුදේ සැඩ රළ පහරකට හසුව දියඹට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හුංගම පොලිසිය කියයි .

මෙයින් සිසුන් දෙදෙනකු  සොහොයුරන් බවද පොලිසිය පවසයි .

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ හුංගම තුඩුව  පදිංචි ඩබ්ලිව්.ජී.පසිදු හේෂාන් (අවු :18), හුංගම තුඩුව ආර්.පී.අශාන් දුලංජන ( අවු :17) සහ  ආර්.පී. තුෂාන් දිලූෂ (අවු :12) යන පාසල් සිසුන් තිදෙනාය .

මෙම තිදෙනා හුංගම විජයබා ජාතික පාසැලේ 13, 12, සහ 07 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුන් බවද පොලිසිය පවසයි .

මෙම තිදෙනා සමග තවත් තරුණයකු මුහුදේ නෑමට ගොස් ඇති අතර ඔහු සැඩ රළ පහරින් බේරී ඇතැයි පොලිස් කියයි .

හුංගම පොලිසිය ,තංගල්ල නාවික හමුදා කදවුරේ නිළධාරින් ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් සිසුන් සොයා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .