
(සුජිත් හේවාජුලිගේ)
ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන මෙනින්ජයිටීස් හෙවත් මොළේ උණ රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත
මෙම රෝගයෙන් ළමයින්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට වැඩි වශයෙන් බලපෑම් සිදුකරන බවත් වෛරසය වැළඳුණු රෝගීන් පසුගිය අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ
එමෙන්ම, නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම රෝගය ව්‍යාප්ත වී ඇති බවට හඳුනාගෙන ඇත
ඒ අනුව වසංගත රෝග විද්‍යාත්මක හා පාරිසරික විමර්ශන මගින් පොකුරු වශයෙන් මෙන්ම තැනින් තැන වාර්තා වන රෝගීන් හඳුනාගෙන ඇති බවත් මෙම රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් සඳහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd