
(සුජිත් හේවාජුලිගේ )
අනුරාධපුර අටමස්ථානාධිපති ධූරයේ කටයුතු ආවරණය කිරීම සඳහා ඉරුවන්වැලි සෑ වෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ පත් කරනු ලැබ සිටිති
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පැවැත්වෙන නඩු කටයුත්ත අවසන් වනතුරු මෙසේ තනතුරින් තාවකාලිකව ඉවත් කර ඇතැයි එම සංඝ සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
අඟසභාව නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන්වේ.
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය පිළිබඳවයි
වර්තමානයේ දී උක්ත ඨානාන්තර ද්විත්වය දරන පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව අවධානය යොමුකොට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව විසින් අදාළ පාර්ශ්වයන් ද ගෙන්වා මේ සම්බන්ධයෙන් කරුණු විභාග කරන ලදී.
ඒ අනුව 2026.05.30 දිනතිව රැස් වූ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේ දී පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ලැබෙන තෙක්, මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඒ ස්ථවිරයන් වහන්සේ වෙත පත් කර ඇති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට තීරණය කරන ලදී.
එසේම, ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුව විසින් තත් කමිටු සාමාජික උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්ථවිර තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බවද මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි මෙයින් නිවේදනය කර සිටිමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්. ප්‍රමාදවී හෝ මෙම තීරණය ගැනීම ඉතාමත් කාලෝචිතයි. අධිකරණ තීන්දුව ඉක්මණින් ලැබේවි කියා විශ්වාස කරනවා.
ඊතලවැටුණුවැව, පල්ලේගම වෙනස ඊතලවැටුණුවැවේ අකුරු ගණන පල්ලේගමටත් වඩා වැඩියි.
ඒ වුනාට ස්ථිර කෙනෙක් හොයාගන්න වෙනවා, ඉක්මනටම.
ඇති යන්තන් ඔහොම හරි තීරණයක් ගන්න තරම් වත් කොන්ද පණ තිබ්බා.
හා හා ... හොඳක්ම වේවා...
හොදයි නමුත් අස්වයා ගියාට පසු ඉස්තාලය වහලා වැඩක් තියේද? මේ තීරණය මුලින්ම ගත්තේ නෑ. ගොලුවන්, බිහිරන් සේ හිටියා. එලෙස සිටම නිසා සිවිල් සමාජය තුළ මෙය ඉතා බරපතල ලෙස කතා වුණා. ඒ තුළින් හිමිවරුන් ගැන ප්‍රබල ජතිකාවතක් සමාජගත වුණා. එය බරපතල ලෙස සංඝ සමාජයටම බලපෑවා. මේ නිසා මෙවන් සිදුවීම් සිදු වූ විගසින්ම පියවර ගත යුතුයි. බෞද්ධයෙක් ලෙස කියන්නේ දැන්වත් අපේ හාමුදුරුවරු පාඩම් උගත යුතුයි. අද අපිත් දන්නා තරුණ හිමිවරුන්ගේ බොහෝ ප්‍රශ්න තියනවා. ඒවා ගිහි අපිටත් ලැජ්ජයි කියන්න. ඒ නිසා උතුම් චීවරය දරන්නේ නම් සිල්වත්, විනයවත් විය යුතුයි. බැරි නම් ඉවත්ව යා යුතුයි. මොකද අපිට අපේ උතුම් බුදු දහම ඕනි...
හේමරතන හාමුදුරුවන් ට තියෙන නඩුව මොකක්ද? මීට පෙර ජාතික මට්ටමේ විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත වල ප්‍රචාරය නොවුන නිසයි මේ ප්‍රශ්නේ ඇහුවේ?.
මේ කතාව අනුව පවතින නඩු කටයුත්ත චූදිතයා ජයග්‍රහණය කරන බව සහ ඉන්පසුව නැවතත් පළමු තනතුරට පත් කරනවා නේද කියන්නේ...? බෞද්ධ ජනතාවගේ අනුරපුර වන්දනාවට තිත තියන මගක්...
හිටපු හාමුදුරුවෝ නඩු කිය කියා ඉන්නේ නැතිව... අනිත් හොරු රෑන වගේ... මේ ලෝකෙන් තුරන් වෙලාම යන්න. තවත් පව් රැස්කර ගන්න එක විතරයි වෙන්නේ.... ජීවත් වෙලා හිටියොත්. වයසට යනකන්ම ඔය වගේ වැඩ තමයි කෙරුවේ. කාටත් හොරෙන් දැන් සේරම. එළියේ. සිවුර බාර දීලා විවාහයක් කර ගන්න තිබුණා. බොරුවට විහාරාධිපති පට්ටම් තියන් ආසාව යටපත් කරගන මොන දුකක් ද විදින්නේ... තවත් ඉන්නවා ඔය වගේ අය. ඒ අයවත් එළියට ගන්න.
අනේ මන්දා... දැන් මොන උන්නාන්සේ ආවත් අපට පෙනෙන්නේ අර උන්නාන්සේ වගේ... බලන බලන අතේ හොල්මන් පේන එක නවතින්න තව සෑහෙන කාලයක් යයි. මහ උන්නාන්සේලා කට පියාගෙන ඉන්න එකෙන් වැඩේ අමතක වෙලා යන්න තව කල් යනවා.