( මහින්ද නිශ්ශංක)
රෙදිපිළි යනුවෙන් රේගුවට ව්‍යාජ ප්‍රකාශයක් කර නීතී විරෝධි ලෙස ඉන්දියාවේ සිට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 128 ක් වටිනා වේදනා නාශක ටැමඩෝල් පෙති ලක්ෂ 2 ක්, කාන්තා සහ පිරිමි සෙරප්පු යුගල 8500 ක් හා සපත්තු යුගල 4000 ක් රේගු නිවාරණ අංශය මගින් කොළඹ වරාය කොටුව භාණ්ඩ ගබඩා පරියන්තයේදී අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නීතීවිරෝධි භාණ්ඩ තොගය කොළඹ පිහිටි ආයතනයක් මගින් ගෙන්වා ඇතැයිද රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.
ඡායාරූප ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන දඩ ගැහිල්ලෙන්වත් මත් ද්‍රව්‍ය ගෙන එනඑක නවත්වන්න බැහැ. හොඳම දඬුවම තමා ගෙන්නපු එක්කෙනා හරියට හොයලා බලලා එයාටයි පවුලේ උදවියටයි ඔය මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ ගිල්ලවන්න සලස්වන එක. විනාශවෙන්නේ එක පවුලයි. නැතිනම් පරම්පරාවක් විනාශවෙනවා.