සුජිත් හේවාජුලිගේ
‘‘වෙළඳපොළේ රුපියල අවප්‍රමාණය වීම දේශපාලන බල වුවමනාවකට කවුරු හරි කරපු ප්‍රහාරයක් වෙන්න පුළුවන්. කවුරු හරි ආර්ථිකයට එහෙම සවුත්තු වැඩක් කරලා තියෙනවනම් දඬුවම් දෙනවා‘‘ යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ එම අමාත්‍යංශයේදී අද (27) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීය.
‘‘සමහර දේශපාලන බල වුවමනාවන් තියෙන අයට අවස්ථාවාදී විදිහට මේ වගේ දෙයක් කරන්න පුළුවන් . ඒ වගේ වෙළඳපොළ හැසිරවීමක් කරන්න පුළුවන් . කවුරු හරි ගේම් එකක් ගැහුවද කියලා අපි හොයලා බලනවා. එහෙම කරපු බවට ඔප්පු වුණොත් දැඩි දඬුවම් දෙනවා‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයගෙ මෙයාගේ ගේම් කියල කාටවත් චෝදනා කරලා වැඩක් මුළු රටම දන්නවා මොකද්ද සිද්ධ වුනේ කියලා.
මොහු ඉගෙන ගත්ත කෙනෙක් කියලා නේද කියන්නේ ?? අපිනම් ඉගෙනගෙන නැති සාමාන්‍ය පුරවැසියන් නමුත් අපිට වැටහෙන දෙය මෙයාට වැටහෙන්නේ නැහැ නොවැ ???
කවුරුහරි කලිසමේ සාක්කුව කපලා. එ්කයි රුපියල වැටිලා තියෙන්නේ.. රාජපක්ෂලා කලිසම් සාක්කුව කපනවා මම ඇස් දෙකෙන් දැක්කා...
මේ වගේ බොරු සොබන කතා නොකියා එහෙමනම් ඒක හොයන්න. හැමදාම කොළඹ මොකක් හරි විරෝධතාවක්. ආණ්ඩුව කිව්වේ ඒකට තැන් දෙකක් දෙනවා කියලා දැන් අවුරුදු කීයක් ගියාද..
රුපියල බාල්දු වීම අවස්ථාවාදී වැඩවලින් කල හැකි පුද්ගයන් හෝ සමාගම් ලංකාවේ නැත. මොකද ලංකාවේ විනිමය වෙළදපල දිනකට ඩොලර් මිලියන 30- 60 ක ප්‍රමාණයක්. බලපෑමක් කරන්න නම් අඩු වශයෙන් ඩොලර් මිලියන 5 ක් වත් ඕන. මොකද බැංකු වල ඩොලර් සංචිත තියනවනේ. ඉතින් ඩොලර් මිලියන 5 ක් කියන්නේ රුපියල් 5x 159 = 795 ක්. මෙපණ මුදලක් හිර කරලා නැවත නැවත රුපියල අධි ප්‍රමාණ වුනොත් මිලියන 50 - 60 ක පාඩුවක් වෙනවා ඔවුන්ට. මොන මෝඩ ව්‍යාපාරිකයෙක්ද රජයක් අපහසුතාවයට පත්කරලා මිලියන 50 - 60 ක් පාඩු විදින්නේ.
රුපියල නොවේ වැටිලා තිබෙන්නේ පවුම්, යුර , ඩොලර්, යුරෝපයේ සහ ඇමරිකාවේ පවුම්, යුරෝ, ඩොලර් වලින් පඩි ගන්න රටවල ඇමතිවරු පාර්ලිමේන්තු එන්නේ බස් එකේ , කෝච්චියේ , පාපැදියේ , රුපියල් වලින් පඩි ගන්න අපේ ඇමතිවරු එන්නේ රුපියල් කොටි 3-4 වටිනා සහරා ජීප් වල ඉස්සරහින් පස්සෙන් ඩිෆෙන්ඩර් 2-3 එනවා පෙරගමන් පසුගමන්, නිල නිවාස තිබෙනවා. ඒවගේ වැඩකරන පුද්ගලික කාර්ය මණ්ඩලය ගමනක් එක්කරගෙන යනවනම් ඔවුන් පටවගන්න අසන 30 බස් රථයකුත් මදිවෙනවා. තව ඩබල් කැබ් 3-4 ඇමතිලට ආණ්ඩුවෙන් නිල වාහන වශයෙන් දීල තිබෙනවා.
මල්ලියේ අපි හිතුවේ උඹ උගතා කියාය... එනමුත් රුපියල ගැන දන්නේ නෑම වගේ... එබැවින් උඹෙ දැනුමෙන් ඇති වැඩක් නැතේ... පලයං බාලාංසෙට අඩු වැඩි එකතුවට අනේ...
මහත්තයෝ, තව අවුරුදු 2ක් යන්න කලින් හොයන්න බලන්න. කමිටුවක් දාලා ඒ අය පත් කරන කොට ඒකත් ඉවරයි.
ඔක්කොම කුණු බේරේ වැවට වගේ.. හැමදාම තමන්ගේ වැරදි අනුන්ගේ පිට නොදා වගකීමකින් වැඩකරන දේශපාලකයින් පත්කරගැනීම අපේ වගකීමක්. නැත්නම් මේරට කවදාවත් ඉදිරියට යන්නේ නැහැ. තමන් කරන දෙයට තමන් වගකියන්න ඕනේ. දැන් තියෙන්නේ තමන්ගේ ආණ්ඩුව වැරදි වුනානම් ඒවා නිවැරදි කරන්න දැන් කාලය හොඳටම ඇති. රටේ පුරවැසියාට මොකද වෙන්නේ? ලංකාව ආනයන මත පවතින ආර්ථිකයක් තියෙන්නේ.. එතකොට රුපියල වැටෙනවා කියන්නේ පිට රටින් ගේන හැම දෙයකම මිල ඉහල යනවා.. වාහන, ආහාර, පෙට්‍රල්, ගෑස්, අනෙකුත් සියලුම දේවල් මේ රටේ නිපදවන්නේ නැති අපි භාවිතා කරන ඒවා ගන්න ජනතාවගේ වැටුප වැඩිකරන්න වෙනවා.. එතකොට තව මුදල් අච්චුගහන්න වෙනවා.. එතකොට තව මුදල බාල්දු වෙනවා.. අන්තිමට ආර්ථිකය කඩන් වැටෙනවා.. මේ ක්‍රමය දිගටම ගියොත්. මේවගේ , බරපතල වෙලාවකවත් තැනට වගකීමක් ගන්න බැරිනම් .. රට විනාසයි. ලෝකයේ හැමතැනම හොරු ඉන්නවා.. එ් නිසා තමයි මේ රට ආරක්ෂා කරන්න ආණ්ඩුවක් පත්කළේ. තමන්ට එ්ක කරන්න බැරිනම් අඩුමගානේ එකේ වගකීම බාරගන්න ඕනේ..
2015 ජනවාරි වල කරපු අවස්ථාවාදී වැඩක් හින්දා තමයි මේ විදිහට සිද්ධ වුනේ..
ඔව්, 2015 ජනවාරි වල කරපු අවස්ථාවාදී වැඩක් හින්දා තමයි ඔහොම වුනේ...
ආචාර්යවරයෙක් වුනාට බොරු කියන කෙනෙක් බව මුලු රටම දන්නවා. කවුරුන් හරි එහෙම කරනවා නම් එසේම ඔබලාට පුළුවනි රුපියල ශක්තිමත් කිරීමට. ඔබලා තාමත් බැඳුම්කරේ පාඩුව ආපහු ජනතාවට අරන් දුන්නද? අර වහපු මැන්දිස් සමාගම ඒ හොරුන්ම ආයේ කෝටි ගනන් දීලා ගන්න යනවා. නිකම් ඉන්න ඇමැතිතුමා. ඔබ හැමදාම කලේ ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ කිරීමයි.
හොඳට කල්පනා කර බලන්න. පුෂ් බයිසිකලයක්වත් නැතිව පැමිණි දේශපාලකයන් ටික දවසකින් පිටරට දේපල මිලට ගන්න තරමට පොහොසත් වුණාම රාජ්‍ය භාණ්ඩාගාරයේ ගුල්ලෝ ගහලා කියලාවත් කියන්න. දේශපාලක හාමිනේලා, හොලිවුඩ් නිළියෝ වගේ ඇඳගෙන, මහජන මුදලින් සමහර දරුවෝ ව්‍යාපාර පටන් ගන්නකොට රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද? රුපියල නෙවෙයි රටම බාල්දු වෙලා. පුළුවන් මිනිස්සු දරු පවුල පිටින් පිටරට පදිංචි වෙන්න යන්නේ රටඑපා වෙලා නෙවෙයි. නහින දෙහින කාලේ දරුවෝ හිඟන්නෝ වෙනවා බලන්න තිබෙන අකමැත්ත නිසා...
රුපියලේ අගය අවප්‍රමාණ වීම ඇති වෙන මුල් අවස්ථා වලදී ආරක්ෂිත ක්‍රියා මාර්ග උපක්‍රම යොදා නොගැනීමේ ප්‍රතිඵලයක් හැටියට දකින්න පුළුවන් තත්වය බරපතල වුණාට පස්සේ ප්‍රතිකර්ම සෙවීමත් අදක්ෂ ක්‍රියාවක් ලෙස තේරුම් ගන්න ආරක්ෂිත ආර්ථික උපක්‍රම යොදා නොගැනීමේ ප්‍රතිවිපාක ලෙස සඳහන් කළ හැකිය.
මේකට මොකටද ලොකු පරීක්ෂණ? කවුද මිලියන් ගණන් වලින් රුපියල් විකුණලා තියෙන්නේ කියලා බලන්න විතරනේ තිබෙන්නේ? අනික රුපියල විතරක් නොවෙයි ගොඩක් මුදල් පහුගියදා අවප්‍රමාණ වුනා. ඇමරිකන් ඩොලර් එකට සාපේක්ෂව... හේතුව ඇමරිකාව පොලී අනුපාතය ඉහළ දාන බවට ඉඟියක් කරලා තිබෙනවා.
රත්තරන් අශ්වයා උඩනැගලා ඇවිත් කරන්න ඇති....
ඔව් ඔව් අවස්ථාවාදී වැඩකින් තමයි. දැන් අවස්ථාවාදියෝ කොහෙද කියා සොයා ගන්න බැහැ. ඔබලත් ඒ කාලේ ඕවා සොයනවාට පාද සටහන් දැම්මානේද?
මේ මනුස්සයා ආර්ථීක විද්‍යාවට ආචාර්ය උපාධියකුත් තියාගෙන නේද මේ මෝඩ කතා කියන්නේ? අපි බත් කන හරක් කියලා හිතන්න ඇති..
මේ මිනිහ ඉස්කෝලේ 10 පන්තිය මිස් කරලා ආචාරියෙක් වෙලා. මෙයාට මූලික දැනුම නැත්තේ ඒකයි.
රුපියල විතරක්ම නොවෙයි බාල්දුවෙලා තියෙන්නේ. ඇයි රනිල්, සිරිසේන මස්තබාල්දු වෙලානේ...
කාගේ වරදින් හරි ඒ දේ වුනා. වහාම එය යථා තත්වයට පත් වුනේ නැතිනම් ඔබතුමාලාට පැවැත්මක් නැතිවෙනවා.
මෙයා එකොනොමිස්ට් කෙනෙක් කියලා නේද කියන්නේ? මට නම් පේන්නේ කිසිම ආර්ථික විද්‍යා දැනුමක් නෑ කියලා. නැතිනම් මේ වගේ කතාවක් කියයිද?
මේ අර ෆුට්නෝට් කල්ලියේ එක්කෙනෙක්ද මේ වගේ මොට්ට කතාවක් කියන්නේ? අපේ රුපියල පහළට යන්න ගත්තේ 2015 ජනවාරියේ ඉඳලා. රටේ දේශපාලන තත්ත්වය අස්ථාවර වුණු බවට එංගලන්තයේ පුවත් පළවුනා. හේතුව මහ බැංකුවට අධිපති පත්කිරීම ගැන අපේ ලාංකික ආර්ථික විද්වතුන් සැක පල කළා. එතනින් අපේ කොටස් වෙළඳපොල වැටෙන්න ගත්තා. අපේ ජනාධිපතිත්, අගමැතිත් හරි කෙලින් රටේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරේ නැහැ. විදේශ ආයෝජන අඩු වුනා. ඒ එක්කම මහ බැංකුවට දීල ඇද්ද විදිහට හැමදේම වෙනස් වුනා. මේ මනුස්සයා පහුගිය අවුරුදු තුනේ හිටියේ කොයි දිව්‍යලෝකෙද? ඔය ටික මතක නැත්නම්... ඉතින් ආචාර්ය තුමෝ, වැඩේ දුන්න නම් දුන්නේ ඔය ගොල්ලන්ගේ කට්ටියම තමයි. වෙන කාටවත් ඕක අස්සේ රිංගන්න ඔයාලගේ අය ඉඩ දුන්නේ නැහැ.
අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ, තුන්සිංහලයම නෑදෑයෝ. අපි ඔක්කොම ලොක්කෝ, ඔක්කොම කයිවාරුකාරයෝ, තුන්සිංහලයම වංචාකාරයෝ...
ඉතාම හොඳ වැඩක් මේක හොයන එක. මේක වැටුණේ රාජපක්ෂ රෙජීමයේ කුමන්ත්රණයකින් වෙන්න පුළුවන්.
1994 දී ඩොලරයේ අගය රු.40. 2015දි රු. 135. අපේ රටට වඩා ඉන්දියාවේ රුපියලේ අගය අඩුවී තිබෙනවා.
බුලත් විට විකුණන සීයා කෙනෙක් නම් කියනවා ඇහුණා... මට රුපියල් කාසි එහෙම ගෙනෙන්න එපා කියලා. එයාවත්ද ඔය වැඩේ කළේ?
රුපියල වැටිලා තිබෙන්නේ සාක්කුවේ තිබුණු හිලකින් නොවන බවත්, මහේන්ද්‍රන් කල්ලිය සූක්ෂම ලෙස මහා බැංකුවට පික්පොකට් ගහපු නිසා බවත් ඇමැතිතුමා තවම හොයාගත්තේ නැති වුණත් ලංකාවේ පාසල් සිසුන්ගෙන් බහුතරයක් දන්නවා.
ඇමතිතුමෝ, රුපියල කොහොම වැටුනත් ඒක ගණන් ගන්න දෙයක් නෙමේ. අහුලා ගන්න තරම් වත් කෙනෙක් හිතන්නේ නැහැ. වැටිච්ච තැන එහෙමම තියෙයි!
ඉතින් ඔබතුමාලත් අවස්ථාවාදී වැඩක් වත් කරලා රුපියල අධිප්‍රමාණය කරන්නකෝ... සුරංගනා කතා කියකියා ඉන්නේ නැතුව...
රුපියල වැටුනේ බලයේ සිටින දේශපාලකයන් රටේ අනාගතයට ගැලපෙන නිසි ආර්ථික ක්රමවෙදියක් සාදා ක්‍රියාත්මක කිරම පසෙකලා තම බලය ශක්තිමත් කරගැනීම සදහා එකිනෙකා සමග පොර කෑමත් , ඇමතිවරු පත් කිරීමේදී බොහෝවිට සුදුස්සන් පසෙක සිටියදී විෂය පිලිබන්ධ කිසිම දැනුමක් නැති නුගත් පුද්ගලයන් ඇමති තනතුරු වලට පත් කිරීමත් , ඇමතිවරු අධ්‍යාපන සුදුසුකම අඩු තම හෙන්චියලට ආණ්ඩුවේ වැදගත් නිලධාරී තනතුරු සහ සංස්ථා සභාපති තනතුරු දීම සහ මහ බැංකුවේ වංචාව වැනි කරුණු නිසාය.
කොමිටියක් පත් කල යුතුයි.