(මඩුකන්ද සිතුම් චතුරංග)
නිධානයක් ගොඩ ගැනීම සඳහා භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන මුලතිව් ප්‍රදේශයට රැගෙනයමින් සිටි යුද හමුදා විනයාරක්ෂක බලකා සෙබලෙකු , ව්‍යාපාරිකයකු ඇතුඵ පුද්ගලයින් අටදෙනකු වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අද (28) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
වවුනියාව දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීම් අතරතුර සුඛෝපභෝගී වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී ස්කෑනර් යන්ත්‍රය හා නිදන් හෑරීම සදහා භාවිතාකරන උපකරණ තොගයක් අත්අඩංගුවටගෙන තිබේ.
අත්අඩංගුවටගත් නිදන් හෑරිමේ උපකරණ අතර ‘ නිදන් අඳුණක් ’ විවිධ බෙහෙත් තෙල් ද්‍රව්‍ය හා පූජා භාණ්ඩ රැසක්ද වෑන් රථයේ තිබී හමුවූ බව පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී හමුවූ ස්කෑනර් යන්ත්‍රය ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය යටතේ පමණක් මෙරටට ගෙන්විය හැකි උපකරණයක් බවට හඳුනාගෙන ඇතැයිද කීය.
මුලතිව් ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක් මෙලෙස ස්කෑනර් යන්ත්‍ර යොදා පරීක්ෂා කොට නිදන් හෑරිම ආරම්භ කිරීමට සුදානම් කොට තිබූ බවද පොලිසිය පැවසීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූයේ අත්අඩංගුවටගත් හමුදා සෙබලා ගල්කුලම යුද හමුදා විනයාරක්ෂක බලකායට අනුයුක්තව සේවය කළ අයකු බවත් ඔහු හා අනුරාධපුරයේ ව්‍යාපාරිකයා විසින් නිධානය හෑරිම සඳහා සෙසු පුද්ගලයින් මෙහෙයවා ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර, නොච්චියාගම, මීසාලෙයි, වඩ්ඩුකොඩ්ඩෙයි, රාගල හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ත් 53 හැවිරිදි පුද්ගලයින් වෙති.
සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ මිනිස්සුන්ගේ හතරවැනි මූලික අවශ්‍යතාවය තමයි රන් භාණ්ඩ එකතු කිරීම. කොටි උතුර පාලනය කරපු කාලේ ඒ අයගෙන් මේවා බේරගන්න පොළවයට රත්රන් වලදාලා ඇති. මගෙත් දෙමල යාලුවෙක් පවුම් 93ක් ලිප්බෝක්කේ වලදාලා තිබුනේ. වෙඩින් එකකට වගේ උත්සවයකට ඒවා පාවිච්චි කරලා අපහු වලදානවා. ඒකාලේ විනාශ වුණු ගෙවල්වල පොළව හාරලා බැලුවොත් රන් පවුම් හාර පන්සීයක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ..
අඳුන විශ්වාස නැති නිසා මෙටල් ඩිටෙක්ටර් එක ගෙනිච්චාද? එහෙම නැතිනම් මෙටල් ඩිටෙක්ටර් එක විශ්වාස නැතිව අඳුන ගෙනිච්චාද?
පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක ඇති නිධන් ගන්න බැහැ. ඒත් තමුන්ගේ ඉඩමේ පොළව යට තිබෙන දෙයක් අර ගන්න පුළුවන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නම ඒ අය පරීක්ෂා කරලා බලලා සහතිකයක් දෙනවා ගන්න කියලා. ඒ වගේම අදාල සහතික අරං පුරාවිද්‍යාත්මක දේවල් දේශීය වගේම විදේශීය අයටත් විකුණන්නත් පුළුවන්. මේ ගැන දන්නේ නැතුව තමයි ගොඩක් අය හිතුමතේ නිධන් ගන්න ගිහිං අමාරුවේ වැටෙන්නේ. අනික හැබැයි මේ වගේ නිධන් ගත්තට ඒවායේ මුල්‍යමය වශයෙන් වටිනාකමක් තියෙනවා ගොඩක් අඩුයි. මේවායේ තියෙන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් විතරයි. මේවායේ රත්තරං තියෙන කතා නම් ඇත්ත නෙමේ. තිබුණත් ඒවා වටිනාකමක් නැති රත්තරං. ලංකාව රත්තරං නිධි තියෙන රටක් නෙමේ. සමහර අය මිලියන ගාණක් වියදම් කරලා නිදන් ගන්නවා. අන්තිමට බැලුවම ඒවායේ වර්තමාන වටිනාකම රුපියල් ලක්ෂයක් වත් වෙන්නේ නැහැ. ඒකයි යථාර්තය....
මේක "නිධානයක් ගොඩ ගැනීම සඳහා භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයකට වඩා යුද හමුදාව බිම්බෝම්බ සොයන උපකරණයක්... යුද හමුදා විනයාරක්ෂක බලකා සෙබලා මෙය හමුදා කඳවුරකින් එළියට ගත්තේ කොහොමද? පසුගිය රජය සමයේදීත් රට පුරාම නිධන් සෙවීම සඳහා කැනීම් කල බව මා අසා තිබේ. කොට්ටාවේ රුක්මල්ගම වැවක් පෙන්වා, මට ඒ පළාත් වාසීන් කියපු කතාවක් මෙහි සඳහන් කිරීම උචිත යයි සිතමි. සාමාන්‍ය බිමක් වූ එහි නිධානයන් ඇතැයි කියා හිටපු රජයේ ලොක්කන් බුල්ඩෝසර් දමා කැණීම් කර ටිපර් මගින් පස් ටොන් පිටින් වෙනත් පළාත්වලට ගෙන ගිය බවත්, කැණීම් වලින් ඉතිරිවූ විශාල වලවල් ගොඩ කරනවා වෙනුවට එහි ජලය පුරවා කෘතීම වැවක් නිර්මාණය කරපු බවත් ඔවුන් මට කීවා. ඇවිදින මංතීරු, විවේක ගැනීමට බැංකු ආදියෙන් සපිරි පරිපූර්ණ වූ මේ වැව සවස් කාලයේ ජනයාගෙන් පිරී යයි. සොයපු අයට නිධාන ලැබුණාද කියා නොදනිමි. නමුත් දුර පළාත්වල සිට පවා එන මහජනයාට නම් රුක්මල්ගම වැව නිධානයකි...