(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොස්ගම තාවල්ගොඩ ප්‍රදේශයේ සොරොව්වක දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙක් දිය සුළියකට ගසාගෙන ගොස් මිය ගොස් ඇතැයි කොස්ගම පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ කොස්ගම පරණගම ලිපිනයේ පදිංචිව සිටි ජල සම්පාදන මණ්ඩලයේ කම්කරුවෙකු ලෙස සේවය කරන ලබුගමගේ මලින්ද සන්ධිප  (19) හා   කොස්ගම පරණගම පදිංචිව සිටි ගමගේ කවිශ ගිම්හාන්  අබේරත්න (18) යන දෙදෙනායි.

ඉකුත් 15 වෙනිදින   මියගිය තරුණයන් දෙදෙනා  තවත් තරුණයන් දෙදෙනෙකු සමග මෙම සොරව්ව අසලට පැමිණ ඇති අතර   මියගිය දෙදෙනා පමණක්  සොරෝවේ දිය නාමින් සිටියදී එකවරම දිය සුළියට හසු  වී ගසාගෙන ගොස් ඇතැයි පොලිසියකියයි.

එම අවස්ථාවේදී අනෙක් තරුණයන් දෙදෙනා  මියගිය තරුණයන් දෙදෙනාගේ නිවෙස් වලට ගොස් දැනුවත් කිරීමෙන් අනතුරුව  ඔවුන් පැමිණ දියේ   ගසාගෙන ගොස් සිටි තරුණයන් දෙදෙනා ගොඩට ගෙන කොස්ගම ශාලාව රෝහලට ඇතුළත් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

 

.