(කටුනායක ටී.කේ.ජී.කපිල)
හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය වෙත රැගෙන යෑමට තැත් කළ ඉතාලි ජාතික ගුවන් මගියෙකු අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු 32 හැවිරිදි ඉතාලි ජාතිකයෙකු වන අතර අද උදෑසන තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 404 දරන ගුවන් යානයෙන් පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොහු පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට කලින්ම ලැබී තිබූ තොරතුරු මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය සහ කේ.එච්.පී.කුමාරසිරි, රේගු අධිකාරී චන්න ශාන්තප්‍රිය, සහකාර රේගු අධිකාරීවරුන් වන ජූඩ් ප්‍රනාන්දු සහ ශාන්ත සුමනසේකර යන මහත්වරුන් ගුවන් තොටුපොළ තුළ රැක සිට, අලුයමදී අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම හෂීස් කිලෝග්රෑම් 05 කුත්, ග්රෑම් 272 ක ප්‍රමාණයකුත් සගවා ගෙන තිබූ අතර , ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ඉතාලි ජාතිකයා සහ ඔහු විසින් රැගෙන ආ හෂීස් මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මොහු පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට කලින්ම ලැබී තිබූ තොරතුරු මත ... යන මහත්වරුන් ගුවන් තොටුපොළ තුළ රැක සිට, අලුයමදී අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි" කලින් තොරතුරු නොලැබුණා නම් ඔය "බදු ටික" තායිලන්තයේ.. මත්ද්‍රව්‍යවලට විශේෂයෙන් පුහුණු කරවන ලද "ඉව බල්ලන්" මගින්, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් 99.9 % ක් ම මැඩලිය හැක. මෙය එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව ඇතුළු දියුණු රටවල් විශාල ප්‍රමාණයක් සාර්ථකව ක්‍රියාත්මක කරන්නකි. "ඇත්තටම මත්ද්‍රව්‍ය මැඩලීමට අවශ්‍ය නම්" මෙම ක්‍රමය ක්‍රියාත්මක කල හැකිය. මෙම බල්ලන් ගුවන් තොටුපොළේ මගී පර්යන්තයේ පමණක් නොව, වරාය, තැපැල් සේවය, DHL, TNT, Ebay ඇතුළු විවිධ මාධ්‍ය මගින් රට තුලට පැමිණෙන සහ පිටට යන සියල්ල පරීක්ෂා කල හැක. කොහොම වුනත් මෙය කල හැකි වන්නේ "ඇත්තටම මත්ද්‍රව්‍ය මැඩලීමට අවශ්‍ය නම්" පමණි.