චමිල් රූපසිංහ
ගැටුම්කාරී තත්ත්වයකින් පසු උඩුනුවර ප්‍රාදේශීය සභා පළමු සැසි වාරය අද (27) අතරමැදදී කල් තැබීමට ප්‍රාදේශීය සභා සභාපතිවරයා සිදු විය.
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ සභාවට පැමිණියහ. සභාපතිවරයාගේ නිල රථයේ හිටපු සභාපතිවරයා නංවාගෙන පැමිණි බව හා සභාවේ ආසන පනවා තිබූ ආකරය නිවරදි නොවන බව කියමින් මන්ත්‍රීවරු විරෝධය පැහ.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේසය මත නැඟ හිටපු සභාපති පාවා දී එක්සත් ජාතික පක්ෂයට සභාපතිකම ගැනීම සඳහා උදවු කළ බව කියමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන්ට බැණ වැදුනේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හට විපක්ෂය ලෙස වෙනම ආසන වෙන් කර දුන් පසු සභාව ආරම්භ විය.
නැවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පෑ අතර ඔවුන් සභාවේ ලේකම්වරයාට කියා සිටියේ සභාව පැවැත්වීමේ කාලය පසු වී ඇති නිසා සභාව පැවැතිවීමට නොහැකි බවයි.
ගැටුම්කාරි තත්වය හේතුවෙන් සභාපති ගාමිණී තෙන්නකෝන් මහතා පළමු සැසි වාරය අවසන් කරන බව නිවේදනය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල නොවන පුද්ගලයින් පත් කරගෙන තිබෙන බව දැන් තේරෙනවා නේද?
මේ ඡන්ද ක්‍රමය වැරදි දේවල් වල ප්‍රතිඵල තමයි. මේ එක් මන්ත්‍රී කෙනෙක් හෝ ගත් අයට දිනුම දෙන්න ඕනෑ. පරාජය වුණු අයට මන්ත්රීකම් දෙනඑක වැරදියි. තවද ගාමිණී තෙන්නකෝන් පරාජිත කෙනෙක් සභාව ඉදිරියට ගෙනියන්න කවදාවත් ලැබෙන්නේ නැහැ.
හෝඩිය පන්තිය....
උඩුනුවර සහෝදර සහෝදරියනි, මේ අය වෙනුවට කිරි හරක් පට්ටියක් හදාගත්තා නම් අවුරුදු පහ ඉවර වෙනකොට ඔබලාගේ දූ දරුවන්, මුනුපුරු, මිනිපිරියන් හට පෝෂ්‍යදායි කිරි වීදුරුවක්වත් ලබාදෙන්න පුළුවන් නේද? දැන් ඉතින් වියදම විතරයි. කිසිම සෙතක් බලා පොරොත්තු වෙන්න එපා...
වර්තමාන පාර්ලිමේන්තුවත්, පළාත් පාලන ආයතනවලත් එකයි. මහජන මුදල් නාස්ති වෙනඑක පමණයි වෙන්නේ...
ඉස්සර පළාත් වල කටයුතු කලේ පරිපාලන නිලධාරීන්, ජ්‍යේෂ්ඨ උගත් නිලධාරීන්. දැන් මේවා කරන්නේ 8 වත් පාස් නැති අය. මම ක්‍රමය අසාර්ථක ක්‍රමයක්.
ප්‍රාදේශීය සභා යනු මහජන මුදල් මංකොල්ලකන ආයතන පමණයි. සන්නිවේදනය අඩු අතීතයේ මේවායින් යම් පලක් තිබුනත්, වර්තමානයේ, ලංකාව වැනි කුඩා රටක් ආණ්ඩු කිරීමට මෙවැනි ආයතන රාශියක් අවශ්‍ය නැහැ.