නිමන්ති රණසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කොටස් අයිතියෙන් යුතු එන් ආර් කන්සල්ටන්ස් සහ ගවර්ස් කෝපරේට් සර්විස් යන සමාගම් මගින් සැක සහිත ගනුදෙනු සිදුකර මුදල් විශුද්ධිකරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුලු සැකකරුවන් පස් දෙනෙකුට විදෙස් ගමන් තහනම් කර තිබුණි.
විදෙස් ගමන් තහනම් කර සිටි නාමල් රාජපක්ෂ ඇතුලු සැකකරුවන් පස් දෙනාගේ එම තහනම මාස පහක කාලයක් සඳහා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, චන්ද්‍රසේකර පවිත්‍රා සුජානි බෝගොල්ලාගම, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ නිත්‍යා සේනානි සමරනායක යන අයවලුන් ගේ විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝම්බර් මස 25 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර රටක්නේ.හොරුන් රටින් පනින්න ඉනිමං බදින නිතිපති දෙපාර්තුමේන්තුවක් රහස් පොලිසියක් හා අධිකරණ පද්ධතියක්නේ තියෙන්නේ.මේවා ඔක්කොම ධනය බලය තියන උන්ට විතරයි.දුප්පත් මිනිහෙක් හොරකමක් කරලා ඇප ලැබුනම ගමෙන් පිටවෙන්නත් බැහැ හැම සතියෙම යන්න ඕනා පොලිස් පොතේ අත්සන් කරන්න.
මේ ළඟදිත් විදේශ ගතවෙලා නේද හිටියේ? දැන් තහනම දැන් ඉවත් කළා කියන්න මොකද්ද?තාවකාලිකව ඉවත් කල තහනම දීර්ග කිරීමක්ද කරලා තියෙන්න? පැහැදිලි නෑනේ.