(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ සිදුකළ තනතුරු වෙනසේදී තමන් බලාපොරොත්තු වූ රුඩිකල් වෙනස සිදු නොවූ බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාදීපයට පැවසීය.
තනතුරු ලබාදීමේදි මෙයට වඩා තරුණ අයට අවස්ථාවක් ලබාදීමට ඉඩ තිබූ බවත් මේ සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි පවා අවධානය යොමු කළ බවත් ඔහු කියා සිටියේය.
එමෙන්ම පක්ෂයේ උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත් කිරීමට තමන් විරෝධය පළ කළ බවත් හෙතෙම සඳහන් කළේය. අනිකුත් තනතුරු සඳහා තම විරෝධයක් නොමැති බවද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රැඩිකල් වෙනසට , ලංකාවේ දේශපාලනය කරන්න හොද මහත්වරු ටිකක් හොයාගන්න පුලුවන්ද? ඉන්න මුදලාලිලා ටික අයින් කරලා. (දුෂිතයන්) ඔබලා සමග කී දෙනෙක් ඉන්නවද ගුණයහපත් රටට සමාජ සේවයක් කරන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ මහජන මුදල් ගසා නොකා සහ රටේ මුදල් තමන්ගේ ජොලියට වියදම් නොකරන . දැන් නායක තුමන්ලාට උගන්වන කට්ටියක් තමයි ඉන්නේ , මොකද ඔවුන්ට ඕන විදියට වැඩ නොකොළොත් ගානක් අරගෙන, පැන්න අනික් පැත්තට. එහෙම නේද ? ඔබතුමාට එ්ක නවත්වන්න පුලුවන්ද? ඉරාකය අදටත් ගොඩගන්න බැහැ. මොකද සල්ලි වලට කෑදර කරලයි තියෙන්නේ දේශපාලනය කරපු කට්ටිය . හොදට ඕව කියවල බලන්න. එතකොට තේරෙයි.
රනිල් වික්‍රමසිංහ හැමදාම කලේ පාක්ෂිකයාව ගොනාට අන්දවපු එක විතරයී.ඒ නිසා ඔය කවුරු කොතනට ආවත් එයා සර්ව බළධාරී නායකයා විදියට වැජබෙන අතර අනික් අයට වෙන්නේ යර්ස් සර්, ඕ.කේ. සර් කිය කියා එයාගේ පස්සෙන් යන්න විතරමයි.
94 සිට දැන් අවුරුදු 24ක්. තාම බැරිඋනා ජනාධිපති කෙනෙක් තමුන් ගේ පක්ෂයෙන් පත්කරගන්න. හැබැයි තනි පක්ෂයක් විදියට ප්‍රබලම පක්ෂය. තෙරෙනවා නේද පරණ කට්ටියට කවදාවත් බලය ගන්න බෑ කියල. කරුණාකරල මේ රට තවත් වට්ටන්නේ නැතිව මිනිසුන් අතර ජනාදරයට පත්වූ වැඩ පුළුවන් අයට තැන දීලා යන්නකෝ බල පෙරෙතකම අත හැරලා. ප්‍රබල පක්ෂවල එම පක්ෂතුල බල ලොභය සහ සමගිය නැති වුණාම රටම අගාදයට යන්වා. පේනවානෙද රුපියලට දැන් වෙලා තියන තැන.
දැනට එක්සත් ජාතික පක්ෂෙන් දිනන්න පුළුවන් එක්කෙනයි ඉන්නේ ඒ තමයි කරු ජයසුරිය.
ඕක අපි හැමෝටම තේරුනාට රනිල්ට තේරෙන්නේ නෑනේ.
උප නායක කමින්ම තේරෙනවා පක්ෂෙ යන්නේ කොහාටද කියලා.
රට හමුවේ තිබෙන ප්‍රශ්න, අබියෝග ගැන පක්ෂයක දැක්මක් සහ ඊට අනුකුලව පක්ෂයක ප්‍රතිපත්ති සකස් කලයුතුය. පක්ෂයක විනයක් තිබිය යුතුයි. නායකයා ආදර්ශමත් විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය දිනෙන්දින මරණය කරා ගමන් කරනවා.
මා සිටින්නේත් රන්ජන්ගේ මතයේ. රවී කරුනායක කර උඩ තියා ගැනීමේ ප්‍රතිපල ඉදිරියේදී පෙනේවි.
තනතුරු මාරු කර කර ඉන්න එකට වඩා, රට ආගම ගැන හිතල අවංකව වැඩ කරන්න දැන්වත් පොඩි හරි උත්සහයක් දරුවොත් හොඳයි නේද? නැත්තම් ඔබලාට ඉදිරියට යන එන මන් නැතිවෙයි.......
රන්ජන්ගේ අමනාපය සාධාරණ එකක්. වෙනත් රටවල දේශපාලනය කරන මිනිස්සු ටික කලකට පසුව අනෙක් අයට තැන දෙන්න පැත්තකට වෙනවා. අපේ රටේ උදවිය මැරෙනකම් දේශපාලනය කරමින් ඉන්නවා. මැරුණට පස්සෙත් පුලුවන්ද කියලත් බලනවා.
අද බරපතල චෝදනා වලට ලක්වුණු රවී කරුණානායකට එජාපෙ උපනායකකම දීම එදා කරුණා අම්මාන්ට ශ්‍රීලනිපෙ උප නායක කම දීම වැනි වැඩක්... මේකෙන් පෙනෙනවා රනිල්ට අවශ්‍ය පක්ෂය ජයග්‍රහණය කර 2020 දී එජාප ජනාධිපතිවරයෙක් යටතේ එජාප රජයක් පිහිටුවීම නොව, 2020 දී නැවතත් විපක්ෂනායකකම තමසතු කර ගැනීම බව....
රෝයල් ගැන්සියට විරුද්ධව කතාකළා කියලා රන්ජන්ට විරුද්ධව විනය පරීක්ෂණ කරන්න ඕනේ කියලා ජෝන්බාස් පත්තරේට කියල තිබුණ, ජෝන්බාස් හදන්නේ මේපාරත් හැමෝටම කලින් ඇදගෙනම නාගන්න වගේ... ඔය පරීක්ෂණය ගෙනාවොත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ රන්ජන්ගේ ගොඩට ලබන ඡන්දෙදී පහුගිය ඡන්දෙදි තිබුණට වැඩිය අමතර මනාප 10 -15 දහසක් එකතුවීම සහ ජෝන් බාස්ගේ ආසනයත් පැරදිලා ගෙදර ඉන්න වෙන එක.., රන්ජන් ප්‍රකාශ කලේ එජාපය සහ ලංකාවේ බහුතරයකගේ මතයයි. රන්ජන්ට උතුරු නැගෙනහිර හැර ලංකාවේ ඕනෙම දිස්ත්‍රික්කයකින් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න පුළුවන්... ප්‍රධාන පක්ෂ දෙකෙන් මොන එකෙන් ඉල්ලුවත් රන්ජන්ට මිනිස්සු මනාපේ ගහනවා...
සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂ නායකකම දෙන්න.නැවතත් වර්ෂ 1977 ඡන්ද ප්‍රතිපල ලබා ගන්න පුළුවන් . එසේ උනේ නැත්නම් අන්ත පරාජයකට එජාප ට වැටෙනවා .එහෙම උනේ නැත්නම් පාරම්පරික එජාපට අපිත් ජන්දය දීමෙන් වැළකෙනවා . රනිල් මැතිතුමා මේ ගැන හොඳින් සිතන්න.