(වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර පළාතේ රජයේ වෛද්‍ය නිළධාරින් විසින් අද (26) පවත්වන ලද සංකේත වැඩ වර්ජනය හේතුවෙන් නැගෙනහිර පළාතේ රෝහල් 123 ක පමණ බාහිර රෝගි අංශයේ සහ සායන කටයුතු මුළුමනින්ම අඩාල විය.
මෙම රෝහල්වලට ප්‍රථිකාර ගැනිමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්විය.
එහෙත් රෝගින් ඇතුළු කිරීම් සහ හදිසි ශල්‍ය කර්මයන්,සහ නේවාසික රෝගින්ට ප්‍රථිකාර කිරීම් සියලුම රෝහල් වල සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
අම්පාර මහ රෝහලේ බාහිර රෝගි අංශය සහ සායන නොපැවැත්වු අතර අනෙක් සියලුම සේවාවන් සිදු කළ බව අම්පාර මහා රෝහලේ වෛද්‍යෙ අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා පව් වැඩ දොස්තරලගේ වරප්‍රසාද වෙනුවෙන් අහිංසකයෝ වන්දි ගෙවනවා.