( තිළිණි ද සිල්වා )
වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 29 හා 30 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලූම සුරාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
මේ අතර 29 හා 30 යන දෙදින මෙවර වෙසක් දින වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වෙසක් උත්සවය වෙනුවෙන් අද ( 26 ) සිට මැයි මස 02 වැනිදා දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව 29 හා 30 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවා විතරක් කලා කියලා නිර්මල බුදු දහම රැකෙයි ද ?? කොහොම වුනත් මේ ටිකවත් කල එක ලොකු දෙයක්.
බෞද්ධ දර්ශනය තමාම අවබෝධ කරගෙන පිළිපදිනවා විනා බාර් වහලා තියන හින්දා සුරාමේරයෙන් වලකිනවා, මස් කඩ වහලා හින්දා ප්රාණඝාතයෙන් වලකිනවා කියලා හිතනවා නම් ඒක කවදාවත් සැබෑ නොවන හීනයක්
ඒ දවස්වල පවු කරන්න හොඳ නැහැනේ?
ඒ කියන්නේ මේ දවස් කීපය සිල් රැකගැනීම අවුරුද්දටම ඇති කියලාද ?
බාර් වලට හොඳම මේ 27,28 දවස්... මොකද කට්ටියම තොග පිටින් ගන්න නිසා, නිවාඩු දවස්වල බොන්න. ඒ නිසා මේ දවස් වැහුව කියලා ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. මස් අලෙවියත් එහෙමයි.