සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන දුෂණ , වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (26) පැමිණිල්ලක් කළේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පැවසුවේ ක්‍රිකට් ආයතනයේ මේ දුෂණ වංචාවලට අදාළ ලිපිගොනු රැසක්ද අල්ලස් කොමිසමට බාරදුන් බවයි.
දුෂණ වංචා සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ට , හිටපු නිලධාරීන්ට මෙන්ම හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට ද චෝදනා එල්ල වී තිබෙන බව කී රාමනායක මහතා දුෂණ වංචා ලිපි ගොනු අද හෙටම රහස් පොලිසියට හා මූල්‍ය අපරාධ කොට්ඨාසයටද බාරදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
මේ පැමිණිල්ලේ චෝදනා පරීක්ෂා කර බලා විමර්ශන පැවැත්වීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජන් දැන්වත් ඔය විහිලුව නවත්වන්න.මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුවේ හොරුන්ට දඩුවම් නොකරන බව පැහැදිලියි.තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසද ගන්නයි ජනතාව ගොනාට අන්දවනයි එකෙක් දෙන්නෙක් අල්ලලා රිමාන්ඩ් කල බව ඇත්ත.එතනින් එහාට මොකක්වත් වෙන්නේ නැතිබව පැහැදීලියී.
තිලංග ආණ්ඩුවේ ඉන්නකම් කට වහගෙන් ඉඳල දැන් ආණ්ඩුවෙන් ගියාට පස්සේ බොරුවට රඟපානවා. හොරු රකින්නේ නැහැ කියල විශ්වසභන්ගේටත් විරුද්දව ඡන්දෙ දීපු මිනිහනේ.
මෙයා හොඳ රගපාන්න විතරයි. මෙගොල්ලො දේශපාලනයට තාම ළදරුවො. මෙකත් එක රඟ පෑමක් විතරයි. මෙච්චරකල් අල්ලපු හොරෙකුත් නහැ. අල්ලන හොරෙකුත් නහැ.