නිමන්ති රණසිංහ
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට අධිකරණයේ පවතින නඩු ගොනුවේ සහතික කළ සම්පූර්ණ පිටපතක් ගාස්තු රහිතව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (27) අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.
ජාත්‍යන්තර පොලීසිය මගින් රටවල් 192ක ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති රතු නිවේදනයට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත හොත් ඔහු උදර්පනය කිරීමට පියවර ගැනීම සඳහා අවශ්‍ය ලේඛන සැකසීමට මෙම නඩු වාර්තා ලබා දෙන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd