(සනත් ගමගේ)
කටුනායක ගුවන්තොටුපොලේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඕමානයේ සිට කටුනායකට පැමිණි ඕමාන් එයාර් ගුවන් යානය ගුවන් මගීන් සමඟ අද (25) මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බව මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල කළමණාකරු උපුල් කලංසූරිය මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලසුමක් නැති ඊනියා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා හොඳම නිදසුනක් තමයි මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල. මෙයට යටකරපු සල්ලිවලින් කොයිතරම් ජනතාවාදී දේවල් කරන්න තිබුනද. ගුවන්තොටුපොළකට ගුවන්යානක් ආවම ඒකත් උණුසුම් පුවතක් වෙනවා කියන්නෙම සංවර්ධනයේ තියෙන ධුරදර්ශිභාවයේ හොඳකම තමයි.
හප්පා වේලි වේලි ඉන්න මට අහල ගියත් කමක් නැහැ කිවලු.
රොමේෂ්, යහපලනෙන් වී ගබඩා කරපු එක කොහොමද? සනීපද? මත්තල නැත්නම් ඔය ගුවන් යානය බාන්න වෙන්නේ කොහෙද?
ඕනම පොඩි රටක උනත් අහස් යානා සියගණනක් එනවා යනවා.
අනේ මන්දා බඩගින්නේ මැරෙන්න වෙන්නේග ඉතුරු වී ටිකත් ගෙනියයි.
රොමේෂ් ඔබගේ අදහසින් පෙනෙන්නේ ඔබගේ දේශපාලන වෛරයයි. බොහොමයක් ව්‍යාපාර සාර්ථක වන්න යම් කාලයක් අවශ්‍යයි. ඒ වගේම හැම ව්‍යාපාරයක්ම සාර්ථක වෙන්නෙත් නැහැ. අදිවේගී මාර්ග වලින් සමහර එක දවසට කෝටි ගණන් ලාබ ලබද්දී, තරුණයෝ පිරිසකට රැකියාත් හිමි වෙද්දී, මිනිස්සුන්ගේ කාලයත් ඉතිරි වෙද්දී ඔයාල වගේ අය කුහකකම නිසා නොදැක්ක වගේ ඉන්නවා. හැබැයි මේ වගේ දෙයක් දැක්කම උඩ පැන පැන තලනවා. නාස්තිය ගැන කතා කරන ඔයා දන්නවද එක මන්ත්‍රීවරයෙක් මාසෙකට ඉන්ධන ලෙස කොපමණ මුදලක් පුච්චා හරිනවද කියලා?උපදේශකයෝ, සම්බන්ධීකාරකවරු කාර්ය මණ්ඩල කියල මහජන මුදල් කොපමණ නාස්ති කරනවද කියලා?
මේක එයාර්පොර්ට් එකේ වරද නොවේ ඒවාට ගෙන්න ගන්න උවමනාවක් නැතිකම. කටුනායක ට බැරි වුනොත් විතරයි යන්නේ.
මේක අපේ සම්පතක් රටක් දියුණුවට අවශ්‍ය දෙයක්.
මේකේ යහපත් කාලගුණික තත්වයකදී ගුවන් යානා බස්සවන්න බැරි ඇයි?
මෙය හම්බන්තොට නොව හදන්න තිබුනේ ත්‍රිකුණාමලයේ , උතුරු නැගෙනහිර බොහොමයක් අය විදේශගත නිසා ගුවන් යානා බොහොමයක් ගෙන්න ගන්න තිබුනා.