ඇවන්ඩ්ගාඩ් පාවෙන අවිගබඩාවේ එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස රාජකාරී කළ හිටපු නාවික හමුදා ලුතිනන්වරයකු වු මිල්ලනියගේ සමුද්‍ර නිලුපුල් ද කොස්තා (43) මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු කැලණිය , ජම්බුගස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙනාව සුපිරි ව්‍යාපාරයකට දේශපාලන කරපු විනාශයක මහත! ඒ මදිවට තවම බොරු චෝදනා අල්ලාගෙන හිටපු හමුදා නායකයෝ හිරේට දක්කනවා . ව්‍යාපාරයේ මෙහෙයුම් ඔක්කොම පිටරටවල සමාගම් අල්ලාගෙන, සල්ලි ටික දැන් පිටරටට.
කෝ එතකොට ඉස්සෙල්ලා අත්අඩංගුවට ගත්ත අය
අනේ මන්දා මේ නාටක කවදා ඉවරවෙයිද කියල.
මෙම නිලුපුල් දි කොස්තා නැමති විශ්‍රාමික නාවික හමුදා නිලධාරියා අද දින රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ස්වේච්ඡාවෙන් භාර වී ඇති අවස්ථාවක දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිලධාරියා එල්ටීටීඊ ත්රස්තවාදීන් සමග යුද්ධයේදී පූර්ණ ආබාධිත තත්වයට පත්ව ඇති රණවිරුවෙකි. එහි අර්ථය එම නිලධාරියා හට කය වෙහෙසවා කිසිදු රැකියාවක යෙදිය නොහැකි බවයි. මෙවැනි පරිසරයක් යටතේ දී විශ්‍රාමික රණවිරුවන් සඳහා රැකියා ලබාදීමේ අරමුණින් බිහිවූ ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් ඔහුට ඉහළ වැටුපක් සමග රැකියාවක් ලබා දී ඇත. ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට පත් වන විට මෙම නිලුපුල් කොස්තා නැමැති රණවිරුවා එම නෞකාවේ මෙහෙයුම් කළමනාකරු ලෙස සේවය කරමින් සිටි අතර ශ්‍රි ලන්කා රජයේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රක්නා ආරක්ෂක ලංකා සමාගම යටතේ ගබඩා කර තිබූ ගිනිඅවි ලබාගැනීම හෝ නිකුත් කිරීම පිළිබඳව කිසිදු වගකීම මෙම නිලධාරියා හට නොවූ අතර එම ගිනි අවි පිළිබඳ සියලු වගකීම් දරනු ලැබුවේ රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් ගිනි අවි භාරව ඇවන්ගාඩ් නෞකාවට පත්කර සිටි වයේ යෙදී සිටි නිලධාරීන් විසිනි.