සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු පළමු ගැසට් නිවේදනය වගේම දෙවැනි ගැසට් නිවේදනයේත් දෝෂ තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් තුන්වැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු බලධාරීහූ පවසති.
දෙවැනි ගැසට් නිවේදනයේ දෝෂ ජනාධිපති කාර්යාලයට දැනටමත් දැනුම් දී ඇතැයි ඔවූහු කියති.
ගැසට් නිවේදනයක මෙවැනි දෝෂ තිබීම ප්‍රශ්නයක් බවත් ඒ සම්බන්ධයෙන් කෙනෙකුට නීතිමය තර්කයක් පවා ගොඩ නැගිය හැකි හෙයින් මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්දැයි නීතිපතිවරයාගෙන් කරුණු විමසීම වැදගත් වන බවත් නීති අංශ පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා නිකුත් කළ පළමු ගැසට් නිවේදනයේ තිබූ අඩු පාඩුව වූයේ එහි නව සැසිවාරය පටන් ගන්න වේලාව සඳහන් නොවීමයි. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ වේලාව සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ අණ පරිදී අප්‍රේල් මස 23 වැනිදා සඳුදා අංක 2068/1 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ ඒ අනුවය.
ඒ ගැසට් පත්‍රයේ ඇති වරද නම් එහි ඊට අදාළ නොවන ව්‍යවස්ථා වගන්තියක අංකයක් සඳහන් වීමයි . ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ 70වන ව්‍යවස්ථාවේ (4) වැනි අනු ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තු සැසිවාරය කැඳවන බවයි. ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ එම අනු වගන්තිය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකවත් හරියට කරන්න බැරුව කොහොමද රටක් දියුණු කරන්නේ.. රටක් පාලනේ කරන්නේ.
මීට කලින් ක්‍රමය වුයේ පහලින් යම් වරදක් සිදු වූයේනම් එම වරද නිවැරදි කරවන්නේ අත්සන් කරනු ලබන බලධාරියා විසිනි. දැනට මේ ඇති සෙස්ස පස්සට.
මට පෙනෙන විදිහට මේක පාර්ලිමේන්තුව ආරම්භ කරන දිනය කල්දමාගැනීම සදහා හිතාමතාම කරන උප්පරවැට්ටියක් , පත්කරගත්ත දවසේ ඉඳල ඇහෙන්නේ අරය නිසා මේක කරන්න බැහැ මෙය නිසා අරක කරන්න බැහැ . බැහැ නැහැ බැහැ , අන්තිමට පාර්ලිමේන්තුවත් පටන් ගන්න බැහැ ගැසට් එක නැහැ .
මට නම් එක දෙයක් පැහැදිලියි, මේ රට තව දුරටත් කර ගෙන යන්න දෙන එක හරිම භයානකයි. මේ විදිහට හොයන්නේ බලන්නේ නැතුව මේක විතරක් නෙවෙයි, දැන් කීයක් නම් අත්සන් කරලා තියනවා ඇතිද?
මේක ආණ්ඩුවක් නොවන බව ජනතාව තේරුම් ගත යුතුය. බැරි වැඩ නොකරන් අබරෝ කියන්නේ ඕකට තමයි.
බැරි වැඩ නොකරන් අබරෝ කිවුවලු
මහජන මුදල් නිරපරාදේ විනාශ කරන්න විතරක් දන්නා මේ අයගෙන් මොන වැඩක්ද රටට ?
මේක අරින්නෙම නැතුව ඉන්න බැරිද.?
වැඩ බැරි බොස්ලා එක්ක ඉන්නකොට නිලධාරීන්ටත් වැඩ බැරි වෙනවා නේද? අපේ ආණ්ඩුවට වැඩ බැරි එකේ අපි වැඩ බැරි රටක් වෙනවා. මදැයි, ලෝකේ භයානකම ත්‍රස්තවාදීන් පරදවපු ආණ්ඩුවක් එපා කියලා අපිත් කොරගත්ත දේ. අපිටත් වැඩ බැහැ.
"විනාස කාලේ විපරීත බුද්ධිහ්!"
මෙි වැඩ නිවිස්වලටම ගන්න ඕන සැලසුමකට හදපුවා වාගේ එහෙමනමි ඒවා පහත් වැඩ. මෙිවාට වගකිවයුත්තන්ට නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි.
දැන් බලනකොට "බාලාංසේ" පන්තිවල ඉන්න ළදරුවන්ට වෙන්න ඇති අදාළ ලිපි ලේඛන පුරුදු පුහුණු වෙන්න ලියන්න කියලා ඇත්තේ ? එහෙම නැත්නම් මුද්‍රණ දෙපාර්තුමේන්තුවේ ඉන්නේ පාසලේ පළමු පන්තියටවත් නොගිය මහාචාර්යවරුද.?
මේක කැඳවන්නේ නැත්නම් තමයි රටට යහපතක් වෙන්නේ. රටට තියන ලොකුම හෙනේ මේක ඇතුලේ ඉන්න කට්ටිය
මේක තමයි අපේ රටේ තත්වය. මේවගේ සරල දෙයක්වත් හරියට කර ගැනීමට නොහැකි මිනිස්සුන්ගෙන් මේ රට ගොඩ ගැනීමට නොහැකිය. අපේ නායකයෝ කටින් තමයි වැඩ. කතාව නම් කැබිනට් ඇමති පත් කරන්න ජාත්‍යන්තර පිළිගැනීම් වලට අනුව.
මෙහෙමත් ආණ්ඩුවක් ආයෙත් මේ රටට පහල නොවේවා.!
සමහරුන්ට යහපාලය තේරෙන්නේ නෑ. ආණ්ඩුවට බනින්නේ ඒකයි.
ලැජ්ජාවේ බෑ...
මේ ආණ්ඩුවට අවුරැදු තුනයි. තවමත් තනතුරු තානාන්තර වලට පොරේ. තව හැදෙන පාටකුත් නෑ. හයියෙන් ලොකු හූවක් කියනවා ඇර වෙන කරන්න දෙයක් නෑ.
විශ්‍රාම වයසත් පැනලා කාළයක් තිස්සේ සේවය කරන නිළධාරින් පරිපාලන සේවයේ මුල් පුටුවලට ලැගගෙන ඉන්නකොට මේවගේ අඩුපාඩු වෙනවා. නියමිත වයසෙදි විශ්‍රාම යන්න අකමැති නිළධාරින්ව වෙනත් සැහැල්ලු රාඡකාරි සදහා අනුයුක්ත කිරිම මගින් රාජය සේවය නිවැරදි කාර්යක්ෂම සේවයක් බවට හැරවිය හැකිවේවී.
මටනම් කියන්න තියෙන්නේ... මේ ගැසට් ගහන්නයි ඒවා බෙදන්නයි යන වියදම ඔය වැරදි කරන අයගෙන් කපා ගන්න.
අනේ අපොයි අපේ රටේ නිලධාරීන්ට වෙච්ච නස්පැත්තිය. කිසිම දෙයක් හොයල බලලා හරියට කරන්න බැරි නිලධාරීන් ඉන්න එකම රට හැටියට ගිනස් පොතට එකතු වෙන්න හිතිලද? ගැසට් එක අත්සන් කරලා තියෙන්නේ රාජ්‍ය සේවයේ ඉහලම නිලධාරියා.
මහබැංකු හොරකම ඇරෙන්න යහපාලනයට කිසිම වැඩක් හරියට කරගන්න බැහැනේ..
මොන්ටිසෝරි මොළ කාරයෝ! පල් මෝඩයෝ!!
ගැසට් එකක් හරියට නිකුත් කිරීම ලේකම්ගේ වගකීමක්... මහජන මුදල් නාස්ති කරන මෙවැනි ලේකම්ලා වහාම ඉවත් කළ යුතුයි. මෙය කඩාකප්පල්කාරී වැඩක් වෙන්නත් පුළුවන්...