බිමල් ශ්‍යාමන් ජයසිංහ
හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්තශාලාවේ පස්දෙනෙකුට මරු කැඳවු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට බාරවු කර්මාන්තශාලාවේ හිමිකරු සරත් විජේරත්න මැයි 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (27) නියෝග කළේය.
ජනාධිපති නීතිඥ හා නීතිඥ සංගමයේ සභාපති යු .ආර්. සිල්වා මහතා ප්‍රමුඛ නිතිඥ කණ්ඩායමක් කර්මාන්ත ශාලාවේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටියහ.
මීට අමතරව කර්මාන්තශාලාවේ කළමනාකරු ඒ.කේ.ඩී.ආර්. එදිරිසිංහ සහ එහි රසායන පාලිකාව වන ඉනෝකා සජිවනී යන දෙදෙනා ද මැයි 11 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කැරිණි.
ඉකුත් 19 වැනි දා සිදු වු මෙම ඛේදවාචකයෙන් එම කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු මිය ගිය අතර 34 ක් රෝගාතුර විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.