බිමල් ශ්‍යාමන් ජයසිංහ
හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්තශාලාවේ පස්දෙනෙකුට මරු කැඳවු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට බාරවු කර්මාන්තශාලාවේ හිමිකරු සරත් විජේරත්න මැයි 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (27) නියෝග කළේය.
ජනාධිපති නීතිඥ හා නීතිඥ සංගමයේ සභාපති යු .ආර්. සිල්වා මහතා ප්‍රමුඛ නිතිඥ කණ්ඩායමක් කර්මාන්ත ශාලාවේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටියහ.
මීට අමතරව කර්මාන්තශාලාවේ කළමනාකරු ඒ.කේ.ඩී.ආර්. එදිරිසිංහ සහ එහි රසායන පාලිකාව වන ඉනෝකා සජිවනී යන දෙදෙනා ද මැයි 11 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කැරිණි.
ඉකුත් 19 වැනි දා සිදු වු මෙම ඛේදවාචකයෙන් එම කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු මිය ගිය අතර 34 ක් රෝගාතුර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්විය යුතුයි. ඒ වගේම තම ධනබලය ප්‍රදර්ශනය කරමින් නීතිඥ සංගමයේ සභාපති ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් සමග පැමිණිම විශේෂයෙන් පොලිසියට බලපෑම් කිරිමේ අරමුණ ඇතුව විය හැකිය.
දැන් කල යුත්තේ බලධාරීන් මැදිහත් වෙලා අයිතිකරුවන් සමග සාකච්ඡා කර, කරුණාකර මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වලට සාධාරණ වන්දියක් ලබාදෙන්න කටයුතු කර (අඩුම තරමේ එක පුද්ගලයෙකුට ලක්ෂ 50 වත්) සහ රජය මැදිහත් වී කම්හලේ තිබෙන අඩුපාඩු පිළිසකර කර නැවත නිෂ්පාදනය අරඹලා රැකියා අහිමි වූ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරන්න. මෙම අනතුරට කම්හල් පාලකයෝ පමණක් නොව පරිසර අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරින්ද වගකිව යුතුය. කම්හල් වහලා කලමනාකරුවන්, අයිතිකරුවන් සති කිහිපයක් රිමාන්ඩ් කර පසුව ඇප දීලා එළියට දමා නඩුව අවුරුදු 10ක් විතර ඇදගෙන ගියා කියලා... මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට සහ රැකියා අහිමි වුණු සේවකයන්ට වෙන සෙතක් නැත. මෙම පාලකයෝ සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර පැහැර හැර ඇතිබව ඇත්ත... නමුත් ඔවුන් හිතාමතාම මිනි මැරීමේ චේතනාවෙන් මෙය කර නැත.
අනිවාර්යෙන්ම මෙයා රිමාන්ඩ් භාරයට පත් කළ යුතුයි. මෙයාගේ බලපුළුවන් කාරකම පෙන්වන්න වෙන්න ඇති නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නීතිඥ කණ්ඩායමක් එක්ක ඇවිත් උසාවියට බාර වුනේ. පොලිසියත් මෙයාගේ බලයට යටවෙලා තමයි බාරවෙනකම්ම ඇඹරි ඇඹරී හිටියේ...