එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරු වලට අලුතින් තෝරා පත්කර ගැනීම ඊයේ සිදු කෙරිණි.
ඒ අනුව එක්සත්ත ජාතික පක්ෂයේ සභාපති ධූරයට උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම්, මහ ලේකම් තනතුරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක ධූරයට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික ධූරයට ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය ආචාර්්‍ය හර්ෂද සිල්වා යන මහත්වරුන් පත් කිරීම එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කළේය.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත් එක්සත් ජාතික පක්ෂ උප නායක වශයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාත් පත් කිරීම9ට දේශපාලන මණ්ඩලය තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය කොළඹ අරලියගහ මන්දිරයේ රැස්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල් පුටු පෙරලුනත්, මුල්ම පුටුව පෙරලෙන්නේ නැහැ. අවුට් වුනත් තව බැට් කරන්න ඕනිලු.
පලක් නැති සෝබන වැඩ. කියන තරම් යකා කළු නැහැ වගෙයි, මහා පෙරලියක් කරනවා කිව්වට පුස්සක්.
මේ නිව්ස් එකේ මාතෘකාව " මුල් පුටු හැර අනෙක් පුටු සංගීත පුටු " යනුවෙන් වෙනස් උනා නම් හොඳයි කියා සිතමි.
ජනාධිපති තරඟයට සජිත් ප්‍රේමදාස තමයි දමන්න වෙන්නේ. රනිල්ට කොහොමටත් ජනාධිපති වෙන්න වාසනාව නැහැ. සජිත්ටත් දිනන්න පුළුවන් වෙන්නේ බොහොම අමාරුවෙන්. ගෝටාභය අවොත් සජිත්ට ටිකක් අමාරු වෙයි.
ඉතාම සතුටුයි
ජයවේවා ............
කව්රුහරි මට තෝරලා දෙනවද මොකක්ද මේ නියෝජ්‍ය නායක හා උප නායක කියන දෙකෙන් වෙන ප්‍රතිපලය මොකක්ද කියලා?
දැන් හැමෝම රනිල් මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරියට යමු.
පුදුම පෙරලිල්ලක් පෙරලිලා තියෙන්නේ!
එක්සත් ජාතික පක්ෂයට ගොඩ ඒමක් නැත.
නියෝජ්‍ය නායකයි උප නායක අතර වෙනසක් තියෙනවද?
රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය පත්කලා වගේ.