(ටී.කේ.ජී.කපිල )
විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගී කාන්තාවක් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
ඇය අද(27) අලුයම 2.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. - 557 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "
ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඇය විසින් රැගෙන විත් තිබූ විශාල ඇදුම් අසුරන බෑගයක , මෙම ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 20,980 ක් අසුරා , සඟවා ගෙන සිටි අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් 10,49, 000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මලික් පෙරේරා මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම චීන ජාතික කාන්තාවට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය ඔය කියන තරම් ආර්ථික වශයෙන් දියුණු රටක් නම් චීන්නු මොකෝ මේ වගේ හොර ජාවාරම් කරන්නේ? මෙහෙ දැන් චීන ජාතිකයන් කී දෙනෙක් ඔය වගේ අහු වුනාද වැරදි වැඩ වලට?