ඉන්දිකා රාමනායක
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන දොරටුවට අලාභ හානි කරගෙන අනවසරයෙන් ඊට ඇතුළු වීමට ගිය බව කියන දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය.
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක් අතරතුර විරෝධතාවයේ නිරත පිරිසෙන් කොටසක් එලෙස අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ශිෂ්‍ය හිමි නමක් ද වන බව පොලිසිය සඳහන් කරයි.
පිරිස විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රශ්නේ කඳුළු ගෑස් ජල ප්‍රහාර වලින් නවත්වන්න බැහැ.
දැන් ඉගෙන ගන්න බැහැ පොත් කියවන්න බැහැ ඉගෙන ගන්නෙ නැතුව උපාධි දෙන්න කියලද කියන්නේ මේ..
මේ විරෝධය පාන්නන් නියෝජනය කරන්නේ රටේ ඉතාමත්ම සුළුතරයක් පමණයි. එම නිසා මේ විරෝධතාවන් ඒ තරම් ගණන් ගත යුතු නැත.
ලංකාවේ සංඝයා වහන්සේ ජාතියේ මුරදේවතාවුන් වශයෙන් හිටිය,භන ,භාවනා කළා විතරක් නොවෙයි .වසර 2500 රට රැකුණේ එහෙමයි.රටේ කොඳු නාරටිය.එක කැඩුවොත් ඒකීය භාවයත් ඉවරයි..අධ්‍යාපනය සිමා කරනවයි කියන්නේ ඒ වැඩේට මුල.
ලංකාවේ විශ්ව විද්‍යාලවල ළමයි වැඩිපුර කාලයක් ගතකරන්නේ පාරවල් වලයි පිට්ටනි වලයි. ඊට පස්සේ විභාගෙට මොනවහරි ලියල ලේක්චරස්ලා භය කරලා විභාගේ යන්තමින් ගොඩ දාගන්නවා. ලේක්චරස්ලත් දිගටම හිටියොත් කැම්පස් එකත් කසිප්පු තිප්පොළක් වගේ වෙයි කියල හිතලා වැඩිපුර ලකුණක් දෙකක් දීලා උපාධියක් එක්ක එලියට දමනවා. දැන් ඒ වගේ 57000 ක් ඉන්නවා රස්සා ඉල්ලලා පාරට බහින්න.
මාසෙකට කී පාරක් ලෝටස් පාර , ටවුන් හෝල් වටරවුම වහන්න සිද්ධ වෙනවද? උපාධිය ගත් පමනින් ඊලගට රජයේ රැකියා බලාපොරොත්තු වෙනවා. නමුත් තාක්ෂණ විශයන්, අතුරු සෞඛ්‍ය විශයන් වල ලෝකයේ රැකියා බහුල උනත් අපේ අය ඊට යොමු වන්නෙ නෑ. පාර්ට් ටයිම් රැකියා ගැන එහෙම තරුන කොටස් කිසිම උනන්දුවක් නෑ. සමාජයට දේවේශ කරන තරුන පිරිස් වැඩියි. අනික විශ්ව විද්‍යාලයෙන් එහාට යන සමාජවාදයක් ඇත්තෙත් නෑ. ලෝකයේ අනිකුත් විශ්ව විද්‍යාල වලින් ගතහැකි ආදර්ශ අපේ අය ගන්නේ නෑ. අවම වශයෙන් බොහෝ දෙනෙකු සමාජයේ හැසිරීමට වත් දන්නේ නෑ. මෙවැනිබුද්දිමත අය මීට වඩා වගකීමෙන් හැසිරෙනවා නම් හොදයි. අනික ඔබව මෙහෙයවන නායකයන් ජීවත් වෙන්නේ කොහොමද, වසරකට කී පාරක් විදේශ ගත වෙනවද, ඇයි ඔවුන් විභාග කල් දමමීන් තරුන ව්‍යාපාර මෙහෙය වන්නේ? කියන් කරුනු හොයලා බලන්න.
ඇයි විරෝධය පළ කලේ කියලා විස්තර නැත්තේ ඇයි?
ඔවු, ඔවු සමරසිරි මහත්තයෝ, මෙහෙම ගිහාම තමයි රට රැකෙන්නේ නේද?