( තිළිණි ද සිල්වා )
එක්සත් ජාතික පක්ෂයේ සිදු කෙරැණු තනතුරු සංශෝධනයන් පිළිබද තමන්ට කිසිදු ගැටලුවක් නැති නමුත් දිගින් දිගටම පක්ෂ නායකත්වය විවේචනය කරන පක්ෂයේ අයට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා දඩුවම් කළ යුතුයි යැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (26) පැවසීය.
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ එලෙස පක්ෂ නායකත්වය විවේචනය කළ අයට ඇමතිකම මෙන්ම මන්ත්‍රීකමද අහිමි වූ බව හෙතෙම කීය.
‘ සමහර පසුපෙළ අය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට යන්න කියනවා. ඒත් ඔවුන් ඒ ජ්‍යෙෂ්ඨයින්ට වගේ එක ආසනයක්වත් දිනා ගැනීමට බැහැ.‘ යැයිද ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් එ්ක හරි නායකයා විවේචනය තිරීම වැරදි තමා පවුනේ. ඔය විවේචකයන් අල්ලලා ඔවුන්ට අරවයින් පෙති තුන ගානේ එකවර ලබා දිය යුතුයි. එතකොට කට වහගෙන ඉඳියි.
පක්ෂේ ප්රජාතන්ත්රවාදී කිව්වා නේද ඇමති තුමා? එහෙම නැතත් රට නම් ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයක්. ඕනේ කෙනෙකුට විවේචනය කරන්න අයිතියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියනවා.
මොන සුදුසු කමක්ද තියෙන්නේ මෙතුමාට.?
නායකයා විතරක් නොවේ, ඔබතුමාත් පන්නලා දමන්න ඕනේ.. නායකයාගේ වැනෙන සුළු ප්රතිපත්තියත් ඔබතුමාගේ වගකීමක් නැති කතාත් නිසා තමා ඔබතුමාලගේ ආසනයේ පක්ෂය විශාල කඩා වැටීමකට ලක්වුණේ...