අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් භික්ෂුන් වහන්සේ සහ සිසුන් නව දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයුතු ඇතුළුවීම, පොදු දේපොළවලට අලාභ හානි කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කල් සිදු වූ විරෝධතා වලදී මෙවැනි අය රිමාන්ඩ් කරා කියා මේ හැසිරීම වෙනස් උනාද? මේ අය රිමාන්ඩ් කරමින් උසාවි වලට ඉදිරිපත් කිරීම, පොලිසියේ සහ අධිකරණයේ කාලය කා දැමීමක් පමණයි. මේ අයට කල යුත්තේ ඔහේ පාරේම ගත කිරීමට සැලැස්වීමයි.
ඔබගේ පක්ෂය ගැන නොහිතා අන්තරේ ගෙනයන මේ ක්‍රියාවට එරෙහිවන්න. මේ රජය සිටියත්, පොහොට්ටුව ආවත්, ජවිපෙ රජයක් ආවත් අන්තරේ සරසවි අධ්‍යාපනය අඩපන කිරීම නොනවතිනු ඇත. ඔවුන්ගේ මුළු ව්‍යාපෘතිය තුලම ඇත්තේ කෙසේ හෝ සරසවි සිසුවකුගේ අධ්‍යාපන කාලය වසර තුන හතරකින් දිගු කිරීමයි. ඒ මගින් ජන ජීවිතය අඩාල කිරීම සඳහාද පියවර ගැනීමට ඔවුනට හැක.
කරුණාකර මේ උදවියගේ නම් ප්‍රසිද්ධ කරන්න. මේ කට්ටිය කිසිම රැකියාවකට සුදුසු නැහැ. ආයතනයක දේපල හානි කරන , තර්ජන ගර්ජන කර ,සේවා අඩපන කරන උගතුන් ගෙන් රට වැඩක් නැහැ . සියලුම ආයතන වල කළමනාකරුවන් රැකියා දෙන්න පෙර මේකට්ටිය අසාදු ලේඛන ගත කරගන්න. පැත්ත අහලකට ගෙන්න ගන්න එපා. ගිය තැන ඉවරයි.
බරපතල වැඩ ඇතුව රිමාන්ඩ් කලා නං තමා හොද.