(නිශාන්ත කුමාර)
බදුල්ල ප්‍රධාන මහියංගන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් අද (26) එම මාර්ගය අතරතුර පිහිටි වියානා ඇළ මාර්ගයේ මාපාකඩ 08 කණුව ප්‍රදේශයේදී මහවැලි ඇළට පෙරැළී අනතුරට ලක්ව ඇතැයි මහියංගණ පොලීසිය පවසයි.
ඇළ මාර්ගයට පෙරැළී ගිය මෝටර් රථය පෙරැළී ගිය ස්ථානයට මීටර් කීපයක් පහළින් පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව අද උදෑසන ගොඩගත් බවද පොලීසිය පවසයි.
අනතුරට පත් මෝටර් රථය ගොඩ ගනු ලැබූවත් එහි ගමන් ගත් පුද්ගලයින්ට සිදුවූවේ කුමක්දැයි යන්න තෙක් අණාවරණය වී නොමැත.අනතුරට ලක්ව ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෝටර් රථයකි.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලීසිය පරීක්ෂණ පවත්වයි .
මෙම මෝටර් රථය අනතුරට ලක්වු ස්ථානයේදීම මීට මාස කීපයකට ඉහතදීද මෝටර් රථය දෙකක් හා ත්‍රීවීල් රථයක් අනතුරට ලක්වීමෙන් හය දෙනෙකුට දිවි අහිමිවිය.
ඡායාරූප - රංජිත් කරුණාවීර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආන්ඩුකරවන ඇත්තන්ගේ ඇස්නම් කවදාවත්ම පෑදෙන්නේ නැහැ , දුම්රිය දෙපාර්තුමේන්තුවේ තියනවා ඉවත්කරපු රේල්පීලි, ඒවා ලංකාවේ උනුකරලා නැවත භාවිතා කරන්නත් බැහැ , ඉතින් ඒවා යොදා ගෙන, ඉතාමත් ආරක්ශිත වැටවල් මේවගේ අනතුරුදායක තැන්වල ඉදිකරන්න පුලුවන් ඉතාමත්ම අඩු මුදලකින්.. ඒත් එවැනි ව්‍යාපෘතියකින් කොමිස් ගන්න බැරි නිසා බලදාරීන් ඒවගේ දෙයක් කරයිකියලා හිතන්න අමාරුයි...
මේ තැන් වල ආරක්ෂිත වැටක් හයි කරන්න පුළුවන්නේ
කාටවත් බැනල වැඩක් නැහැ හරියට වාහන එලවන්න පුරුදු වෙන්න
වෙන රටකනම් අනතුරු දෙකක් වෙනකොට මොකක් හෝ ක්‍රියා මාර්ගයක් ගන්නවා. දවස ගානේ මැරෙන්නේ ජීවත්ව ඉන්න ඕන මිනිස්සු. ඉන්දියාවෙන් ගෙනෙන යතුරුපැදි නිසා දවසකට කී දෙනෙක් එලොව යනවද? අවුරුදු තුනක් ගෙවිලත් තවම වැඩ පටන්ගන්න බැරි වුණා.
ලස්සන වාහනේ මෙයාල ඇලට පෙරලල, අපි මේ වගේ එකක් ගන්න තවම සල්ලි එකතු කරනවා.
මේ කීවෙනි වහනයද මේ ඇලට වැටුන? බලධාරීන් තාම නිදි!!