අැෆ්ගනිස්තානයේ තලේබාන් ප්‍රහාරයකින් 40 ක් මරුට ඇෆ්ගනිස්තානයේ දකුණු කන්දහාර් පළාතේ හමුදා කඳවුරකට එල්ල වූ තලේබාන් ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි. 19 October 2017
හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපති ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා ගැටලුව විසඳීමට ජාතික වැටුප් කොමිසම මෙතෙක් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් හෙට(20) මධයම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පවසයි. 19 October 2017
සතොසේ සම්බා අද මැදියම් රැයේ සිට අඩුවෙයි ලංකා සතොස අලෙවිසල්වල සම්බා සහල් මිල අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරෙන බව සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි. 19 October 2017
ආනන්ද සමරසේකර අධිකරණයට බාර වෙයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වන ප්‍රචාර හමුවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද(19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ උසාවියට බාර විය. 19 October 2017
සයිටම් ගැන රජයේ ප්‍රතිපත්තිය සඳුදා සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය එළැඹෙන සඳුදා (23) ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 19 October 2017
දෙකෝටියක රන් අබරණ සමඟ ගුවන් සේවකයෙක් රේගු දැලේ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයකු අද (19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 19 October 2017
උතුරු මැද හිටපු මහ ඇමැතිගෙන් ආණ්ඩුකාරවරයාට චෝදනා උතුරුමැද පළාතේ සේවය කළ ඉහළ නිලධාරිනියකගේ සේවා දිගුවක් සිදු කිරිමට සහයෝගය නොදුන් නිසා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් දුන් බව පවසමින් පළාත් සභා ප්‍රධාන අමාත්‍යංශයේ සහ අනිකුත් ලේකම්වරු ස්ථාන මාරු කරමින් පළාත් සභාව අවුල් කරමින් දේශපාලන පළිගැනිම් සිදු කරන බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි. 19 October 2017
සුරා වැටලීමට ගිය පොලිස් නිලධරයා උඩුමහලෙන් ඇදවැටෙයි දොම්පෙ පොලිස් වසමට අයත් උඩමාපිටිගම ප්‍රදේශයේ හොර සුරා වැටලීමකට ගිය උප පොලිස් පරීක්ෂකවරයකු දෙමහල් නිවසකින් ඇද වැටීමෙන් තුවාල ලබා ප්‍රතිකාර පිණිස ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. 19 October 2017
උල්කාෂ්මය සියැසින් දුටු අයෙක් දකුණු පළාතේ ස්ථාන ගණනාවකට ඊයේ (18) රාත්‍රී අහසේ දර්ශනය වූ උල්කාශ්මිය බොහෝ දෙනෙකු දැකගත හැකිවිය. 19 October 2017
විශාල ශබ්දය උල්කාශ්මියක් - ආචාර්ය චන්දන ජයරත්න දැනට ලැබෙන වාර්තාවලට අනුව මෙම තත්වය ලොකු උල්කාශ්මියක් විය හැකියැයි කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා තහවුරු කළා. 18 October 2017
දකුණු දිග අහසේ විශාල ආලෝකයක් සමග ශබ්දයක් විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම් වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් පිටබැද්දර ප්‍රදේශවාසීහු පවසති. 18 October 2017
ශ්‍රී පාද පියගැටපෙළට කුණු කන්දක් කඩාවැටෙයි නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ කැළි කසල කන්දක් කඩා වැටිමෙන් අවහිර වි ඇති ශ්‍රී පාද පියගැට පෙළ කඩිනමින් යථාතත්ත්වයට පත්කරන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පවසති. 18 October 2017
රැන්සම්වෙයාර් වෛරසය නිසා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන අවදානමේ රැන්සම්වෙයාර් නමැති වෛරසය ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට ද බලපෑම් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 18 October 2017
පුංචි ඡන්දයට මැතිවරණ කොමිසමෙන් නිර්දේශ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තේරීමේදී තරුණයින් සඳහා 25% ක හෝ ඊට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලික් ඉල්ලීමට තීරණය කර තිබේ. 18 October 2017
අධ්‍යාපන අමාත්‍යංශයත් තොරතුරු පනත උල්ලංඝනය කරයි තොරතුරු දැනගැනීමේ පනත අනුව කරන ඉල්ලීම් වලදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නම් කළ නිලධාරියා වන අධ්‍යාපන ලේකම්වරයා එම පනත සහ ඊට අදාළ ගැසට් පත්‍රය උල්ලංඝණය කරන බව තොරතුරු කොමිසම නිරීක්ෂණය කර තිබේ. 18 October 2017
මුලතිව් මුහුදේ නාන්න ගිය සිසුන් දෙදෙනකු අතුරුදන් දීපාවලිය සැමරුම අතර මුලතිව් මුහුදේ දිය නෑමට ගිය උසස් පෙළ සිසුන් දෙදෙනෙක් අද (18) මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බව මුලතිව් පොලීසිය කියයි. 18 October 2017
නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි - මල්වතු නාහිමිවරු කියති නව ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව කියමින් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු අද(18) විශේෂ නිවේදනයක් නිකුත් කළහ. 18 October 2017
කොකේන් විකිණූ බාප්පයි පුතයි අත්අඩංගුවට කඩුවෙල සහ පානදුර ප්‍රදේශවල කොකේන් මත් කුඩු විකිණීමේ නිරත වූ එකම පවුලේ බාප්පා සහ පුතා රුපියල් ලක්ෂ හයහාමාරක් පමණ වටිනා කොකේන් මත් කුඩු ග්‍රෑම් පනස් හයක්ද සමගින් අද(18) සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 18 October 2017
අතුරුදන් තරුණියක් රඳවාගත්තැයි ගම්පහ කතක් අත්අඩංගුවට වැල්ලම්පිටියේ දී අතුරුදන් වූ තරුණියන්ගෙන් 14 හැවිරිදි තරුණිය ගම්පහ නිවසක රඳවා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ පදිංචි කතක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය වැල්ලම්පිටිය පොලිසිය වෙත රැගෙන එමින් සිටී. 18 October 2017
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැකයක් නෑ - පාකිස්තානු විදේශ ලේකම් පකිස්තානයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කරගත යුතු නැතැයි මෙරට සංචාරයක නිරත වී සිටින පාකිස්තාන විදේශ ලේකම් ටෙහ්මින් ජන්ජු මහත්මිය අද (18) ප්‍රකාශ කළාය. 18 October 2017
අතුරුදන් වූ තරුණියන් තිදෙනා හමුවෙයි කොළොන්නාවේදී අතුරුදන් වූ තරුණියන් තිදෙනා අද(18) පොලිසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 18 October 2017
‘රජයේ ප්‍රධාන වැවිලි සමාගම් තුනක අර්ථ සාධක හිඟ මුදල් ගෙවා නෑ‘ රජයේ ප්‍රධාන වැවිලි සමාගම් 3කින් රුපියල් මිලියන 1,702ක අර්ථ සාධක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බව අනාවරණය වී ඇතැයි කම්කරු අමාත්‍යංශය කියයි. 18 October 2017
බණ්ඩාරගමදී වෙඩි හුවමාරුවක් නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රියක් බණ්ඩාරගම , මාරාවේ දී පොලිස් අණ නොතකා ධාවනය කරද්දී රථයේ සිටි සැකකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාර සමග පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් පසුව සැකකරුවන් රිය හා ගිනි අවිය දමා පළාගොස් ඇති බවත් පොලිසිය කියයි. 18 October 2017
හෙරොයින් සමග සැකකරුවකු දැලේ යාපනය ආනාකෝට්ටෙයි ප්‍රදේශයේදී රුපියල් 50000 කට අධික වටිනාකමින් යුත් හෙරෝයින් ග්‍රෑම් 2ක් හා මිලිග්‍රෑම් 150ක් අලෙවිකිරීම සඳහා රැගෙනයමින් සිටි අයකු යාපනය ආනාකෝට්ටේ හීදි අද(18) අත්අඩංගුවටගත් බව මාණික්පායි පොලිසිය පවසයි. 18 October 2017
මියගිය යෝධ තල්මසෙක් කල්පිටිය මුහුදු තීරයේ කල්පිටිය කන්දකුලිය මුහුදු තීරයට අඩි 60ක් පමණ දිගැති යෝධ තල්මස් සිරුරක් ගොඩ ගසා තිබිණි. 18 October 2017
කොළඹ ශාස්ත්‍ර පීඨය වැසෙයි සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දැමූ බව එහි උපකුලපති ලක්ෂ්මන් දිසානායක මහතා පවසයි. 18 October 2017
සයිටම් හිමිකාරිත්වය වෙනස් කිරීමට රජයේ තීරණයක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් ආයතනයේ අයිතිය පෞද්ගලික හිමිකාරීත්වයෙන් ඉවත්කර ලාබ නොලබන සහ වැඩි පිරිසකගේ අයිතීන් සහිත නව ආයතනයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේරු මහතා පාර්ලිමේන්තුවට පැවසීය. 17 October 2017
ආගමික ස්ථානයේ යකඩ කටට උසාවියෙන් තහංචියක් හලාවත විජය මාවතේ පවත්වා ගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක ශබිද විකාශන යන්ත්‍ර භාවිතයෙන් අවට ප්රදේශවාසිනට සිදුවන හිරිහැර නිසා එම ශබිද විකාශන යන්ත්‍ර භාවිතය මු`ඵමනින්ම තහනම් කිරිමට හලාවත මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද ( 17) නියෝග කළේය . 17 October 2017
සුනිල් හඳුන්නෙත්තිගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ස්වාධීන විගණන පවත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද(17දා) පාර්ල්මේන්තු මහලේකම්වරයාට භාරදුන්නේය. 17 October 2017
නාමල්ලා අත්අඩංගුවට ගැනීම ගැන ඒකාබද්ධයෙන් විරෝධය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණවීර , ඩී වී චානක යන අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය. 17 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026