විනීතා එම් ගමගේ
පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි වන්නටත් ඒ තුළ සංවර්ධන ඉලක්ක සම්පූර්ණවන්නටත් එහි කාන්තා නියෝජනය වැඩි කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
අඩුම ගණනේ 60% ක් වත් කාන්තා නියෝජනය තිබෙනවා නම් පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩිවනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
ජනගහනයෙන් 52% කාන්තාවන් වන බවත් සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන්ගේ කාර්යක්ෂමතාවය වැඩි යැයි අදහසක් ඇති බවත් කී සිරිසේන මහතා ඒ අනුව කාන්තා නියෝජනය වැඩි විය යුතු යැයි ද පැවසීය.
සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීමට ඇති ක්‍රමය ලෙස තමන් විශ්වාස කරන්නේ කාන්තා නියෝජනය වැඩි කිරීම යැයි ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (17) ආරම්භ වූ අගැයුම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුවේ සමාරම්භක සැසිය අමතමිනි. රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා සිවිල් ක්‍රියාකාරින්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම තෙදින සමුළුව හිල්ටන් හෝටලයේ දී හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීත්තවලට ආසයි වගේ
මහජන නියෝජිතයන් බොහෝ වේලාවට රාජ්‍ය දේපල අවභාවිත කරන්නේ ඔවුන්ගේ බිරින්දෑවරු නිසා... (හිතාගන්න පුළුවන්නේ කෙසේද කියා?) ඉතින් බිරින්දෑවරු මහජන නියෝජිතයන් වූකලී රාජ්‍ය දේපල අවභාවිතාවේ කාර්යක්ෂමතාවය කොහොමට හිටීද..?
අන්න! තවත් රටේ දැවෙන, බරපතල ප්‍රශ්නයකට මෙතුමා අතගසලා.
ඊට කලින් තමන්ගේ පක්ෂයේ නියෝජනය වැඩි කරගන්න ක්‍රමවේදයක් ගැන හිතුවොත් නරකද? එක එක වෙලාවට එක එක දේවල් කියවනවා මිස කිසිදෙයක් කෙරෙන හැඩක් පෙනෙන්නට නම් නැහැ. දැන් අනිත් එක්කෙනා අගමැති වෙලා ගේම දෙන්නයි සැලසුම් කරන්නේ කියලත් කියනවා.
මමත් කැමතියි අපේ ගෙදර කාන්තා නියෝජනය වැඩිකරන්න.. කොහෙද අපේ මායියා කැමති නැහැනේ...
අම්බරුවන් ටික පැණි හලාගෙන පාර්ලිමේන්තුවට දක්කන්න හොඳ ක්‍රමයක් තමයි. හැබැයි තරුණ ලස්සන දැකුම් කළු කාන්තාවන් ටිකක් ගේන්න හොඳේ... නැතිනම් ඉතින් ඝනපූර්ණ කතාවම තමයි.
අහෝ!!! ඔබ අසරණ වී ඇති සැටි...
එකනම් හොඳයි ඔය සැසිවාර වලට සහභාගී නොවෙන මන්ත්‍රීවරු ගෙන්න ගන්න. නමුත් විවාද නම් ගාලගෝට්ටියක් වෙයි.
අනේද කියන්නෙ ? කාන්තාවන්ට තැන දෙන්න කතාව. අර ඔස්ට්‍රියාවෙ 'තානාපතිනිය' සියරට කැඳවපු එක පිටරටවල පත්තර වාර්තා කරලා තියෙන විදිය දැක්කම ලැජ්ජ හිතෙනවා.
දැනටමත් අපට ඉන්නවා අගමැතිවරියක්, මුදල් අමාත්‍යවරියක්, අධ්‍යාපන අමාත්‍යවරියක්.
ගෙවල් වල ඉන්න මන්ත්රිලගේ නෝනලා කැමතිවෙයිද දන්නේ නැහැ පාර්ලිමේන්තුව ගැහැණුන්ගෙන් පිරෙනවාට. ඒගොල්ලෝ අසාවි ඒගොල්ලෝ එන්නද කියලා.
රටේ කාන්තාවෝ 52% ක් ලු. ඒ උනාට මෙයාට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අඩුම 60% ක් වත් ඕනේ. කොහොම ගණනය කලාද කියන්න දන්නේ නැහැ. අඩුම තරමේ ඉදිරිපත්වෙන කාන්තාවන්ටවත් ඡන්දෙන් ආසන 25% දිනාගන්න බැහැ තවම කාන්තාවෝ 52% ඉන්න රටේ, ඒ කාන්තාවෝ දන්නනවා කාන්තාවන්ගේ කාර්යක්ෂමතාව මොකක්ද කියලා. මේක හැම කාන්තාවකටම අදාළ නැහැ. මම හිතන්නේ වැඩ නැතිකමට ඔය මොනවා හරි කියන්න හිතෙන්න ඇති.
අනේ අපොයි රටට ගිය කලක්.
ගුටි කෙලි සංදර්ශනයකදී හිස කෙස් පටලවා ගනීද දන්නේ නැහැ. හොද "මොඩලින්" පාරකුත් බලා ගන්න පුළුවන්. රත්තරන් කඩවලට හා සාරි කඩවලට ජයම තමා.