බැඳුම්කර කොමිසමට එන්න අගමැති සූදානම් බැඳුම්කර කොමිසම ඉදිරියේ ඉදිරිපත් වූ කරුණුවල දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින් කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසයි. 16 October 2017
‘ආබාධිතයින්ට පහසුකම් නැති ස්ථාන හදන්න දෙන්නේ නෑ‘ - එස්.බී ආබාධිතයින්ට සමාන පහසුකම් නොමැතිව අලුතින් ඉදි කෙරෙන කිසිම පොදු ස්ථානයක් සෑදීමට ඉඩ නොදෙන බවත් එලෙස නොකරන ස්ථාන වලට නඩු දමා නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් සමාජ සවිබල ගැන්වීමේ හා කඳුරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා මහනුවරදි පැවැසිය. 16 October 2017
බැඳුම්කර කොමිසම තවත් මාස තුනක් ඉල්ලයි භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවේ. 15 October 2017
සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 189ක් මරුට සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු වෙත එල්ල වූ දැවැන්ත ට්‍රක් රථ ප්‍රහාරයකින් 189 දෙනකුට වැඩි පිරිසක් මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 15 October 2017
මහින්ද අධිකරණයෙන් සාධාරණය බලාපොරොත්තු වෙයි “හම්බන්තොටදී ජාතික සම්පත් විකිණීමට එරෙහි වූ තරුණ මන්ත්‍රීවරුන් වගේම මහමග ගිය අහිංසකයන් ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ලොකු අසාධාරණයක් කර තිබෙනවා.“යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 15 October 2017
අමාත්‍යාංශයේ ස්ථාන මාරු රැවටිල්ලක් ස්ථාන මාරු ලබාදී ඇති ගුරුවරුන්ට එම මාරු දන්වා යවා ඇති ලිපිය ආයතන සංග්‍රහය හා ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය උල්ලංඝණය කරන්නේ යැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි. 15 October 2017
මහ බැංකු සාමාජික නිහාල් ෆොන්සේකා බැඳුම්කර කොමිසමට මහ බැංකුවේ මුල්‍ය මණඩලයේ සාමාජිකයකු ලෙස සේවය කරන නිහාල් ෆොන්සේකා මහතාගෙන් සාක්කි ලබා ගැනීම සඳහා හෙට (16) බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත. 15 October 2017
දිස්ත්‍රික්ක 06කට නාය යෑමේ අවදානමක් වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 15 October 2017
තලතා අතුකොරළ රුසියාවට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී අද (15) සිට පැවැත්වෙන 137 වන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන සැසිවාරයට සහභාගිවීම සඳහා අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය දිවයිනෙන් පිටත්ව ගියාය. 15 October 2017
මිගහකිවුල ඇළක් ගිලාබැස වතුර අතුරුදන් වෙයි මීගහකිවුල කෝමාරීක ගොවි ජනපදයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ වැල්ලේවෙල ඩී 02 ප්‍රධාන අතුරු ඇළ ගිලා බැස ඇති බවත් එතුළින් ජලය අතුරුදන් වන බවත් එහි නේවාසික ව්‍යාපෘති කලමණාකාර මාධව ඉන්දික රත්නායක මහතා පවසයි. 15 October 2017
බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙන්න බැඳුම්කර ගනුදෙනුවේදී සේවක අර්ථසාධක අරමුදලට සිදුකර ඇති හානිය වෘත්තීය සමිති ලෙස හෙලා දැකිය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා නාවික සේවකයන්ගේ වෘත්තීය සමිතියේ නායක පාලිත අතුකෝරල මහතා විසින් ජාතික කම්කරු උපදේශන සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇතැයි කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 15 October 2017
වල්ලපට්ටා තොගයක් සමඟ දෙදෙනක් අත්අඩංගුවට ජංගම දුරකථන සහ වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙක් අද (15) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 15 October 2017
ඉහළ කොත්මලේ-කැනියොන් වාන් දොරටු අරියි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ. 15 October 2017
ගිංගඟ පිටාර ගලයි නෙළුව ප්‍රදේශයට සහ ඉහල ජලපෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් අද (15) අළුයම සිට ගිං ගඟ ආශ්රිත පහත්බිම් රැසක් යටවී ඇතැයි ගිංගග භාර වාරීමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පවසයි. 15 October 2017
ඇමති අමරවීර ඒකාධිපති ගමනක් යනවා - දිලිප් ඇමති මහින්ද අමරවීර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඒකාධිපති ගමනක් යනවා. එතුමා පසු ගිය දා මහවැලි ඉඩම් ඔප්පු 3000ක් ජනතාවට ලබා දුන්නා.සජිත් ප්‍රේමදාස ඇමතිතුමාවත් මමත් මේ ගැන දන්නේ නෑ . ධීවර ඇමති වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තනි ගමනක් යනවා. අපි නිකමුන් වගේ ඉන්නවා.ජනාධිපති තුමනි කරුණාකරල මේ ගමන නවත්වන්න කටයුතු කරන්න යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා අද (14) සවස අම්බලන්තොට පට්ටිය වරායේ පැවති ධීවර හමුවකදී පැවසීය. 14 October 2017
ලක්ෂපාන දොරටු දෙකක් අරී - කැලණි ගඟත් සැරවෙයි මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇද හැලෙන තද වර්ෂාව නිසා ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව පොලිසිය පවසයි. 14 October 2017
නාවලපිටියේ කොටසක් ජලයෙන් යටවෙයි මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වී තිබේ. 14 October 2017
‘උද්ඝෝෂණ කිරීමට හැමෝටම අයිතියක් තියෙනවා‘ උද්ඝෝෂණ කිරීමට ඕනෑම අයකුට ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇති බවත් තම වෑයම රට වනසන යුද්ධයකට යළිත් ඉඩ නොතබා සියලූ ජාතින්ට එකට ජීවත්විය හැකි සාමකාමී සාධාරණ සමාජයක් ගොඩනැගීම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 14 October 2017
ජනපති යාපනයේ විරෝධතාකරුවෝ හමු වෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපන සංචාරය අතරතුර දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වූ අතර ඒ අසලින් ගමන් ගත් සිරිසේන මහතා මදකට නතර වී එම විරෝධතාකරුවන් හමු විය. 14 October 2017
බදුරලියේ මාර්ග ජලයෙන් යටවෙයි බදුරලිය - කලවාන මාර්ගයේ මිදලන හා වලල්ලාවිට පැලවත්ත කොස්කැටිය මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර දිස්ත්‍රික් නිලධාරි හර්ෂ ඒකනායක මහතා පවසයි 14 October 2017
කැඳවුම්කරුවන් නිදහස් කරන්නැයි විරෝධතා රිමාන්ඩ් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු කැඳවුම්කරුවන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය අද (14) බදුල්ලේදී විරෝධතාවක් පැවැත්වීය 14 October 2017
මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම සීඝ්රයෙන් ඉහළට මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පිහිටි පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ නගිමින් පවති. 14 October 2017
ව්‍යාපාරිකයාගේ සාක්කුවේ ලක්ෂ 30ක රන් භාණ්ඩ රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ ස්වර්ණාභරණ තොගයක් අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි . 14 October 2017
තංගල්ලේ විරෝධයට අධිකරණයෙන් සීමා ‘ජාතික සම්පත් සුරකිමු-දේශාපාලන දඩයම නවතනු‘ මැයෙන් හෙට (15) තංගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයෙන් අනතුරුව තංගල්ල නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ නිහඬ විරෝධතාවට තංගල්ල මහේස්ත්‍රාත් මහී ඩිරේරත්න මහතා නියෝග කිහිපයක් පැනවීය. 14 October 2017
වැඩිම වැස්ස නෙළුවට ගිං ගඟේ ජල මට්ටම ඉහළට ඉකුත් පැය 24 තුල වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ලැබී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි. 14 October 2017
උතුරේ හර්තාල් දේශපාලන වාසි වෙනුවෙන් - රුවන් විජයවර්ධන දේශපාලන වාසි අපේක්ෂාවෙන් උතුරේ කුමන හර්තාල් සිදුකලත් බරපතල වැරදි වලට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන් නිදහස් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. 13 October 2017
ජවිපෙට දුන් පොදු සමාව දෙමළ සිරකරුවන්ටත් ඉල්ලයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු නොපවරා දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින සිරකරුවන් හැකි ඉක්මණින් නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. 13 October 2017
ගුරුවරිය දණගැස්වූ දේශපාලකයාට යළිත් විරෝධය ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ දේශපාලකයකුට මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි. 13 October 2017
දුම්රිය ගේට්ටුකරු දුම්රියේ හැපී මරුට ගාල්ල මාගාල්ල අනුලාදේවි විදුහල අසල මාර්ගයේ දුම්රිය ගේට්ටුකරු ගේට්ටුව වැසීමට යාමේදී දුම්රියේ හැපීමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි. 13 October 2017
කොමිසම ගැන කතා කළ රූපවාහිනී වැඩසටහන ගැන සොයයි බැඳුම්කර කොමිසමේ කටයුතු විවේචනය කරමින් එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වු වැඩසටහනට එරෙහිව පියවර ගැනීමට බලාපොරොත්තු වන බව බැඳුම්කර කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (13) කොමිසමට දැනුම් දුන්නේය. 13 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026