ලන්ඩන්හිදීය (රොයිටර්)
ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයකට යමින් සිටින බවට බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ගෝඞ්න් බ්‍රවුන් අනතුරු ඇඟවීය.
මීට දශකයකට පෙර ඇති වූ මූල්‍ය අර්බුදය නිසා ඇති වූ අති විශාල මූල්‍ය කඩා වැටීම පාලනය කිරීමට ආණ්ඩු අසමත්වීම නිසා මෙසේ නැවත ගෝලීය මූල්‍ය අර්බුදයක් ඇතිවීමේ අවදානම හටගෙන ඇතැයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා කීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ලීමන් බ්‍රදර්ස්’ ආයෝජන බැංකුවේ කඩාවැටීමත් සමඟ ලොව මෙතෙක් සිදු වූ දරුණුම මූල්‍ය අර්බුදය ඇති වූ අතර එවකට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා වූයේ ගෝඞ්න් බ්රවුන්ය. එය ‘මහ අවපාතය (ග්‍රේට් ඩිප්ප්‍රෙෂන්)’ යනුවෙන් හැඳින්විණි.
අද වනවිට ලෝකයට නායකත්වයක් නැති බවත් ලෝකය අවදානම් සහගත කාලයකට එළැඹෙමින් තිබෙන බවත් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා කීවේය.
“අපි ඉන්නේ අවදානමක. අපි නිද්‍රාශීලිව අනාගත අර්බුදයකට ඇවිදිමින් ඉන්නවා” හිටපු අග්‍රාමාත්‍යවරයා ‘ද ගාඩියන්’ පුවත්පතට පැවැසීය.
“අවදානම් එන්න එන්නම වැඩිවෙමින් තිබෙනවා. එහෙත් අපි ඉන්නේ නායකත්වයක් නැති ලෝකයක”
“අපි පොඩි පොඩි දේවල් එක්ක ගනුදෙනු කළා. එහෙත් ලොකු දෙයක් කළේ නැහැ” යැයි බි්රතාන්යය හිටපු අගමැතිවරයා කීවේය. හෙතෙම 2007 වසරේ 2010 වසර දක්වා බි්රතාන්යයේ අග්‍රාමාත්‍යධුරය හෙබවීය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ මතය ඉතාම වටිනවා. මෙතුමා එදා ඒ මහා ආර්ථික අවපාතය වෙලාවේ ඇමෙරිකානු කොන්ග්රසය අමතා කල කතාව මට මතක් වෙනවා. එක රටක නගරයක නැතිනම් ගමක එකෙකු හෝ කිහිප දෙනෙකු පොසත් වී වැඩි දෙනෙකු අන්ත දුගී බවට පැමිණීම සංවර්ධනයක් ලෙස හෝ ධනවත් රාජ්‍යයක් ලෙස සැලකීම අනුවන කමක් බව කිව මට මතකයි. අද මේ මහා අවදානමට හේතුවත් එයමයි. මුදල් යනු මිනිසුන්ගේ ශ්රමයට දී ඇති වටිනා කමයි. කෙනෙකු එම ශ්‍රමයේ වටිනාකම තනි අයිතියට ගත්කල ශ්‍රමිකයින් වහලුන් බවට පත්වෙනවා. රටකින් රටකටත් මෙය පොදුයි. එක රටක් නැතිනම් රටක සුළුතරයක් කොටි ප්‍රකෝටි පතියන් වීමෙන් අනිකුන්ගේ ශ්රමයට වටිනාකමක් නොමැතිවීමෙන් ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව අවම වී මුළුමහත් ආර්ථික යන්ත්‍රණයම කඩාවැටෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මෙවැනි මුල්‍ය අර්බුධ , විප්ලව, යුධ කෝලාහල ආදියයි. මෙතුමා එදා කි එම සිදුවීම අද නැවත සිදුවෙමින් පවතිනවා.
ලෝක මුල්‍ය අර්බුදයකට යනවා නොවේ, දැන් පටන් අරගෙන. එකම විසදුම දැඩි ලෙස සාම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවීමයි. ආයුධ විකුනන්නනම් යුධයක් ඇති කල යුතුයි. යුද්ධයක් සඳහා ආයුධ අත්‍යවශ්‍යයි . ආයුධ ගන්න මුදල්? රටක ජනතා සංවර්දනය / සුභ සිද්දිය සඳහා කරන වියදම් කපා හැර ආයුධ සඳහා එම මුදල් යොදවනවා. ආයුධ එකිනෙකා අතර වෛරය ඇති කරනවා. හොඳම උදාහරණයක් තමා ලංකාව. පහුගිය කාලේ යුද්ධයේදී තිබුණු අනවසර ආයුධ දැන් අනවශ්‍ය පුද්ගලයින් අතට පත්වෙලා. කෝප්පයකින් පුළුවන් යමක් බොන්න . ආයුධයකින්?
ලංකාවට ඕක උනේ 2015 දී
මොකක්ද වුනේ? 2015? අපි දන්නැහැ පොඩිඩක් කියමුකෝ බලන්නට
ඇයි කුමාර ලන්කාවේ නෙමෙයිද ඉන්නෙ. නැත්තන් මොලේ කලඳක් නැද්ද. ඩොලර් එක රුපියල් 200 කිට්ටු කරනව පේන්නෙ නැත්තෙ ඇස් පොට්ට වෙලාද.
ඇයි කුමාරට මතක නැද්ද අපේ අලුත් පාලකයෝ සෙට්වෙලා අපේ මහා බැංකුව ඩොලර් වලින් පිරෙව්වේ 2015 දී තමයි කියලා. දැන් අපේ රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා රුපියල ඉහල ගිහිල්ල පේන්නෙවත් නැති තරමට.
ඇයි 2015 නේ කලින් ජනාධිපතිවරණය තියල බන්කොලොත් උන ආර්ථිකය දාල ගියේ හිටපු ජනපති. ඒකවත් මතක නැද්ද? ඩොලරය නගින්නේ ලංකවේ රුපියලට සාපේක්ෂව විතරක් නෙවේනේ.ඉන්දියා රුපියල මීට වඩා බාල්දු වෙනව කියල දන්නෙත් නැද්ද?