මානව හිමිකම් උල්ලංඝනය කළ බවට විජයග්‍රාහී ශ්‍රී ලංකා හමුදාවට එල්ල වන චෝදනා සියල්ල අසත්‍ය යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී පැවැසීය.
ශ්‍රී ලංකා හමුදාව යුද වැදුණේ දෙමළ ජනතාවට එරෙහිව නොව එල්.ටී.ටී.ඊ සංවිධානයේ ත්‍රස්තවාදයට එරෙහිව යැයි ද හිටපු ජනාධිපතිවරයා එහිදි කීවේය.
භාරතීය ජනාත පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි නායකත්වය ලබාදෙන ‘විරාත් හින්දුස්තාන් සංගම්’ සංගමය සංවිධානය කළ උත්සවයකදී ‘ඉන්දු-ලංකා’ සම්බන්ධයෙන් දේශනයක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.
එහිදි අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
“අපි කිසිදු අවස්ථාවකදී වාර්ගික යුද්ධයක් කළේ නැහැ. හමුදා ක්‍රියාමාර්ග කිසිදු ආකාරයකින් දෙමළ ප්‍රජාවට එරෙහිව කරන ලද්දක් නෙවෙයි. මෙම ත්‍රස්තවාදී සංවිධානය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන බව අමතක නොකළ යුතුයි.
එය ඉන්දියානු භූමියටත් පැමිණියා. ඔවුන් ශ්‍රී රජිව් ගාන්ධි ඇතුළු තව බොහෝ දෙනා ඝාතනය කළා.
ත්‍රස්තවාදය තුරන් කිරීම එක් ප්‍රජාවක හෝ එක් රටක තනි ප්‍රතිලාභ උදෙසා කරන ලද්දක් නෙවෙයි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමේ හමුදා ක්‍රියාන්විතය සම්පූර්ණ නොකළා නම් එය අනාගත පරම්පරාවලට කරපු ද්‍රෝහිකමක්.
මියගිය හෝ තුවාල ලබපු පිරිස 40,000ට වැඩි යැයි ප්‍රමාණය ඉක්මවා යන ගණන් කියනවා. මේ සියල්ල බොරු. අසත්‍ය ප්‍රචාර. ත්‍රස්තවාදීන් ද ඇතුළුව තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 8,000 ඉක්මවන්නේ නැහැ”.
දේශනය කිරීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා හඳුන්වා දුන් ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි, මහින්ද රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වනු ඇතැයි කීය.
ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර 2006 වසරේ පැවැති අසාර්ථක සාම සාකච්ඡාවලින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු ඉන්දියාවේදී යුද්ධය සම්බන්ධයෙන් මෙවැනි දේශනයක් කළ පළමු අවස්ථාව මෙය විය.
ද හින්දු
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල කිරි කතාවක්. ජයවේවා මැතිදු ඔබට. නැවතත් බලයට විගස පැමිණ, අපට අනාගතය පිලිබදව විශ්වාශයක් ගොඩ නගන්න. ඔබට ජය - අපට ජය!
මංගල සමරවීර නැමැත්තා එහෙම උනා කියලා පිළිඅරන්.
හමුදාව නෙමේ , වෙනත් අය මානව හිමිකම් උල්ලංඝනය කළා කියලයි මන් හිතන්නේ .
2005 සිට 2015 දක්වා සිදු වූ මානව හිමිකම් වැරදි , දේශපාලන පලිගැනීම් , දුෂණ , හොරකම් සියල්ල අමතක කරලා , ජයවේවා මැතිදුනි , නැවත බලයට පැමිණ විශ්වාසය ගොඩ නගන්න කියල කමෙන්ට් දාන මිනිස්සු ඉන්න රටක් මේක. අවුරුදු 10 ක් ගොඩ නොගනපු විශ්වාසය දැන් කොහොමද ගොඩ නගන්නේ ?
ඔබතුමා තමයි අපේ රටේ ජනතාවගේ සදාකාලික නායකයා. අනිත් අය තනිකර හොල්මන් මන්දිර. ලංකාවට මෙවැනි නායකයකු නැතිකර ගත්තේ පූරුවේ පවකට. රට හදන්න ගිහින් ඔබතුමාට නින්දා, අපහාස නිමක් නැත. ඒ කිසිවකින් නොසැලී ඉන්ද්‍රඛීලයක් සේ නොසෙල් වී සිට අධිෂ්ඨානශීලීව ඉදිරි ගමන් ගොසින් අපේ රට ගොඩගන්න මහාරජාණෙනි. බුදුසරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා!
ඔබ වැනි නිර්භීත මිනිසකු නැවත රටේ නායකයා වී රටේ අභීමානය ගොඩනැගුණු දැකීම අපගේ අභිලාෂයයි.