රෝහිතගේ නඩුව 24 වැනි දාට කල්යයි සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන 24 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා තීරණය කළේය. 13 October 2017
අවිනීත ගුරුවරුන්ට එරෙහිවන්නැයි ගුරු වෘත්තීය සමිති කියයි ගුරුමාරු ප්‍රතිපත්තියට අනුව මාරු කරන ලද ගුරුවරුන්ගේ මාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් පොළඹවන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලා ඇත. 13 October 2017
පවුල් දේශපාලනයට තිත-ෆයිසර් දේශපාලන පවුල් ගස් ඉදිරියේ දී මේ රටේ දේශපාලනය තුළ බිහි නොවනු ඇතැයි පලාත් පාලන හා පළාත් සබා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා පවසයි. 13 October 2017
පළාත් පාලන සංශෝධනයට එරෙහිව දෙන්නෙක් අධිකරණයට පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත අතීතයට බලපාන අන්දමින් සංශෝධනය කිරීම මඟින් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ඇතුළු දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (13) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 13 October 2017
මැතිවරණ පන්දුව තියෙන්නේ ඇමතිතුමා අතේ පළාත්පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත අඟහරුවාදාවත් ගැසට් කරන්නේ නම් 19 වැනිදා පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේ දී නාමයෝජනා නිකුත් කරන දිනය ගැන තීන්දුවක් ගත හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ප්‍රකාශ ප්‍රකාශ කළේය. 13 October 2017
පළාත් පලාන මැතිවරණය ජනවාරි 20 දා බව ශාන්ත බණ්ඩාර කියයි පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි 20 වැනි දා පැවත්වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් තරණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. 13 October 2017
ඊලාම් සංකල්පය අලුත්වෙයි ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ. 13 October 2017
හම්බන්තොට අබලන් පාසල් වාහන 10ක් අල්ලයි පාසල් සිසුන් ප්‍රවාහනය කරන අබලන් බස් හා වෑන් රථ 10 කට හම්බන්තොට මෝටර් රථ පරීක්ෂකවරයා අද (13) තහනම් නියෝග නිකුත් කරනු ලැබීය. 13 October 2017
ලිට්රෝ නව සභාපති නිශ්ශංක නානායක්කාර ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ නව සභාපති ලෙස නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පත්කරනු ලැබ සිටී. 13 October 2017
සැලසිනේ හිටපු සභාපතිට රතු වරෙන්තු සැලසිනේ ආයතනයේ ගිණුමකින් රුපියල් ලක්ෂ 120ක් අයථා පරිහරණයට යොදා ගත්තැයි චෝදනා ලැබ සිටින එහි හිටපු සභාපති ප්‍රදීප් උදයංග එදිරිසිංහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(13) ජාත්‍යන්තර රතු නිවේදන සහිත විවෘත වරෙන්තු නිකුත් කළේය. 13 October 2017
අධිවේගී මාර්ග ගැන පාර්ලිමේන්තු විවාදයක් ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය. 13 October 2017
ප්‍රියංකර ජයරත්න ආණමඩුව සංවිධායක ධූරයෙන් ඉවතට හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. 13 October 2017
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද(13) රැගෙන ආ රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත. 13 October 2017
හොරෙන් සල්ලි ගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට චෙන්නායි සිට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තම ගමන් මල්ලේ සඟවාගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට (36) ගත් බව ගුවන් තොටුපල රේගුව පවසයි. 13 October 2017
උතුරේ හර්තාල් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් වූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෛනික කටයුතු සියල්ලක්ම අඩාල වී ඇත. 13 October 2017
වෙල්ගම සහ අලුත්ගමගේ සංවිධායක ධුරවලින් දොට්ට නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ. 12 October 2017
අත්තනගල්ල ශ්‍රීලනිප සංවිධායක ලෙස චන්ද්‍රිකා පත් කරයි ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ. 12 October 2017
රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂවරයකු ඉවතට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සම කළමනාකාර අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ ටී එම් ආර් බංස ජයා මහතා එම තනතුරින් ඉවත් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 12 October 2017
ජා.නි.පෙ සංවිධායකයෙක් අවියක් සමඟ අත්අඩංගුවට ජාතික නිදහස් පෙරමුණේ ගල්කිස්සේ තෙලවල සංවිධායකවරයා ගිණි අවියක් සහ පතොරොම් අටක් සමඟ අත්අඩංගුවට ගත් බවට පොලිසිය කියයි. 12 October 2017
දුම්රිය වර්ජනය අවසන් ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අවසන් කළ බව රියදුරන්ගේ සංගමය සහ නියාමකවරුන්ගේ සංගමය කියයි. 12 October 2017
බැඳුම්කර තොරතුරු කළින් ගන්න අල්ලස් දීලා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සම්බන්ධ තොරතුරු වෙන්දේසියට පෙර ලබා ගැනීම සඳහා සේවක අර්ථ සාධක අරමුදලේ ගැනුම්කරුවන්ට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 397කට අධික මුදලක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ගෙවා ඇතැයි එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වන නුවන් සල්ගාදු නමැත්තා බැඳුම්කර කොමිසම හමුවේ අද (12) හෙළි කළේය. 12 October 2017
මධ්‍යම අධිවේගය කණුමතින් - පරිසර අධිකාරිය උපදෙස් දෙයි මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ජලවහන පද්ධතියට හානිවන හා ගංවතුර ඇතිවන ස්ථානවල දී පස් පිරවීම වෙනුවට කණුමතින් මාර්ගය ඉදි කිරීමට උපදෙස් දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 12 October 2017
‘පොලිතින් තහනමට සියයට 95ක් කැමැතියි‘ පොලිතින් තහනමට ජනතාව අතරින් 95%ක් සහය පළ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනයකදී හෙළි වූ බව එහි සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ප්‍රකාශ කරයි. 12 October 2017
තරුණයාට පහර දුන් ඒඑස්පී මාරු කෙරේ හම්බන්තොට විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් තරුණයකුට ප්‍රසිද්ධියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාතර කොට්ඨාසයට මාරුකර ඇත. 12 October 2017
හොරකම් කළ කෝටි 20 සොයාගනී තායිවාන බැංකුවකින් සොරාගෙන මෙරටට එවන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3ක මුදල සොයාගැනීමට සමත්වූයේ යැයි නිලධාරියෙක් පැවැසීය. 12 October 2017
‘උතුරු මැද හොර පාරෙන් පත්වීම් දීලා‘ උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරිමෙන් පසුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිති විරෝධි ආකාරයට පෙරේදා (11) සුළු සේවක පත්විම් 100කට අධික ප්‍රමාණයක් ලබා දී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 12 October 2017
රන්ජන් රාමනායකට සිතාසි විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) සිතාසි නිකුත් කළේය. 12 October 2017
සයිටම් අර්බුදයට විසඳුම් හොයන්න කොමිසමක් වෘත්තිකයන්ගේ ජාතික සභාවේ මැදිහත්වීමෙන් සයිටම් අර්බුදයට විසඳුම් සෙවීමේ මහජන කොමිෂන් සභාව පිහිටුවීම අද (12) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි සිදුකෙරිණි. 12 October 2017
හාරගම කම්හලක සේවකයෝ 67ක් රෝහලට ආහාර ගැනීමෙන් පසු ශාරීරික අපහසුතා ඇතිවූ හාරගම ඇගලුම් කම්හලක සේවකයින් 67දෙනකු අද (12) ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. 12 October 2017
ලේකම්ගේ ඥාතීන් අත්අඩංගුවට නොගැන්නැයි පොලිසියෙන්ම බලපෑම් අමාත්‍යංශ ලේකම්වරයකුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට නොගන්නා ලෙස අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කරන බවට පොලිස් ආරංචි මාර්ග පවසයි. 12 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026