නාමල් රැගත් බසය නවත්වන්න හම්බන්තොට ටයර් පුළුස්සති අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රැගත් බන්ධනාගාර බස් රථයට තංගල්ලට යෑමට නොහැකි වන පරිදි පිරිසක් හම්බන්තොට ගුවන් පාලම ආසන්නයේ පාර මැද ටයර් පුළුස්සා තිබිණි. 10 October 2017
නාමල් ඇතුළු පිරිස 16 තෙක් රිමාන්ඩ් අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (10) රාත්‍රී නියෝග කළේය. 10 October 2017
ලක් අගමැතිගේ සංචාරය ඓතිහාසිකයි - ෆින්ලන්ත අගමැති ෆින්ලන්තය නිදහස ලබා වසර 100 ක් පිරෙන අවස්ථාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ෆින්ලන්තයේ සංචාරය කිරීම දෙරට අතර මිතුදම වඩවන හා ශක්තිමත් කරන ඓතිහාසික පියවරක් යැයි ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලා මහතා පවසයි. 10 October 2017
නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ. 10 October 2017
රවීට ගෙයක් දුන් බව දැනගත්තේ මාධ්‍යයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ‘මොනෑක් රෙසිඩන්සි’ හී අර්ජුන් ඇලෝසියස් මහතා නිවසක් ලබා දී ඇති බව තමා දැනගත්තේ ජනමාධ්‍ය වලින් යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අද (10) පැවසීය. 10 October 2017
නාමල් ඇතුළු පිරිස හම්බන්තොට පොලිසියට හම්බන්තොට පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙක් මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණියහ. 10 October 2017
සයිටම් විරෝධී විරෝධතාවෙන් 14ක් රෝහලේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 10 October 2017
නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන්නේ දේශද්‍රෝහීන් නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන මැති ඇමතිවරුන් දේශද්‍රෝහීන් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. 10 October 2017
ශලීල මුණසිංහ හෙට දක්වා රිමාන්ඩ් තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළැයි ලිට්රෝ ගෑස් සමාගම් ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපති ශලීල මුණසිංහ මහතා හෙට (11) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය. 10 October 2017
ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය 6631 ක් අත්අඩංගුවට පොදු සමා කාලයේ ත්‍රිවිධ හමුදා වෙත බාර නොවූ සහ නීත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6631දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 10 October 2017
පොළී අනුපාත පාලනය කරන්න සමාජවාදී විය යුතුයි රජය ණය ලබා ගන්නා විට පොළි අනුපාත ඉහළ යන අතර පොළි අනුපාත කෘතිමව පාලනය කිරීමට නොහැකි බවත් පොළි අනුපාත කෘතිමව පාලනය කීරීමට නම් සමාජවාදී ආර්ථික ක්‍රමයකට යා යුතු බවත් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය. 10 October 2017
බෑණා ලාබ ඉපයූ බව මාමා පිළිගනී ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටේරෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (09) පිළිගත්තේය. 10 October 2017
වෙළෙඳ හිඟය ඉහළට මේ වසරේ මුල් මාස හත අවසානයේදී වෙළෙඳ හිඟය එක්සත් ජනපද මිලියන 5,328.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. 10 October 2017
මෛත්‍රීගේ වේදිකාවට වෙඩි තැබූ අවි - උණ්ඩ නොගැළපෙයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව යොමු කළ හිස් පතොරොම් හය සිද්ධීයට අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවිවලින් නිකුත් වූ ඒවා නොවන බව රජයේ නියෝජ්‍ය රස පරීක්ෂක පී. ගාමිණී මඩවල මහතා පැවසීය. 10 October 2017
සයිටම් විරෝධය පුරහල අසලින් ඇරැඹෙයි මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන විරෝධතාවය අද (10) කොළඹ පුරහල අසලින් ආරම්භ කෙරිණි. 10 October 2017
ඉන්දීය ජාතිකයා ගුවනේදී මියයයි කුවේට් සිට කටුනායක බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානයක සිටි මගියකු (52) උඩු ගුවනේදි මිය ගොස් ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය කියයි. 10 October 2017
ටීබී ඒකනායක ගැන විමර්ශනයක් මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කැබ් රථයක් හිටපු සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක විසින් සාපරාධී ලෙස පරිහරණය කරනු ලැබ ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය. 10 October 2017
අල්ලස් සැකකරු ආර්එම්වී පරිශ්‍රයට ගෙන ගොස් විමර්ශන කිරීමට අවසර යතුරුපැදියක ලියාපදිංචි සහතිකය සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් දෙදහසක අල්ලස් මුදලක් ලබා දුන් සහ ඉල්ලූ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ තැරැව්කරුවකු අද(10) පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයට ගෙන ගොස් විමර්ශන සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට අවසර දුන්නේය. 10 October 2017
තෙල්දෙණියේ අනතුරින් දෙදෙනෙක් මරුට තෙල්දෙණිය ගෝනගල ප්‍රදේශයේ දී අද (10) මෝටර් රථයක් පාරෙන් ඉවත පැන සිදු අනතුරකින් යතුරු පැදිකරුවකු හා කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති බව තෙල්දෙණිය කියයි. 10 October 2017
නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ හෙලෝ කෝප් සමාගමේ විත්තිකාරියක ලෙස නම් කොට සිටිය දී අධිකරණය මඟ හැර විදේශ ගත වී සිටි අත්අඩංගුවට ගනු ලැබු ඉරේෂා ද සිල්වා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කළේය. 10 October 2017
කුණු ගැන ඉගෙන ගන්න ඌවේ පිරිසක් තායිලන්තයට ඝන අපද්‍රව්‍ය කළමනාකාර අධ්‍යයන චාරිකාවක් සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට ඌවේ පළාත් පාලන ආයතනවල සේවය කරන කම්කරුවන් ඇතුළු සේවකයන් පිරිසක් ළඟදීම තායිලන්තය බලා යන බව ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා කියයි. 10 October 2017
නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් අත්අඩංගුවට ගැනීමට නියෝග නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලිසියට නියෝග කළාය. 10 October 2017
නැදුන්කර්නි පාසලේ බිම් බෝම්බයක් වවුනියාව නෙඩුන්කේනි මහා විද්‍යාල භූමියේ මිදුලෙහි යුද සමයේදී වළ දැමූ බවට සැක කෙරෙන අධිබලැති බිම් බෝම්බයක් සොයාගත් බව වවුනියාව නෙඩුන්කේනි පොලිසිය පවසයි. 10 October 2017
රසායනික ද්‍රව්‍ය කලවම් කඳුළු ගෑස් එල්ල කළා-සම්පත් අතුකොරල හම්බන්තොට විරෝධතාවයේ නිරත වු තමන් ඇතුළු පිරිසට පොලිසිය එල්ල කරේ ජලය හෝ කදුළු ගෑස් නොවන බවත් ජලයට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කර එල්ල කළ බවත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා පවසයි. 10 October 2017
ලංකාවේ ප්‍රගතිය බලන්න ජගත් නියෝජිතයෙක් ලංකාවට සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්රීෆ් මහතා අද (10) දිවයිනට පැමිණීමට නියමිතය. 10 October 2017
කබීර්ට - මලික්ට නොතිසි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට හෙට (10) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත. 10 October 2017
මන්ත්‍රී නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරිය අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නඩුවක සැකකාරියක වු ඔනෙලා ද සිල්වා අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 10 October 2017
තායිවාන සිද්ධියට සම්බන්ධ ශලීල මුණසිංහගේ විදෙස් ගමන් තහනම් නිව්යෝර්ක් නුවර සිටි බැංකු මූලස්ථානයේ පරිගණක ජාලයට ඇතුළු වී තායිවාන බැංකුවකට අයත් ඇමරිකා ඩොලර් මිලියන 2.104 ක් (රුපියල් කෝටි 32ක්) වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියේ රහස් පොලීසියේ විමර්ශනවලට අවශ්‍ය ශලීල මුණසිංහ යන අයගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය. 09 October 2017
තායිවාන බැංකු කොල්ලයට සැකපිට ශලීල මුණසිංහ අත්අඩංගුවට නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පොලිසිය සොයමින් සිටි ශලීල මුණසිංහ නමැත්තා අද(9) රාත්‍රියේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විය. 09 October 2017
නාලක ගොඩහේවාගේ නඩුව දෙසැම්බර් 11 විභාගයට ‘‘තාරුණ්‍යයට හෙටක්’’ සංවිධානයට ලබා දුන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් මස 11 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (9) තීරණය කළේය. 09 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026