පළාත් පාලන මැතිවරණය ජනවාරියේ ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම නිල කාර්ය සංවිධානය සකස් කරමින් සිටින බව වාර්තා වේ. 08 October 2017
සයිටම් විරෝධී සත්‍යග්‍රහයට මිය ගිය සිසුන්ගේ දෙමාපියෝත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද උදෑසන 10ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අට්ටාලයේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතය. 08 October 2017
විල්පත්තුවේ දඩයමේ ගොස් අසුවෙයි විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දඩයමේ යෙදී සිටී පුද්ගලයින් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව විනජීවි නිලධාරීහු පවසති. 07 October 2017
කොටි 2ක රණ් ආභරණ සහ විදෙස් රන්කාසි සොරා ගත්තැයි 3ක් සැකපිට කාත්තාන්කුඩි කල්ලඩි උප්පෝයේ නිවසක රුපියල් කෝටි දෙකක් වටිනා රන් ආභරණ හා විදෙස් රන් කාසි සහිත පෙට්ටගමක් හොරකම් කළ බවට සැකපිට තිදෙනකු එම රන් ආභරණ සහ මුදල් සමග අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය කියයි. 07 October 2017
අත්අඩංගුවට ගත් පුද්ගලයකුට ඒ.එස්.පී කනට ගහලා හම්බන්තොට විරෝධතාවයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයකුට සහකාර පොලිස් අධිකාරීවරයකු කණට ගසා ඇතැයි පොලිස් ආරංචි කියයි. 06 October 2017
අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු දෙන්නේ නැතිලු තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු ලබා නොදෙන බව අධ්‍යපන අනධ්‍යයන සේවක සංගමය චෝදනා කරයි. 06 October 2017
බැඳුම්කර වෙන්දේසි ක්‍රමය ඉවත දැන්මේ තනි කැමැත්තට - මහේන්ද්‍රන් බැඳුම්කර වෙන්දේසි ක්‍රමය ඉවත දමා සෘජු ස්ථාන ගත ක්‍රමය අනුව භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කළේ තමාගේ තනි තීරණයකට අනුව බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (06) පිළිගත්තේය. 06 October 2017
බැඳුම්කර ගනුදෙනුව ගැන අගමැතිට වාර්තාවක් දුන්නා - මහේන්ද්‍රන් 2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුවු ප්රශ්ණගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් ඒ අනුව එම බැඳුම්කර වෙන්දේසියේදී සිදුවු දේ සම්බන්ධයෙන් තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තාවක් ලබා දුන් බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද බැඳුම්කර කොමිසම හමුවේදී පැවසීය. 06 October 2017
අල්ලස් ගත් දැව සංස්ථා නිලධාරියා අවුරුදු 10ක් හිරේට දැව කඳන් ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු රාජ්‍ය දැව සංස්ථාවේ බණඩාරවෙල බිදුණුවැව කාර්යාලයේ හිටපු සහකාර ප්‍රාදේශිය කළමණාකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 06 October 2017
දිවුලපිටි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලබන 10වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද(6) නියෝග කළේය. 06 October 2017
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවිහරණය සඳහාවූ ජාත්‍යන්තර ව්‍යාපාරයට මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය. 06 October 2017
හොරෙන් ඉතාලි ගොස් ආපසු එවූ ලාංකිකයාට ඇප ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඉතාලියට ගොස් ව්‍යාජ ඉතාලි හැඳුනුම්පතක් ළඟ තබා ගෙන සිටියදී ඉතාලි ගුවන්තොටුපොළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ආපසු හරවා එවන ලද අයකු අද(6) කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 October 2017
හිටපු අගවිනිසුරුගේ පෙත්සමට එරෙහිව සුමන්තිරන්ගෙන් පෙත්සමක් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් අද(6) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. 06 October 2017
හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු දීමට එරෙහිව හම්බන්තොට විරෝධයට එක්ව සිටි 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 October 2017
ගල්කිස්සේ සිද්ධියට කොස්තාපල් බාරවෙයි මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රැඳී සිටි ගල්කිස්ස නිවස ඉදිරිපිට කලහාකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර වු බව පොලිසිය කියයි. 06 October 2017
හම්බන්තොට උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධයට පොලිසිය මේ වනවිට ජල ප්‍රහාර එල්ල කරමින් සිටී. 06 October 2017
හම්බන්තොට පොලිසිය සීරුවෙන් හම්බන්තොට දී අද(6) පැවැත්වීමට නියමිත විරෝධතාවය හේතුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සූදානම් කර ඇත. 06 October 2017
පරිසර හානියට එරෙහිවූවන්ට පහර දුන්නැයි දෙදෙනෙක් සැකපිට මධ්‍යම අධිවේගී මාර්ගයට පස් කැපීමෙන් වන පරිසර හානියට එරෙහි වූ අලව්ව විල්ගමුවවත්තේ පිරිසකට පහර දුන් බව කියන දෙදෙනෙක් අලව්ව පොලිසිය විසින් අද රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබූහ. 05 October 2017
ලංකාදීප පුවත පළ දරයි - අසරණ පවුලට සෙවණ සැදෙයි “දරුවන් පහක කුසගිනි නිවන පංසලේ දානය“ මැයෙන් “ලංකාදීප වෙබ් පිටුවේ “ පුවත පළ දරමින් එම අසරණ පවුල වෙසෙන නිවසේ වහලය සම්පුර්ණයෙන් සාදා නිම කිරීමට ඕස්ට්‍රේලියාවේ පදිංචි අතිල් ගුණසේකර මහතා පියවර ගත්තේය. 05 October 2017
තෙල් වැඩිකරන තීරණයක් නැතැයි ඇමැති කියයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් තෙල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 05 October 2017
සැකකරු මිය යෑමේ සිද්ධියට අපරාධ ස්ථානාධිපති අත්අඩංගුවට දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. 05 October 2017
කෝටි 9 ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි නවයකට අලෙවි කිරීමට ගෙන ආ ගජමුතු 8ක් සමග 39 හැවිරිදි පුද්ගලයෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (5) දහවල් අත් අඩංගූවට ගනු ලැබීය. 05 October 2017
මාගම්පුර සේවක ගැටළුව ගැන දෙසතියකින් විසඳුම් ඉල්ලයි හම්බන්තොට වරායේ සේවකයන්ට ඉදිරි දෙසතිය ඇතුළත පිළිගත හැකි සාධාරණ විසඳුමක් පිළිබඳ තීන්දුවකට පැමිණ තමන් වෙත දන්වන්නැයි කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා වරාය පාලනාධිකාරියට උපදෙස් දී ඇත. 05 October 2017
අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසයන් හේතුවෙන් අවතැන් වූවන් ගේ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 05 October 2017
60ට වැඩි ජනගහනය 2037දී ඉහළට ශ්‍රී ලංකාවේ අවුරුදු 60ට වැඩි ජනහනය 2037 දී සමස්ත ජනගහනයෙන් සියයට 22ක් දක්වා වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් සඳහන් කරයි. 05 October 2017
කරාපිටිය රෝහලේ පල්දෝරු නලයක් යළි පුපුරයි කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ පල්දෝරු පද්ධතියේ නලයක් අද (05) යළි පුපුරායාම හේතුවෙන් රෝහල් භූමියේ විශාල ප්‍රදේශයක වැසිකිළි අපද්‍රව්‍ය පැතිරගොස් ඇතැයි රෝහල් සේවකයෝ කියති. 05 October 2017
කැලණිය සරසවියේ සිසු ගැටුමක් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ වසා දැමීමට තීරණය කර තිබේ. පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශනය අවලංගු කර ඇත. 05 October 2017
අනධ්‍යයන සංගමයෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක් ජාතික පාසලක වසර තුනකට වඩා සේවය කර ඇති ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ දරුවන් එම විදුහලට ඇතුළත් කර ගැනීම සදහා ලබා දී තිබූ අවස්ථාව මෙවර අනධ්‍යයන සේවකයින්ට අහිමි කර තිබීම විශාල අසාධාරණයක් බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිඛිතව දන්වා තිබේ. 05 October 2017
දරුවා මහ මග දමාගිය සරසවි සිසුවියට ඇප දින 12ක් වයසැති තම දරුවා මග දමා ගියැයි අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක (22) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කළේය. 05 October 2017
මැලේරියාව ගෙනයන නව මදුරුවෙක් මන්නාරමෙන් ‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නැමති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වවුනියාවෙන් හමු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති අතරම ජනතාව තුළ බියක් ඇතිව තිබේ. 05 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026