සුජිත් හේවාජුලිගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා හෙට (10) දහවල් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ සංචාරයට එක්වන බව හිටපු ජනපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට යන්නේ භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්රමනියම් ස්වාමි මහතාගේ විශේෂ ආරාධනාවක් අනුවය.
හිටපු ජනාධිපතිවරයා මේ සංචාරයේ දී එරට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්රබල දේශපාලනඥයින් කිහිප දෙනකු ද හමුවීමට නියමිතව ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බරට බරක් දඹ රත්තරන් පූජා කරලත් වැඩක් වුණේ නැති එක ගැන පොඩ්ඩක් කන්නලව් කරලා බලන්න. තිරුපති පැත්තේ එහෙම යන්න බලාපොරොත්තුවක් නැද්ද? කලින් වගේ ශ්රී ලන්කන් එකේ හොඳම යානය මෙදා පාරත් නොමිලයේම ලබා ගැනීමට හේතු වාසනාව ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...
එහෙ යන්නේ ඉන්දියාවට ජන රැලි පවත්වන හැටි කියලා දෙන්නද දන්නේ නැහැ...
දැන් ඉතින් ඉන්දියාවේ ගිහින් දේවාල මන්තර කොඩිවින ඔක්කොම අලුත් කරයි කෝටි ගාණක් වියදම් කරලා... ඊළඟ ඡන්දෙ දිනන්න.. විරුද්ධ අය යටත් කරන්න. මෙච්චර උගත් මිනිස්සු ඉන්නා රටක මේ හූනියං කාරයින් රට බෙදාගෙන දඟලන හැටි...
ආණ්ඩුව පෙරලන්න දෙවියෝ උදව් කෙරුවද ඒ බාරය. ඔප්පු කරලා? නාමල් බේබිව දෙවියන්ට බාර කරලා එන්න. එන ඡන්දයේදී රජ වෙන්න. රජ්ජුරුවෝ කෙසේවෙතත් කවට අන්දරේ නම් වෙයි.
භාර හාර ඔප්පු කරන්නත් එක්කමද?
ඇයි මේ හිටපු තනතුර කියන්නේ... ලැජ්ජද කුරුණෑගල මන්ත්රී කියන්න...? පත්තරකාරයින් තමයි ඔය මිනිහව නැති කළේ...
මං මේ කමෙන්ට් එකක් කරනවා නෙමෙයි. මට පේනවා ඉහතින් තියෙන කමෙන්ට්ස් සේරම හිටපු ලොක්කව උපහාසයට ලක් කරන ඒවා බව... හරි අපූරුයි! හැබැයි, ඒවාට ඩිස්ලයික් දාලා තියෙන අයගේ ගණන දැක්කාම මට හිතෙනවා අනේ මෙහෙමත් වහල්ලු තවමත් මෙච්චර ඉන්නවනේ කියලා. වහල්ලුන්ට ඇස් අරින්නම බැහැනේද? කන් ඇහෙන්නේම නෑ නේද?