(සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් දී ඇතැයි තහවුරු වුණොත් ඒ අයට උපරිම දඬුවම් දෙන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය.
පොලිස්පති සහන මැදිරියට ලැබුණු පැමිණිල්ලක් අනුව මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද පොලිස්පතිවරයා කීය.
සිද්ධිය පිළිබඳව පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ල පලකර ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ දිසාබාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා කොළඹ මධ්‍යම ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පනාමල්දෙණිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව විමර්ශණ පවත්වයි.
පොලීසියට ලැබී ඇති මෙම පැමිණිල්ලට අනුව සැකකටයුතු කිරිපැකට් බෙදාදී ඇතැයි පැවසෙන්නේ කොළඹ යූනියන් ප්‍රදේශයේදී යැයි කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒකනායක මහතා ලංකාදීපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිපලයක් ඕක ඇතුලේ වැඩක්
මේක මේ ලැජ්ජාව වහගන්නයි යම් යම් පුද්ගලයින්ට දොස් කියන්න හදාගත්ත කතාවක්! මේවට පොලිසියේ කාලය නස්ති කරනවානම් ඒක ලොකු විහිළුවක්.
අරක්කු බිලා කිරි බොනකොට විසවෙනවා .
ඒ අයම කිරි වලට වස දාලා වෙනත් අය අල්ලන්න යන උත්සාහයක් වගේ .
අපි විනෝද චරිකාවක් යනකොට වුනත් කන බොන දෙවල් අරන් යනවනේ. නොදන්න මිනිස්සු දෙන දේවල් කන්න යන්නෙ නෑනේ. ඉතින් මේ ගමනෙත් කෑම බීම බාරව අය ඇතිනේ, අන්න එයාලා තමයි මෙකට වගකියන්න ඕන නේද ? අනික දන්සලක වුනත් කෑම සවුත්තු නම් අල්ල්ගන්නෙ දන්සල කරපු අය නේද ?
දේශපාලුවෝ සහ කොම්පැනිකාරයෝ බොරදියේ මාලු අල්ලන්නයි හදන්නෙ. මේ කිරි පැකට් මේ විදියට පිම්බෙන්නෙ ඇතුලත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වීමෙනුයි. ඒවා ශීතකරණයෙන් පිට තැබීමෙන් මෙසේ සිදුවීම සාමාන්‍ය දෙයක්. කිරි පැකට් වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් පැශ්චරීකෘත කිරි. මේ කිරි වල සියලු ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර නැත. හානිකර ජීවීන් යම් ක්‍රමවේදයක් මගින් විනාශ කර ඇත. මේ නිසා ස්වභාවික කිරි වල ඇති සියලු විටමින් සහ ප්‍රෝටීන විනාශ නොවේ. එය පෝෂණීය පානයකි. එය ශීතකරණයක් තුල තැබිය යුතුය. ගිනි අව්වේ තිබු විට එහි ඇති හානිකර නොවන ජීවීන් ක්‍රියාත්මක වීමෙන් ස්වසනයෙන් පිටවන වායුන් නිසා මෙසේ පැකට් පිම්බෙයි. දෙවන වර්ගය කල් කිරි. මේවා සම්පූර්ණයෙන් ජීවාණුහරනය කර ඇත. ශිතකරනයකින් පිට මේවා තැබිය හැකිය. දැන් මේ ගිනි අව්වේ තැම්බුන නිසා නරක්වුන කිරි පැකට් පෙන්වා " වස එන්නත් කළා" කියමින් ගෙනයන ප්‍රචාරය පිටුපස දේශපාලනය මෙන්ම වෙළඳ මාෆියාවක්ද ක්‍රියාත්මක වන බව පෙනී යනවා. මේක ගැන තව කථාකල යුතුය.
කල් ඇතුව ගිණි කාෂ්ටකේ කිරි පැකට් සහ බත් පැකට් ගොඩ ගහලා තැබුවා. ඉන්පසු ශීතකරණ තුල පමණක් තැබිය යුතු මෙම කිරි පැකට් නරක්වුනා සහ කෑම පැකට් පිළිණු වුනා. මත් පැනෙන් සංතෘප්ත වුන මේ අතේ සතේ නැති අහිංසක මිනිස්සු මේවා කාලා අහුමුලුවල මළපහ කළා. මේ අහිංසකයෝ රෑ කෑම ඉල්ලනකොට ලොරි බාගෙකින් සිලි සිලි මලු වල ඔතාපු පාන් පෙති දෙකක් සහ සම්බල් සෙනග දෙසට විසි කලේ හරියට අසු ගණන්වල ඉන්දියාව අපට පරිප්පු දැම්මා මෙනි. රටවැසියා මෙතරම් පහත් තත්වයකට වැටුන දවසක් මා මෙතෙක් දැක නැත.
අපක්ෂපාති පරීක්ෂණයක් කරලා කුමන පැත්තකින් හරි වැරැද්දක් වෙලා තිබේනම් උපරිම දඬුවම් දිය යුතුමයි.
ඒකාබද්යට මේ කිරි පැකට් සිද්ධිය මෙහම රිදෙනවනං, වැලිකඩ, රතුපස්වෙල, කටුනායක, හලාවත ජීවිත අහිමිවූ පවුල්වලට මොන තරම් දුක ඇති. මේ පව් නිසා තමයි, අද හිටපු පාලකයෝ උද්ගෝෂණ කියමින් පාරවල් ගානේ ඇවිදිනවා. අධිකරණ, හිර ගෙදර ගානේ රස්තියාදු වෙනවා.
පාට පක්ෂ , දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා , එවැන්නක් සිදුකර ඇත්නම් මරණ දඩුවම දියයුතුයි.
දේශපාලන ගැත්තන්ට දෙපාරක් හිතන්න වෙනවා. තමුන් විහින් අමාරුවේ වැටෙනවද නැත්ද කියලා. තුවාලය තියන කෙනාටම තමා තුවාලයේ අමාරුව දැනෙන්නේ. ඔවුන් දැන් විදවවී. අනික් අය ටිකක් උණුසුම තියන කොට ඒ ගැන කතා කරලා අමතක කරලා දාවී. දැන් තමන්ට තෙරේයි තමන් කරපු මෝඩ කම.
බඩ බුරුල් වෙච්ච අය ගැන කතාකරනවා මිසක් ... මැරිච්ච අය ගැන කතාකරන්නේ නැහැ නේද ???
මෙහි වගකීම මෙම අවස්ථාවාදී උද්ඝෝෂණය සංවිධානය කළ හා එහි කැඳවුම්කරු ලෙස කටයුතු කළ නාමල් බේබි බාරගතයුතු අතර පොලිස්පතිවරයාගේ මූලික වගකීම වන්නේ ඔහු කැඳවා මේ ගැන ප්‍රශ්න කිරීම වන අතර විශේෂයෙන් ආහාරපාන හා මත්පැන් සැපයුම් කරුවන් ගැන විස්තර සොයාබලා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගතයුතුය.
කොමෙන්ට්ස් කියෙව්වම යහපාලනේට කඩේ යන වහල්ලු ටික හොඳින් අදුරගන්න පුළුවන්. යම්කිසි කෙනෙක් මේ වැඩේ කරලා ඇත්නම් පාට පක්ෂ නොබලා ඔවුන්ට දැඩි දඩුවම් දෙන්න කියලා කියන්න මොවුගේ කටවල් ඇරෙන්නේ නැහැ. කවුරු වුනත් මෙතන පීඩාවට පත් වෙලා තියන්නේ විරෝධතාවයකට ආපු අහිංසක මිනිස්සු.
මේක ගෙදර වැඩක් .