(කේ.බුද්ධික කුමාරසිරි )
ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන ව්‍යාපාරිකයෙකුට අයත් බලපත්‍ර සහිත විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමඟ උණ්ඩ තොගයක් මාලබේ පිහිටි සිය නිවසේ තිබියදී කිසිවෙකු සොරා ගෙන ඇතැයි අදාල ව්‍යාපාරිකයා අද (09) පැමිණිල්ලක් කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි
අදාල ව්‍යාපාරිකයා සිය බිරිඳ සමඟ ඕස්ටේ්රලියාවේ පදිංචි සිය දරුවන් බැලීම සදහා ගොස් මාසයකට පමණ පසු නැවත මෙරටට පැමිණ නිවසට ගොස් ගිනි අවිය සොයා බැලීමේදී නිදන ඇඳෙහි ආරක්ෂිත ස්ථානයක සඟවා තිබූ මිලි මීටර් 9 වර්ගයේ ටැන්ගෝලියන් ගිනි අවිය සහ උණ්ඩ 10 කින් යුත් මැගසිනය කිසිවෙකු විසින් සොරා ගෙන බව දැන ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව අතුරුගිරිය පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ ගිනි අවිය තිබූ ස්ථානයේ සටහන්ව ඇති ඇඟිලි සලකුණු සහ අසල ප්‍රදේශවල සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ ලබා ගන්නා සාක්ෂි මත අදාල සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කළ බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිළධාරියෙකු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කොපමණ කොපමණ අපරික්ෂාකාරී කෙනෙක්ද? ඔබ ගිනිඅවියක් භාවිතා කිරීම අවසර තිබෙන ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම ඔබට බැංකු ලොකර් එකක් තිබිය යුතුය. එසේනම් ලොකර් එකේ දමා ගියානම් ඉවරයිනේ. අනික ඇඳ අස්සේ වටිනා කියන් දේවල් සඟවන්නේ අපේ සීයලාය නැතිනම් ආච්චිලාය.