‘ඉල්ලීම් නැත්නම් ව්‍යවස්ථාවට සහාය නෑ‘ - ටීඑන්ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය පළකරන්නේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් ත්‍රිත්වයක් ඊට ඇතුළත්ව ඇත්නම් පමණක් යැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. 09 October 2017
ශෂී වීරවංශගේ නඩු දෙක නොවැම්බර් 20ට කල් යයි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (9) තීරණය කළේය. 09 October 2017
තායිවාන අපරාධ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට තායිවානයේ බැංකුවක පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී එක්සත් ජනපද ඩොලර් මිලියන 60ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කිරීම සඳහා එරට අපරාධ විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ‘ෆෝකස් තායිවාන්’ පුවත් සේවය වාර්තා කරයි. 09 October 2017
ජනපති ගිය උත්සවය ආසන්නයෙන් ගිනි අවියක් සොයාගනී ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද(9) පමණ පොළොන්නරුව ඇතුමල්පිටියේ ලක්ෂ උයන කණිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරිමට පැමිණ එහි රැඳී සිටියදි පාසල ඉදිරිපිට නිවසක වෙඩි බෙහෙත් පුරවන ලද මෙරට ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් එය සොයා ගත් බව පොලිසිය පවසයි. 09 October 2017
නැතිවී ගිය සාගර කීර්තිය යළි ගෙනෙන බව රාජ්‍ය ඇමැති රුවන් කියයි වෙළෙඳාම හා සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර දියුණු කරමින් නැති වී ගිය සාගර කීර්තිය නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) කොළඹ දී පැවැසීය. 09 October 2017
ෆින්ලන්ත ව්‍යවසායන් වැඩිකර ගැනීමට අගමැති සාකච්ඡාවක ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සහයෝගීතාව තව තවත් පුළුල් කරලීම සඳහා ෆින්ලන්ත ව්‍යවසායන් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමටත්, ඒ ඔස්සේ දෙරට අතර සම්බන්ධතාවයන් ශක්තිමත් හා අර්ථවත් කරලීමටත් ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 October 2017
ලෝක ප්‍රමිති දිනය වෙනුවෙන් ජාතික තත්ත්ව සතියක් ලෝක ප්‍රමිති දිනය ලබන 14 වනදාට යෙදෙන බැවින් ඒ නිමිත්තෙන් 09 වනදා සිට ලබන 15 වනදා දක්වා ජාතික තත්ත්ව සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා අද(9) පැවසීය. 09 October 2017
වැටුප් පරිමා වෙනස අහෝසි නොකළොත් වර්ජනයක් සෞඛ්‍ය සේවයේ වැටුප් අභිබවා දුම්රිය සේවයේ වැටුප් වැඩි කෙරෙන චක්‍රලේඛය වහා අහෝසි නොකළහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. 09 October 2017
හිටපු අගවිනිසුරුගේ පෙත්සම නිෂ්ප්රභා කරන්නැයි ඉල්ලයි පළාත් පාලන ඡන්ද නොපැවැත්වීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ගොනු කොට ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභා කරන ලෙස නිතිපතිවරයා අද (9) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 09 October 2017
හොරෙන් ඉතාලි යන්න හැදු තුනකට ඇප ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටුනායක ගුවන්තොටුපලෙන් දෝහා කටාර් හරහා ඉතාලි රටට යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකුට එක් අයකු රුපියල් 10,000 ක බැගින් වු මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා අද (9) නියම කළේය. 09 October 2017
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උතුරේ උද්ඝෝෂණ දැනට අත්අඩංගුවේ පසුවන චෝදනා ලැබ හා නොලැබ සිටින සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව රජයට බල කරමින් අද (09) උතුරේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්විණි. 09 October 2017
ජනරාල් ජානක පෙරේරා ඝාතන නඩුවේ විත්තිකරු යළි රිමාන්ඩ් රුසියාවේ හිටපු තානාපති හා උතුරුමැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයින් 60 දෙනෙක්ට තුවාල සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන විත්තිකරු උමාර් හබිතාබි නොවැම්බර් 2 වැනි දා යළි දක්වා රිමාන්ඩ් කිරිමට 09 October 2017
නාමල් අද හම්බන්තොට පොලිසියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මහතාට හෙට (10) දිනයේ දී හම්බන්තොට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද හෙට (10) අළුත්කඩේ උසාවියේ නඩුවක් ඇති බව පවසා ඔහු අද (9) හම්බන්තොට පොලිසියට පැමිණියේය. 09 October 2017
අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණැයි රිමාන්ඩ් කර සිටින අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අක්මීමන දයාරතන හිමි ඔක්තෝබර් 10 වැනි දා රිමාන්ඩ් කළේය. 09 October 2017
‘දේශපාලන සිරකරුවන් වහා සමාජගත කළ යුතුයි’ - ටිල්වින් මෙතෙක් කාලයක් සිරගතව සිටි දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කොට සමාජගත කළ යුතු බවටත් නව ව්‍යවස්ථාවට අභියෝග මැද වුවත් සහය දක්වන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේ දී පැවසීය. 09 October 2017
අතුරුදන් පනත ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත සාර්ථකව නීති ගත කිරීමට නායකත්වය දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. 08 October 2017
2018 ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3982ක් 2018 මුදල් වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත හෙට (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසිනි. 08 October 2017
තායිවාන බැංකුවකින් සොරාගත් කෝටි 11ක් ලංකාවට තායිවානයේ බැංකුවක පරිගණකවලට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරීමට ජාත්‍යන්තර අපරාධකරුවන් පිරිසකට උපකාර කළැයි කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 08 October 2017
උද්ඝෝෂණය ගැන ප්‍රශ්න කරන්න තිදෙනකු කැඳවයි අධිකරණ නියෝග නොතකා හම්බන්තොට උද්ඝෝෂණ පැවැත්වීමට මුලිකත්වය ගෙන කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරුන් හෙට (10) හම්බන්තොට මුලස්ථාන පොලිසියට කැඳවා ඇත. 08 October 2017
බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ. 08 October 2017
නිධාන් ගන්න ගිය පහක් සැකපිට සාලියවැව නීලබැම්ම දකුණු ඉවුරේ විදුලිය වැටට සමීපයේ පිහිටි ඉඩමක නිධන් හෑරීමට සූදානම් වූ බව කියන පුද්ගලයන් පස්දෙනකු ඊට අදාළ ද්‍රව්‍ය හා උපකරණ තොගයක් හා වෑන් රථයක්ද සමග අද (8) දින සැකපිට අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි. 08 October 2017
බදුරලියේ අනතුරකින් දෙදෙනෙක් මරුට - 10කට තුවාල බදුරලිය කලවාන මාර්ගයේ අද සවස සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 08 October 2017
ට්රැක්ටරය පෙරළී 17 හැවිරිදි සිසුවා මරුට පස් පිරවූ ට්‍රැක්ටරයක් පෙරළීමෙන් එය පැදවූ මින්නේරිය පුරාණගම රත්මලේ ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවකු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි 08 October 2017
වෛද්‍යවරුන්ගෙන් වර්ජනයක් ගැන තවත් අනතුරු ඇඟවීමක් පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව සම්බන්ධ ගැටළුවලට සඳුදා වන විට විසඳුමක් නොලැබුණහොත් අඟහරුවාදා(10) වැඩ වර්නජයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි. 08 October 2017
හම්බන්තොට විරෝධතාකරුවන් ගැනත් පරීක්ෂණයක් අධිකරණයේ තහනම් නියෝග උල්ලංඝනය කරමින් හම්බන්තොට දී විරෝධතාවයේ නිරත වු පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 08 October 2017
‘වගා කරන්න එන්න’යි දුමින්ද හිටපු ජනපතිවරුන්ගෙන් ඉල්ලයි විශ්‍රාම කාලයත් රට වෙනුවෙන් වැය කිරීම සඳහා මෙම වගා සංග්‍රාමය සමග එකතු වන්නැයි විශ්‍රාම සුව විඳින රාජ්‍ය නායකයින් දෙපළගෙන් ද ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 08 October 2017
හම්බන්තොටදී පහර කෑ තරුණයා මාතර රෝහලේ හම්බන්තොට විරෝධතාවයේදී හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාගේ පහර කෑමට ලක් වු තරුණයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාතර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. 08 October 2017
‘හම්බන්තොට ප්‍රහාරයට එරෙහිව නඩු දමනවා‘ හම්බන්තොට විරෝධතාවට එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිළි කිරීමට සහ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 08 October 2017
හෙරොයින් සමග උගන්ඩාවේ කතක් සැකපිට රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 43 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක කටුනායක ගුවන් තොටුපොළේ දී අද (08) අත්අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ධර්මසේන කහදව මහතා පැවසීය 08 October 2017
තරුණයාට පහර දුන් ඒඑස්පී ගැන වාර්තාවක් ඉල්ලයි හම්බන්තොට විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් තරුණයකුට හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා ප්‍රසිද්ධියේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත. 08 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026