රංජන් කස්තුරි
විදේශ සංචාරකයින් මෙරට දී මිලදී ගන්නා භාණ්ඩ සඳහා අයකළ වැට්බදු ඔවුන්ට නැවත ගෙවීම හෙට (11) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
විදේශ සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කමිටුවක් කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ දී හෙට සිට විවෘතව තැබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
සංචාරකයින් වඩ වඩාත් මෙරටට ආකර්ෂණය කර ගනිමින් ශ්‍රී ලංකාව ආසියාවේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරිමේ පියවරක් ලෙස විදේශිකයින්ගෙන් ලබාගන්නා වැට්බදු නැවත ඔවුන්ට ලබාදීම 2018 අයවැය මගින් යෝජනා කර තිබිණි.
එසේම සංචාරකයින් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ මිලදී ගැනීමට නැඹුරුවීම තුළින් භාණ්ඩ සපයන ආයතන දියුණුවන අතර රටට විදේශ විනිමය ලැබෙන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
වැට්බදු ආපසු ගෙවීමේ ක්‍රමයට ඇතුළත් විම සඳහා වෙළඳ ආයතන හිමිකරුවන් 18 දෙනකු දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක හොඳයි... තවත් රස්තියාදු නොකර විකුණන ස්ථානයෙන්ම බදු අඩුකර විකුණනවා නම් හොඳයි. සිංගප්පූරුවේදී මම මිලටගත් සපත්තුවලට බදු අඩුකර මුදල් අයකළා. හැබැයි එයට ක්‍රමවේදයක් තිබෙනවා..
මේ රටේ ඉන්න හොරුන්ව කොමිස් කාක්කන්ව දූෂකයන්ව තමන්ගේ මුදලින් නඩත්තු කරන්න අපි කැමති උනාට සංචාරකයෝ කැමති නැතිබව..... මුදල් ඇමතිවරයාට කල්පනා වෙන්න ඇති මගේ හිතේ
ඔව් ඔව් ඉතින් රට සංවර්ධනයේ හිනි පෙත්තටම ඇවිල්ලා රටේ මිනිස්සුන්ට හතර මහා නිධානෙ පහළ වෙලානේ... එ්ක නිසා කමක් නෑ.
වැඩේ හොඳයි. නමුත් හරියට කෙරෙන්න නම් බිල්පත් නිකුත් කිරීමේදී අයකරන විටෙක ඇතුළු බිල්පතේ විස්තර ගුවන් තොටුපලේදී යළිත් පරීක්ෂා කළ හැකි වන ලෙස ඒකාබද්ධ බිල්පත් සංකේත ක්‍රමයක් සහිත දත්ත පද්ධතියක් ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. ඔය කියන ගුවන් තොටුපොල කමිටුවට එම දත්ත පද්ධතියට ඇතුළුවීමේ අවකාශ නැතිනම් අවසානය වෙන්නේ මහාපරිමාණ වංචා සහ දූෂණවලට මුහුණ දීමටයි. රටපුරා වයිෆයි කලාප පවා ඇති මෙවැනි අවධියක අන්තර්ජාලගත බිල්පත් නිකුත් කිරීමේ පද්ධතියක් බිහිකිරීමෙන් ජාතික බදු අයකිරීමත් පහසුවෙනවා. මෙයට වසර විස්සකට පමණ පෙරත් නෙදර්ලන්තයේ අම්ස්ටෙර්ඩම් ගුවන් තොටුපොල හරහා යන විදේශිකයින් මේ විදියට බිල්පත ඉදිරිපත් කිරීමෙන් පාරිභෝගික බදු මුදල් ආපසු ලබාගෙන තිබෙනවා. ඒ නිසා විසි වසරක් ප්‍රමාද වී හෝ කරන දේ ඉහළම තාක්ෂණය යොදා හරියට කරන්න තවත් අවුරුදු විස්සකට සරිලන විදියට. ඒ සඳහා විශාල මුදලක් යෙදවීමට වුණත් දීර්ඝ කාලීනව ලැබෙන ප්රතිලාභ අති මහත්ය.
ලංකාව මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තරම් කාර්යක්ෂම සහ දූෂණයෙන් තොර රටක් නොවේ. අන්තිමට එන එකත් බැණ බැණ යන තත්වයක් ඇතිවීමට බෝහෝ දුරට ඉඩ තිබේ.
ඉතා කාලෝචිත අදහසක්...
අනිවාර්යයෙන්ම ඕක ගෙවන්න ගුවන් තොටුපලේ කවුන්ටර් 20 විතර හදලා අලුතෙන් 150 ක විතර සේවක මණ්ඩලයක් පත්කරගන්න වෙනවා. මොකද පැය 24 ම ආවරණය වන විදිහට ශිෆ්ට් එකට වැඩ කරන්න ඕනේ. නිවාඩු දෙන්න ඕනේ. අපි දන්නවනේ අපේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය, නැතිනම් ඔතන 200-300ක විතර පෝලිමක් හැදේවි ඕක ගන්න ඕනේ නම් පැය 5 කට විතරවත් කලින් ගුවන් තොටුපලට යන්න වේවි. ඕකෙන් වෙන්නේ දුෂිත නිලධාරීන්ට හොරකම් කරන්න තවත් අවස්ථාවක් ලැබෙන එක. මතකනේ වැට් බදු වංචාව, දැන් ඉන්න ගුවන්තොටුපල් සේවකයෝ සංචාරකයෝ පසුපස යුරෝ, ඩොලර් හිඟමනේ යනවා, ඊට පස්සේ බිල් ඉල්ලමින් පස්සෙන් යාවි, අනේ ඕව බොරුවට තව අවුල් කරන්න එපා, පුලුවන්නම් භාණ්ඩ මිලදී ගන්න කොටම සංචාරකයාගේ වැට් බද්ද අඩු කර බිල්පත නිකුත් කරන්න.