( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පැවසුවාය.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයේදී සාමාජික රටවල් අමතමින් සිදු කළ පළමු කතාවේදි ඇය මේ බව ප්‍රකාශ කර කර ඇත.
මානව හිමිකම් කවුන්සිලයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිෂෙල් බැලේ මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ සංක්‍රමණික යුක්ති ධර්මය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරින් ඉතා සෙමින් ක්‍රියාත්මක වන බවය.
එබැවින් ශ්‍රි ලංකාව තුළ දිගුකාලීන ස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා බලධාරින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ඇය එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සහ එහි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සැහීමකට පත් වන බව මිෂෙල් බෂෙල්ට් මහත්මිය පවසයි.
මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහ සභා ලබන 28 වැනිදා තෙක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඊට සහභාගී වනු ඇත.මිට අමතරව සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින්ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් එකවර වාර්තා දෙකක් ඉදරිපත් වීම මෙවර සැසියේ සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග කියා සිටී.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ මෙම විශේෂ වාර්තා දෙක සැසිය ආරම්භක සතියේදීම සභාගත වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් මෙසේ දඩුවම් දීල තියෙන්නේ අහිංසක මිනිසුන්ට වෙන්න ඇති. එතකොට මේ අහිංසක මිනිසුන් නිසා අගතියට පත්වෙච්ච පවුල් ,දු දරුවන් අම්මල තාත්තලා ගැන කනාගාටු වෙන්න "එක්සත් "නොවේ "බෙදුණු ජාතීන්ගේ සංවිධානයක්වත් නැහැ .... මේ තමයි පොඩි රටවල් විනාශ කරන බලවේග.....
අපේ රටේ මරණීය දණ්ඩනය ගැන ඔහෙලා කලබල වෙන්න එපා. රටට එපා එපා වූ අයටනේ මේ දඩුවම දෙන්නේ. පළමුව කුඩු කාරයින් දෙවනුව තුන්වෙනුව කවුරු ගස්යාවිද දන්නේ නැත. වැඩේ සම්පූර්ණ වන්නේ දේශපාලකයන් ගස්ගිය දාටය.
ලංකාවේ ඉතිහාසයේ එල්ලුම් ගසට නියම වුවන් ගැන සොයා බැලුවොත් පෙනෙන දෙයක් නම්, ඒ අය බොහෝ දෙනා දුප්පත් පරිසරයකින් පැමිණි අය බවකි. එයින් අදහස් වන්නේ පොහොසත් අය අපරාධ නොකරන අය බවද? එසේත් නැත්නම් මුදල් ඇති අය නීතිය තමන්ගේ වාසියට නමා ගන්නා බවක්ද? මා සිතන්නේ බොහෝවිට සිදුවන්නේ දෙවනුව සඳහන් කල දෙයයි. එම නිසා, රටේ නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වන තෙක්, ලංකාවට මරණ දඬුවම සුදුසු නැත.