(සුජිත් හේවාජූලිගේ)
දුම්රියෙහි ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම ඇතුළු වැරදිවලට අය කෙරුණු දඩ මුදල් මගින් ගිය වසරේදී රුපියල් කෝටියකට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන්කර පසුගිය වසරේදී හසු වූ පුද්ගලයින් සංඛ්‍යාව 1333කි. මොවුන්ට නියම කෙරුණු දඩ මුදල් මගින් දෙපාර්තමේන්තුව උපයා ගෙන ඇති ආදායම රුපියල් හතළිස් එක් ලක්ෂ පනස් හතර දහස් හැට දෙකකි.
ප්‍රවේශ පත්‍රයට අදාළ නැති වෙනත් පන්තිවල ගමන් කර හසු වූ 292 දෙනකු වෙනුවෙන් නියම කෙරුණු දඩ මුදල් මගින් රුපියල් නව ලක්ෂ දොළොස් දහස් නවසිය අනූ දෙකක් උපයාගෙන ඇතැයි ද දෙපාර්තමේන්තුව කියයි.
මෙයට අමතරව දුම්රිය ගේට්ටු හා වෙනත් දේපළවලට හානි කිරීම් සම්බන්ධයෙන් රුපියල් විසි එක් ලක්ෂ හතලිස් නව දහස් දෙසිය අසූ නවයක මුදලක් ද අධි බර ප්‍රවාහනය සම්බන්ධයෙන් රුපියල් 17, 500ක මුදලක් ද වෙනත් දඩ මගින් රුපියල් එකොළොස් ලක්ෂ අනූ දහස් හයසිය දහසක මුදලක් ද උපයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අයකරගත්තු දඩ මුදල් රියැදුරන්ගේ පඩි හා අතිකාල දීමනා පමණක්වත් ගෙවන්න ඇතිද?
මේක අහපු මගේ ආච්චි කියනවා මේ සල්ලි වලින් කෝච්චි තුන හතරක්වත් ගේන්න පුළුවන් නේද කියලා. අනේ මන්දා එහෙන් ගෙන්නන කෝච්චියක වටිනාකම කීයද කියලා.
මේක ඇවිල්ලා ලැජ්ජ වෙන්න ඕන දෙයක් . වැරදි වලින් සල්ලි හොයල පාරම් බානවා.
පව් මේ මිනිසුන්ගේ සල්ලි......මේ මිනිස්සු හොරට නෙවෙයි යන්නේ... නැතිබැරි කමට....දඩ නොවේ හොයන්න ඕන ඒ මිනිස්සු ටිකට් ගන්නේ නැත්තේ ඇයි කියලා......
කොච්චි දුවන්නේ තෙල් වලින් රට දුවන්නේ බදු හා දඩ වලින්