(නිමල කොඩිතුවක්කු)
සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමේදී මුදල් අය කර ගැනිම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පවසමින් සයිටම් සිසුහු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපිට අද(10) නිහඬ විරෝධතාවයක නිරත වුහ.
එක් එක් සිසුන්ට පෞද්ගලිකව ඇති ගැටලූ සදහන් කරමින් වෙන වෙනම ලියූ ලිපි සදහන් ලේඛනයක්ද එහිදි සිසුන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන්හ.
සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමේදි වසරකට ලක්ෂ 14ක පමණ මුදලක් ගෙවිමට සිදුවන බවත් සයිටම් ආයතනය සදහා මුදල් ලබා දි ඇති බැවින් යළි මුදල් ලබාදීම ගැටලූවක් වී ඇති බවද එම සිසුහු සදහන් කරති.
මේ හේතුවෙන් සයිටම් ආයතනයට සම්පූර්න පාඨමාළාව ගෙවා අවසන් කර ඇති සිසුන්, සයිටම් ආයතනය මගින් ශිෂ්‍යත්ව ලබා දුන් සිසුන් සහ රජය මගින් ශිෂ්‍යත්ව ලබා දුන් සිසුන් මේ දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
විරෝධතාකරුවන් ගාලූ මුවදොර පිටියේ සිට විරෝධතා පා ගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපටට පැමිණ විරෝධතාවයේ නිරත විය.
‘‘විජයදාස ඇමතිතුමනි විසදුම් අසාර්තකයි’’, ‘‘සයිටම් සිසුන් කබලෙන් ලිපට’’, ගාස්තු ගෙවා අවසන් තව ඉල්ලන්නේ ඇයි?’’, ආදී විරෝධතා පුවරු රැගෙන සිසූහු විරෝධතාවයේ නිරත වුහ.
තම ගැටලූ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්චා කිරිමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම සිසුන් එහිදි ඉල්ලා සිටියේය.
සිය ගැටලූ සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සදහා සිසුන් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීමට ආරකෂක අංශ මැදිහත්වී අවස්ථාව සළසා දුන්හ.



( ඡායාරූප- ඉෂාන් සංජීව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තරම් කෙනෙකුගේ අධ්‍යාපනයට ඊර්ෂ්‍යා කරන, අකුල් හෙලන රටක් මුළු ලෝකෙම නැතුව ඇති...
ඔයාලට සල්ලි තියෙනවා. ඇයි ඔයාලා ඉගෙන ගන්නේ? දුප්පත් ළමයින්ගේ අවස්ථා උදුරා ගන්න එපා. දුප්පතුන්ට රස්සාවක් කරලා හැදෙන්න දෙන්න. ඔබලාට ගෙදර ඉඳන් ජීවත්වෙන්න ක්‍රම තියෙනවනේ...
ගාස්තු ගෙව්වේ නෙවිල් මුදලාලිටනේ.. පාරවල් අවහිර නොකර ඒ උන්දැගෙන් බැලන්ස් එක ඉල්ල ගන්නයි තියෙන්නේ...
ගාස්තු (ගෙවලා) සහිතවනේ ඉගෙනගන්න ගියේ... ඉතින් ඇයි විරෝධතා? නොමිලේ ඉගෙනගන්න ගිය අයගෙන් මුදල් ගත්තනම් විරෝධතා සාධාරණයි. පටු දේශපාලකයන්ගේ අතකොලු නොවී තමන්ගේ කොටස හරියට කරන්න. නැතිනම් අන්තරේට එකතුවෙලා විරෝධතා කරන්න.
ඒ ගමන මේ ගොල්ලොත් පිනට ඉගෙන ගන්න හදනවා ... සල්ලි ගන්නමයි තියෙන්නේ
සයිට්ම් එකට කෝටි එක හමාරක් ගෙවන්න සල්ලි තිබුනනම් මේකේ ලක්ෂ 14 ගෙවන්න බැරි වෙන්න මොකද?